ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ...

Published in පුවත්
Thursday, 29 July 2021 15:19

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපනය කර තිබේ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාවයි.
සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ට තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට අවස්ථාව සැලසේ. මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එකවර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් මෙම මාධ්‍ය කේන්ද්‍රය සමන්විතය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක, ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ “ජනප්‍රිය මාධ්‍ය භාවිතයෙන් ඔබ්බට ගිය පරිපූර්ණ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඉවහල්වනු ඇතැයි” තමා විශ්වාස කරන බවයි.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම අද දිනයේ දී සිදු විය. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ සැප්තැම්බර් 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය සිදු කර අවසන් කරන බවයි.

එසේම වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදී යාමේ දී 90% කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති බවත්, දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදී ගොස් ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බව ද වීරතුංග මහතා පෙන්වා දුන්නේය. වර්තමානයේ එන්නත්කරණය අතින් ලෝකයේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ද එතුමා පවසයි.
සත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමේ තෝතැන්නක් බවට “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” පත් කර ගැනීම මාධ්‍යවේදීන් වන අප සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති, ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ ප්‍රතිඥාව ඉටු කිරීමට ගත් එක් පියවරක් ලෙස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හඳුන්වාදිය හැකි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පෙන්වා දුන්නේය.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ලබා ඇති ප්‍රගතිය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ඒ මහතා දීර්ඝ වශයෙන් මාධ්‍ය දැනුවත් කළේය.

-ජනාධිපති මාධ්‍ය අංශය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us