සෞඛ්‍ය අමාත්‍යාංශය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ නියමිත කාලය දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව රජය මෙතෙක් තීරණය කර නොමැති බවයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය මධ්‍යයේ රට වසා දමන ලෙස විවිධ පාර්ශවවලින් කෙරෙන ඉල්ලීම් හේතුවෙන් 21 වනදා සිට 30 වනදා දක්වා හුදෙකලා ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට රජය පසුගිය 20 වනදා තීරණය කර තිබුණි.

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් -19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් වෙද්දී එහි සිටින විසිදෙනකු තලේබාන් පාලනය යටතේ එරටම රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000සේ දීමනාව අද (23) දිනයේ සිට ලබාදීමට නියමිතයි.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන මෙරටට රැගෙනවිත් තිබේනවා .කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙනවිත් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇමරිකාවේ,ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සැප්තැම්බර් 11 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එම ගොඩනැගිල්ලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය සමාගමක විධායකයින්ට සහ සේවකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමට ආරාධනාවක් කෙරිණි.

මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීති තත්වය නිසා එක් දිනකදී දළ ජාතික නිශ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15 කින් පමණ අහිමි වන බවත් රට වසාදමන කාලසීමාව අඩුකර ගැනීමට කටයුතු නොකළහොත් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

පවතින වසංගතය හමුවේ රට මුහුණ පා ඇති බරපතල ආර්ථික කඩා වැටීම් හේතුවෙන් තම වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

Connet With Us