රට වසා තැබීම සාමුහික දිවි නසා ගැනීමක් Featured

Monday, 23 August 2021 21:24

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන්නේ පවතින මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම එන්නත්කරණය පමණක් නොවන නමුත් වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබාදීමට වඩා අවුරුදු 60ට වැඩි කණ්ඩාමට එන්නත් ලබාදීම වැදගත් බවත්ය.

එසේම වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ පිළිබදව මෙවන් අදහසක් පළ කර ඇත.

''එන්නත්කරණ මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම නෙමෙයි. ඉක්මනින් වැඩි ප්‍රතිශතයකට දෙන්න ගිහින් තමයි ඇත්තටම මේ අත්‍යාවශ්‍යම අය අවුරුදු 60ට වඩා වැඩි කණ්ඩායම අපිට මගහැරුණේ. ඒ නිසා තමයි මේ මියයමින් ඉන්නේ. මේ එන්නත් ක්‍රියාවලියෙන් පමණක් ‌මේ රෝගීන් වැඩිවීම නවත්වන්න බැහැ. මේ තත්ත්වය පාලනය කරන්න සංචරණ සීමා අවශ්‍ය වෙනවාමයි. මේ ර‌ටේ වසංගත රෝග විද්‍යා අංශයේ අවුරුදු 21ක් සේවය කළ රාජ්‍ය සේවකයෙක් හැටියට මම ඉල්ලන්නේ මේ සංචරණ සීමා කාලය අඩුම තරමින් තව දින 10ක් දීර්ඝ කරන්න වෙයි කියලා''

සෞඛ්‍ය අංශයේ අනෙක් ප්‍රධානින් බහුතරයක් දෙනාද තව දුරටත් ඉල්ලා සිටින්නේ රට වසා දැමුණු කාලය තවත් දීර්ඝ කරන ලෙසය. එම ඉල්ලීම තුළ අසාධාරණයක් නොමැත. එහෙත් සෞඛ්‍ය සේවා ප්‍රධානින් මෙම වසංගතයේදී ක්‍රියා කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නිරෝගීව පවත්වාගෙන යාම ගැන පමණක් සිතාය. රටේ අනෙකුත් සියලු අංශ අත්හැර අදහස් පළකරන ඔවුන් මේ මොහොත ගැන පමණක් සිතා රජයෙන් ඉල්ලීම් කරමින් සිටින්නේය. එහෙත් රටක ජනාධිපතිවරයෙකුට සෞඛ්‍ය අංශය ගැන හෝ කුමන හෝ එක් අංශයක් ගැන පමණක් සිතා තීන්දු තීරණ ගත නොහැක. පසුගියදා ජාතිය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේද එම යථාර්තයයි.

එහෙත් මේ ව්‍යසනය තුළ රටක ජනාධිපතිවරයෙකුට පුරවැසියා වෙනුවෙන් කළ හැකි ඉහළම දේ මේ වනවිටත් වත්මන් ජනපති සිදු කරමින් සිටින්නේය. මෙම වසංගතය අවම කළ හැකි යැයි ලෝකයම පිළිගත් එන්නත්කරණය මේ වන විට අප ශ්‍රී ලංකාව තුළ ඉතාම ක්‍රමානුකුලව ඉලක්කයන්ද පසුකරමින් ඉතා වේගවත්ව එම වැඩපිළිවෙල ඉදිරියට ඇදෙමින් ඇත. මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් ලෙස පක්ෂ පාට බේදයකින් තොරව ඔබට එය අගය කළ හැකි විය යුතුය.

පසුගියදා රට වැසීමෙන් මේ වන විටත් රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ලවෙමින් තිබේ. ඒ පිළිබදව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා පවතී මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුනේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවන නිසා අගුළුදැමීම් හැකිතරම් කෙටිකිරීමට කටයුතු කළයුතු බවයි .

“මේ වගේ තත්ත්වයක් ඇති වුණහම රටේ වර්ධන වේගයට, රටේ දළ දේශීය නිෂ්පාදිතයට යම් බලපෑමක් එල්ල වෙනවා. රට වැසීම මගින් ඇතිවන පාඩුව අවම කර ගැනීමට නම් අපි පුළුවන් තරම් ඉක්මණින් රට යථා තත්ත්වයකට ගෙන එන්න ඕනේ.’ යැයි ඇමැතිවරයා සදහන් කර ඇත.

සෞඛ්‍ය අංශ ප්‍රධානින් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් රට වැසීම දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළද එය කොපමණ කාලයකට යටත් දැයි ඔවුන්ටද නිශ්චිත අවබෝධයක් නොමැත. රටක අගුළු තද කරගනිමින් රටක් ඉදිරියට ගෙන යාමට අපහසු බව ඒ සියලු පාර්ශ්වයන් වටහා ගත යුතුව ඇත. අද එය ලෝක යථාර්ථයක් ලෙස තහවුරුව තිබෙන්නක්. රටක් වසාගෙන සිටීම ආර්ථික, සාමාජීය මෙන්ම දේශපාලනිකවද රට අර්බුදයන් කරා ගෙනයනු ඇත. ඒවායේ ප්‍රතිපළ තවත් දශක ගනනාවකට රට ආපස්සට ඇද දැමීම පමණක් වෙනු ඇත. එහෙත් අපට අවශ්‍ය වන්නේ ඉදිරිගාමී සංවර්ධිත රටකි. කුටුම්බ මත හිද එය සිදුකළ නොහැක. මේ අභියෝගය ජය ගැනීමෙ වැඩි බර ඇත්තේ පුරවැසියා සතුවය.

මේ මොහොතේ සිදු විය යුත්තේ පුරවැසියා තුල ස්වයං විනයක් ගොඩනගා ගැනීමය. අපට තවත් දීර්ඝ කාලයක් මේ වෛරසය සමඟ ජීවත් වීමට සිදුවීම අනිවාර්යයකි. මෙම වසංගතයේ කොටස් කරුවෙකු නොවීමට පුරවැසියා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත.
ප්‍රතිශක්ති එන්නත ලබාගැනීම ඒ ලබා ගත් අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට යම් පමණකට ප්‍රමාණවත් වන විසඳුමක් පමණි. වසංගත අවදානම ඉන් ඉවත්වන්නේ නැත. මේ නිසා පුරවැසියාගේ එක් වගකීම් විරහිත ක්‍රියාවක් තවත් ජිවිත ගණනාවක් අනතුරේ හෙලීමට ප්‍රමාණවත් බව සෑම විටම අවබෝධ කර ගත යුතුව ඇත. වගකීම් සහගත රටක් ගොඩනැගෙන්නේ පාලකයන් මතින් නොව තනි පුද්ගලයන් මතින් බව වටහා ගත් දිනෙක ඔබටත් මටත් මේ වසංගතයෙන් දුරස්විය හැකිය.

එහෙත් තවදුරටත් රට වසා තැබීමෙන් වන්නේ සාමුහික දිවි නසා ගැනීමක් විය හැකිය.

-පංචාලි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us