එන්නත් මිලියන 10.1ක් භාවිතා කර තියෙනවා - වසංගත රෝග විද්‍යා ඒකකය

Published in පුවත්
Thursday, 29 July 2021 10:19

සමස්තයක් ලෙස අප රටට මෙතෙක් ලද එන්නත් මිලියන 13.8න් එන්නත් මිලියන 10.1ක් භාවිතා කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

27 දින මෙරටට ලැබුණු එන්නත් මාත්‍රා මිලියන 1.6ත් සමග මේ වන විට අප රටට ගෙන්වා ඇති සමස්ත එන්නත් ප්‍රමාණය මිලියන 13.8ක් බවද, ඉන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.2ක්ද, ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රාව 165,000ක්ද, එහි දෙවන මාත්‍රාව 15,000ක්ද, සයිනොෆාම් එන්නත් මිලියන 10.7ක්ද, ෆයිසර් එන්නත් 205,920ක්ද, මොඩෝනා එන්නත් මිලියන 1.5ක්ද වශයෙන් එන්නත් අප රටට ලැබී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා සිහිපත් කළේය.

එන්නත්කරණය සිදුවී ඇති අකාරය පිළිබඳව කරුණු පැහැදිළි කළ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේ , කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව 925,242ක්ද එහි දෙවන මාත්‍රාව 385,885ක්ද, සයිනොෆාම් පළමු මාත්‍රාව මිලියන 6.3ක් සදහාද, එහි දෙවන මාත්‍රාව මිලියන 1.4ක් සදහාද, ස්පුට්නික් පළමු මාත්‍රාව 159,081ක් හා එහි දෙවනි මාත්‍රාව 14,503කට ද, ෆයිසර් එන්නත 114,105ක් සදහාද මොඩෝනා එන්නත 709,468කටද ලබාදී ඇති අතර දළ වශයෙන් එන්නත් වල පළමු මාත්‍රාව මිලියන 8.2කට පමණ එනම් ලක්ෂ 80කට පමණ ද මාත්‍රා දෙකම මිලියන 1.8කට පමණද මේ වන විට ලබාදී ඇති බවය.

ලැබුණු සමස්ථ එන්නත් වලින් විශාල ප්‍රමාණයක් ලබාදී අවසන් කිරීමට හැකිවූයේ එන්නත්කරණ ක්‍රියාවලියේ පවතින කාර්යක්ෂමතාවය නිසා බව පැහැදිලි කළ විහේෂඥ වෛද්‍ය සමිත මහතා වැඩිදුරටත් පැවසුවේ එන්නත් කිසි දිවෙනක ගබඩා කර නොගන්නා බවත් ඊයේ උදෑසන 10ට පමණ ලද එන්නත් තොගයද අවශ්‍ය අනුමැතිය ලබාගනිමින් ඊයේ රාත්‍රියෙහිම මුලතිවු, කිලිනොච්චි, වවුනියා, යාපනය ආදී සෑම දිස්ත්‍රික්කයකටම පිටත්කර හැරි අතර අද වන විට එම දිස්ත්‍රික්ක වල එන්නත්කරණය සිදුවන බවය.

කාර්යක්ෂමතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් ලබාදීම රටපුරා සිදුවන බවද, ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය ව්‍යූහය සහ ආරක්ෂක අංශ වල සුවිශාල දායකත්වය හේතුවෙන් එන්නත්කරණය රටපුරා ගැටලුවකින් තොරව සිදුකරගෙන යාමට හැකිවී ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා සිහිපත් කළේය.

එන්නත්කරණය කොවිඩ් පාලනය සදහා එක් උපාය මාර්ගයක් පමණක් මිස එය එකම උපාය මාර්ගය නොවන බවද, එන්නත්කරණය බොහෝ ප්‍රභල, බලාපොරොත්තු තැබිය හැකි, විශ්වාසනීය භාවයක් සහිත, යම් සෙයකින් මධ්‍යකාලීන හෝ දිගුකාලීන ප්‍රතිලාභයක් රටකට අත්කරගත හැකි හොදම උපාය මාර්ගයක් බවද, නමුත් මෙම උපායමාර්ගය පමණක් සෑහේ යැයි සිතුවහොත් එන්නත්කරණයෙහි ප්‍රතිලාභ උච්චතම ලෙස අපට ලබාගත නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

එන්නත්කරණයට අමතරව අපගේ දෛනික ආරක්ෂිත පිළිවෙත් ඊට සමාන්තරව අනුගමනය කළ යුතු බවද, එසේ කළහොත් පමණක් එන්නත්කරණයෙහි විපුල ඵල අපට අත්විදිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

-newslk

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us