රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමාකරයි - දැඩි සංචරණ සීමා යළි පැනවෙන ලකුණු

Published in පුවත්
Thursday, 05 August 2021 17:44

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"මේ වෙනකොට රාජ්‍ය සේවයේ සිටිනවා අවුරුදු 18 සහ 30 අතර යම් පිරිසක් එන්නත ලබානොගත්. ඒ සියලු දෙනාට කඩිනමින් එන්නත් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරිදි සතියකට මුර දෙකකට සේවයට කැඳවනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා කියන දින 3 එක් කණ්ඩායමකටත් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා තවත් කණ්ඩායමකටත් සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයකට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන්න එකඟතාව පළවුණා. ඒ වගේම රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම සපයන්නත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේකය නිකුත් කරන්නත් තීරණය වුණා. "

මේ අතර කොවිඩ් පැතිරීමෙහි වර්ධනයන් පෙන්නුම් කෙරෙන බැවින් යළි සංචරණ සීමා දැඩි කිරීම කෙරෙහි රජයේ අවධාණය යොමුව ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us