ණය ගෙවීම් පැහැර හරින රටක් බවට පත් වීමේ අවදානමෙන් ශ්‍රි ලංකාව ගැලවුණා – Bloomberg

Published in පුවත්
Wednesday, 28 July 2021 15:35

ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.

අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ සඳහන්ය. කෙසේ වෙතත් තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.

Bloomberg වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.

(අදාළ වාර්තාව - https://www.bloomberg.com/news/articles/2021-07-25/sri-lanka-to-repay-1-billion-bond-monday-ending-default-threat)

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us