රටේ නිපදවන ඔක්සිජන් සියල්ල කොවිඩ් රෝගීන්ට - ටෙන්ඩර් නැතිව මිළදී ගන්නත් යයි

Published in පුවත්
Friday, 06 August 2021 11:19

මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන සියලූම ඔක්සිජන් තොග කොවිඞ් රෝගීන් වෙත ලබාදිය යුතු තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) සවස අනාවරණය කළේය.

රට තුළ නිෂ්පාදනය කෙරෙන ඔක්සිජන් ඉදිරියේදී ප‍්‍රමාණවත් නොවිය හැකි බැවින් ඉන්දියාවෙන් හා සිංගප්පූරුවෙන් ඔක්සිජන් තොග ගෙන්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බව ද මෙතෙම පැවසීය. ඒ අනුව ඉදිරි සති දෙක තුළදී කොවිඞ් රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇතැයි ද කී ඒ මහතා මෙරට තුළ කොවිඞ් ඩෙල්ටා ව්‍යාප්තිය ඉතා සීග‍්‍රයෙන් සිදුවන බව ද කීය. එම ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥ වෛiවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන අතර ඔවුන්ගේ අදහස්වලට ක්‍ෂණික ප‍්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

ඔක්සිජන් මිලට ගන්න ප්‍රසම්පාදන ක්‍රම එපා - රනිල්

මේ අතර එන්නත් සහ ඔක්සිජන් මිලට ගැනීමේදී ප‍්‍රසම්පාදන ක‍්‍රමවලට ගොස් කාලය ගත නොකර හදිසි මිලදී ගැනීම් වශයෙන් ඒවා ලබා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන බවත් 'හදිසි කොවිඩ් ප්‍රතිකාර' නමින් වෙනම වැය ශීර්ෂයක් ඇති කිරීමට‍ ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් එමගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අවශ්‍ය මිලදී ගැනීම් සිදුකර පසුව ඒවා රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් අනුමත කර ගතහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රසම්පාදන ක්‍රමවලට තමන්ද කැමති බවත් එසේ වුවද මේ මොහොතේදී ජීවිත බේරා ගැනීමේදී ගතවන්නේ මාස ගණන් නොව පැය ගණන් බැවින් කාලය ගත නොකර කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බවද හෙතෙම පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us