කොළඹ වරාය ආසන්නයේ ඉඩම් අක්කර දහතුනක් දීර්ඝ කාලීන බදු පදනම මත චීන සමාගමක් සහ වරාය අධිකාරිය සමඟ වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට රජය මේ වනවිට සූදානම් වෙයි. ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

සමස්තයක් ලෙස අප රටට මෙතෙක් ලද එන්නත් මිලියන 13.8න් එන්නත් මිලියන 10.1ක් භාවිතා කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර තිබෙනවා.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත පුද්ගලයින් 490,000ක් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා ඇත. එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනුයේ කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානයක් ලෙස බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.

ඉදිරි වසර තුන තුළ මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි අලුත් යුගයක සිටින බව දැනගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

නාවලපිටිය හරංගල ඉලූක්තැන්න ප‍්‍රදේශයේ වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක වසර 7 ක් පුරා අපයෝජනය කිරීමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් දසදෙනාම ඊයේ (27 දා) වනවිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඒ පිළිබඳව විමර්ශනය පැවැත්වූ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවැසීය.

ගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

යම් පුද්ගලයෙකු සේවයට යෙදවීමේ හැකි වයස අවුරුදු 12 සිට 18 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

Connet With Us