ලබන සඳුදා සිට සියලු රාජ්‍ය ආයතන විවෘතයි ! සියලු සේවකයෙන් පැමිණීම අනිවාර්යයි !

Published in පුවත්
Friday, 30 July 2021 09:15

රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සඳුදා (2 වැනිදා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය අද (30 වැනිදා) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් කී ලේකම්වරයා පළාත් අතර සංචරණ සීමා පැවතිය ද සෑම නිලධාරියෙකුම අනිවාර්‌යෙන්ම එදින සිට සේවයට වාර්තා කළ යුතු බවත් ඒ සඳහා ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවත් සදහන් කර ඇත.
රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය ලෙස ආරම්භ කිරීමට හැකිවන්නේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදු වූ බැවින් යැයිද ඔහු පවසා තිබේ.

කොවිඩ් වසංගතයත් සමග රාජ්‍ය ආයතනවලට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් ගෙන්වා ගැනීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරමින් පසුගිය මැයි මස 10 වැනිදා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කෙරිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us