ජනාධිපති ගත්තේ හොඳම තීන්දුව... Featured

Saturday, 21 August 2021 22:35

ඇමරිකාවේ,ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සැප්තැම්බර් 11 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එම ගොඩනැගිල්ලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය සමාගමක විධායකයින්ට සහ සේවකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමට ආරාධනාවක් කෙරිණි.

එහිදී වැඩිපුර කියැවුණේ මිනිසුන්ගේ දිවි බේරුණේ කාර්යයාලයට පැමිණිම ප්‍රමාද විම නිසා බවත් ,ඒවා ඉතාම සුළු හේතූන් නිසා බවත්ය.

- සමාගමේ අධ්‍යක්‍ෂකවරයා ප්‍රමාද වූයේ ඔහුගේ පුතාගේ පළමුවරට පාසලට ඇතුළත් කිරීමේ දිනය වූ බැවිනි.
- උදේ අවදිවන්න තැබු එලාම් එක නියමිත වේලාවට නාද නොවීම නිසා කාන්තාවක් ප්‍රමාද විය.
-රිය අනතුරක් සිදු වූ ස්ථානයේ සිරවී සිටි නිසා එක් අයෙකු ප්‍රමාද විය.
- දිවි ගලවා ගත් තවත් අයෙකුට බසය මග හැරුණි;
- එක් අයෙකුට ඔහුගේ කාරය සම්බන්ධව ගැටළුවක් ඇතිවීය;
- දුරකථනයට පිළිතුරු දීමට තවත් අයෙක් කාර්යාලයෙන් පිටතට පැමිණියේය;
- තවත් කෙනෙකු එදා දවසේ ඒ මොහොතේ දරුවෙකු බිහිකරමින් රෝහලේ.
- තවත් කෙනෙකුට ටැක්සියක් ලැබුණේ නැත.
- නමුත් වඩාත්ම සිත් ගත් කතාව නම්, එදින උදෑසන අලුත් සපත්තු යුගලයක් පැළඳ සිටි පුද්ගලයෙකුගේ වන අතර, ඔහු වැඩට යාමට පෙර අලුත් සපත්තුව නිසා කකුල කැපි ප්ලාස්ටරයක් ගැනිමට ෆාමසියට යෑම නිසා ඔහු අද ජීවතුන් අතර සිටී.

බලාපොරොත්තු කඩවිම් වගේම කලකිරීමක් ඇති වන විටදී ප්‍රමාදයන් අනපේක්‍ෂිත ලෙස ඇතිවන විටදී ඔබ මුලින්ම සිතිය යුත්තේ, තමන් මේ වේලාවේ සිටිය යුතු නිශ්චිතම ස්ථානය මේ මොහොතේ තමන් සිටින තැනය..,තමන් සිටින්නේ නිවැරදි ස්ථානයේය ... නිවැරදි වේලාවේදීය... යනුවෙනි. (උපුටා ගැනීමකි)

අප ජීවත් වන ශ්‍රී ලංකාව මේ මොහොත ගත කරමින් සිටීන්නේ ඉතිහාසයේ අසීරුතම අවධියක් පසුකරමින්ය. පසුගිය කාල වකවානුවේහි රට මුහුණ දුන් අභියෝග, ඛේදවාචක, ජයග්‍රහණ ආදිය ගැන බොහෝ කියැවීම් තිබුණත් අද රට තිබෙන තැන ඒ අනුව ඒවා වෙනස් වන්නෙ නැත.. එදා යමක් සිදුවූවා නම් එය සිදු වූයේ ඒ මොහොතේ පැවැති වාතාවරණයන්ට සාපේක්ෂවය. ඒවා වෙනස් විය යුතුව තිබුණා නම් ඒවා වෙනස් වන්නේ ඒ මොහොතේ ගන්න ලද තීන්දු තීරණ අනුවය. අද අපට, 'ඒක එසේ නොවී මෙසේ වූවානම් මෙහෙම වෙනවා..' කියා කිව හැකි වූවත් සියල්ල සිදු වූයේ ඒ මොහොතේ තත්වයන් අනුවය.

අද අප කොරොනා වසංගතය නිසා දැඩි පීඩාවකට පත්ව සිටිමු. එයින් රට ගලවා ගැනීම වෙනුවෙන් ගත් පියවරයන්ගේ සාර්ථක අසාර්ථක තත්වයන් අප අත්වින්දා. අදත් අතීත අත්දැකීම් පාඩමකට ගෙන යම් යම් පියවරයන් ගනිමින් ද සිටිනවා. එවා සාර්ථක වෙනවාද? අසාර්ථක වෙනවාද? යන්න තීරණය වෙන්නේ අනාගතයේ දීය . එහෙත් මේ මොහොතේ අප ගන්නේ, ගතයුතු, ගතහැකි ලෙස අවසානයකට පැමිණි තීරණයන්ය. එනම් අප ඉන්නේ නිවැරදි තැනය.

