එන්න අපි මිලිටරීකරණය වූ ශ්‍රී ලංකාවට ආදරය කරමු ! Featured

Friday, 20 August 2021 15:02

ඊයේ දින (19) රෝහල් ගත වූ කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකාවේ කොවිඩ් වෛරසය වැළදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 318,714ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 318,714ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල , ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ඇතුළු සේවාවන්ගේ දැඩි කැපවීම උත්සාහය මතින්ය. එසේම වසංගතයක් මොහොතක දේශපාලනික වුවමණාවන් පසෙකට දමා ඉන් එහාට ගොස් මුළුමහත් රටේන්ම මෙම වසංගතය තුරන් කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීය බව කිව යුතුය.

ඊයේ දින සෞඛ්‍ය අංශ පල කරන ලද දත්ත වාර්තාවට අනුව පසුගිය 13 වනදා වන විට මෙරට කොවිඩ් ආසාදිතව මියගිය අය අතරින් 97.7%ක පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොසිටි පුද්ගලයින් බවට තහවුරු වී ඇත.

ඉකුත් 13 වනදා වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් වූ අතර ඔවුන් අතරින් 5,295 දෙනෙකුම කිසිදු කොවිඩ් එන්නතක් ලබාගෙන නොතිබූ බවත් සඳහන් වී තිබුණි.

කොවිඩ් ආසාදිතව මියගිය සෙසු 480දෙනා එක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන සිටි අය බව දත්ත වල දැක්වෙයි. ඔවුන් අතරින් එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටියදී මියගොස් ඇති ගණන 417කි. එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 7.2%ක් ලෙස දැක්විය හැකිය.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියදී ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින් ගණන 63 දෙනෙකු වන අතර එය සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවෙන් 1.1%ක අගයක් බව එම දත්ත වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙමගින් අවසාන් නිගමනයකට පැමිණිය හැක්කේ වසංගතය මැඩලීමට ලෝකයා මෙන්ම අපටද එන්නත පිළිබදව සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවයි. මේ වන විට ශ්‍රිලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ලෝකයාගේම අවදානයට පාත්‍රවෙමින් ඉලක්කගත කඩඉමත් පසුකරමින් ඉදිරියට පැමිණ ඇති බව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි පැසසුමට ලක් වූ කරුණක් විය. මෙතරම් වසංගත අවධියක වුවද රටේ ඇතැම් කණ්ඩායම් දේශපාලනික අරමුණු වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කරමින් ,කිසිදු දෙයක හොඳක් නොදකිමින් කකුලෙන් අදිමින් සිටින මොහොතක කශේරුකාවක් ඇති නායකයෙක්ගේ මගපෙන්වීම නිසා මේවන විට ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු මිනිසුන් 318,714දෙනෙකුට ජීවත්වීමට වරම් හිමි වි ඇත.

දිව රෑ වෙහෙසී ජනතාවට මෙම එන්නත ලබා ගැනීමේ වැදගත්කම පිළිබදව දැනුම්වත් කළද තවමත් එන්නත ලබාගැනීමට පසුගාමීවන සැලකිය යුතූ පිරිසක් රටේ ඇත. එවන් පිරිස් තේරුම් ගත යුත්තේ ලෝකයේ අනික් රටවල එන්නත් නොමැති කමින් මහමග ,නිවෙස්තුල මිනිසුන් මියයද්දී ,ලංකාවේ මෙතරම් වේගවත් එන්නත්කාරණයක් සිදු වෙද්දී, දිවා රෑ මෙය ලබාගැනීමේ වටිනාකම ඔබට පහදද්දී, එන්නත නොගෙන හෙට දින මරණය වැළද ගැනීම ඔබ සතු තීරණයක් මිස රටේ වැරැද්දක් නොවන බවය. එහෙත් එම මළමිනී මතින් ආණ්ඩුව වෙනස් කිරීමට කෙළ පෙරමින් සිටින බොහෝ පිරිසක් මේ වන විටත් ඒ පටු අරමුණු වෙනුවෙන් මළමිනී එකතු කරමින් සිටි.

මෙම වසංගතයේදීත් සෞඛ්‍ය අංශ මෙන්ම විශේෂ වෙහෙසක් දරණ ත්‍රිවිධ හමුදාවත් දිවා රෑ නොබලා මේ කරන සේවාව, ලාංකිකයන් අප ලෙස සදාකාලිකව ඉහළම තැනක බහා අගය කළ යුතුය.

වසංගතයේ මළමිනී ආයුධයක් කරගන්නන්, ත්‍රිවිධ හමුදාව කරන උත්තම සේවාවට අපුරු අර්ථකථනයක් දී ඇත. එනම් මිලිටරීකරණයයි . මනුෂ්‍යත්වයේ නාමයෙන් රැකියාවකට එහා ගොස් මේ කරන සේවාව මිලිටරීකරණය නම් මා ඔබට ආරාධනා කරමි..ඒ මිලිටරීකරණය වූ ශ්‍රී ලංකාවට ආදරය කරන්න කියාය !

-පංචාලි

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us