ශ්‍රි ලංකාවේ මේ මොහොතේ ජිවත්වන පුරවැසියන් ලෙස ඔබ අප සියල්ලන්ම එසේ සිතීම මේ මොහොතේ වැදගත්ය. ශ්‍රී ලංකා දේශපාලනය කියන්නේ දෙපැත්තට කරන මහා කඹ ඇදිල්ලකි. එහෙත් ඊයේ දිනයේ කඹය ලිහිල් කර ජයග්‍රහණයක් බුක්ති විදීමට අනෙක් පාර්ශ්වයට ඉඩ ලබාදීමට වත්මන් ජනපති නම්‍යශීලි තීන්දුවක් ගත්තාය .

රටෙහි පවතින වසංගතයේ දැඩි අර්බුදකාරිත්වය හේතුවෙන් රටේ සැළකිය යුතු තරමින් ආයතන හා විශේෂඥ මට්ටමින් පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය ජනතාව රට වැසීම ගැන විවිධ මත දරන්නට විය .ඇතැම් පිරිසක් තමන්ට අවංකව හැඟෙන පරිදි අදහස් ප්‍රකාශ කළ අතර රටේ තවත් පාර්ශ්වයන් මේ මොහොතත් පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදාගනිමින් දිගින් දිගටම ආණ්ඩුවට දැඩිව බලපෑම් කරන තැනට පත්විය . එසේම එම පාර්ශ්ව විසින් එල්ල කරන ලද ප්‍රකාශයන් හා ක්‍රියාමාර්ග ආණ්ඩුවේ පැවැත්මට දරුණු ලෙස බලපෑමක් වන තැනටද පත් විය . එහෙත් රට වැසීමේදී සිදුවන ආර්ථිකමය කඩාවැටීම් පිළිබදව කොතෙක් කරුණු පැහැදිලි කිරීම් කළද එම පාර්ශ්වයන්ට ඔවුන්ගේ මත වෙනස් කිරීමට පුළුවන්කමක් තිබුණේ නැත.

අවසාන්යේ ඊයේ දිනයේදී ලාංකීය ජනතාවට අලුත් බලාපොරොත්තු දල්වලමින් හෝ ඛේදවාචකයක් හෝ ඉතිරි කරමින් ලංකාව වැසීමට තීරණය කෙරිණි . ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා විනාඩි 17ක තරම් ඉතාම සුළු වේලාවක් තුළ ජාතිය අමතමින් තම රජය අඩියක් පිටුපසට ගැනීම ගැන ඉතා බැරෑරුම් ලෙස ඉතාම සංශික්ප්තව සිය මතය පැහැදිලි කිරීමක් සිදුකර සිටියා . ජනාධිපතිවරයා එහිදී ඉතා පැහැදිළිව ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයෙකුට රටෙහි එක් අංශයක් ගැන පමණක් සිතා තීන්දු තීරණ ගැනීමට ඇති නොහැකියාව ගැනයි . ඒවගේම එවන් තීරණයකට එකඟ වෙද්දී රටකට පත්වන ඉරණම ගැන අනතුරු හැඟවීමක්ද ජනපතිගේ කතාව තුළින් ගම්‍ය විය .

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රටේ ආර්ථිකයට දරුණුතම පහරක් එල්ල වී ඇති අවධියක, රටක ජනාධිපතිවරයෙක් ගන්නා ඉතා කටුකම, දුෂ්කරම තීන්දුව ඊයේ දිනයේ ශ්‍රීලංකා ජනාධිපතිවරයා ගනු ලැබූ බව මා විශ්වාස කරමි. ජනපතිවරයාගේ ඒම කතාව තුළ ඉතා සංවේදී කාරණා කිහිපයක් ගැන, ඉතා සියුම් ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන්ම ප්‍රශ්ණ කළ තැන් තිබුණි . එම කාරණා දේශපාලන කඹ ඇදිලි පසෙක දමා ජාතියක්, රටක් වෙනුවෙන්, පුරවැසියාට හිතන්නට පුලුවන්නම් ඒවා ඔබටවත් මටවත් උත්තර නොමැති ප්‍රශ්න වෙනවා නිසැකයැයි මා පවසමි.

ජනාධිපතිවරයා අවසානයට කියා සිටියේ ''රට දීර්ඝ කාලයක් වසා දැමීමට සිදුවුවහොත් සියලු දෙනා කැපකිරීම කිරීමට සුදානම් වන්න'' කියාය. දැන් ඔබ සිතිය යුත්තේ ප්‍රයෝගිකව හෙට දිනයේ ඔබටවත් මටවත් ඒ කැපකිරීම කොතෙක් දරන්නට හැකි වේදැයි යන්නය. නමුත් ඔබ මතකයේ රදවා ගත යුත්තේ ඊයේ දිනයේදී ගත් තීන්දුව, ඊයේ දිනය වන විට තිබු සියළු තත්වයන් සළකා බලා ඒ මත ගැනීමට සිදුවූ අවසන් තීන්දුව බවයි. එය ඒ මොහොතේ ගත හැකිව තිබු නිවැරදිම නැතිනම් හොඳම තීන්දුව බව අප විශ්වාස කරමු. එහි ප්‍රතිපළය අනාගතයේදී දකිමු...

-පංචාලි

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us