එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි.

ඩෙංගු හිස ඔසවයි

Published in පුවත්
Friday, 30 August 2024 12:13

ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය 200/2, පාලම උඩ අද (30) අළුයම 4.00ට පමණ සිදුවු බස් රථ අනතුරකින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

අනුර කුමාර පසුගිය දින වල මැතිවරණ වේදිකා මත දී පවසා සිටියේ 'සෑම දරුවෙකුටම කිලෝ මීටර් 3 ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක්' ලබා දෙන බවය. අංග සම්පූර්ණ පාසල් ඉදි කළ පමණින් මෙරට අධ්‍යාපනයට අවශ්‍ය සංවර්ධනය සිදු වෙනු ඇතැයි අනුර කල්පනා කරනවා විය හැකි වුණත් එය මීට වඩා පුළුල් වපසරියක තිබෙන සංකීර්ණ ගැටලුවකි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බවත් එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටියි.

අද(30) සහ හෙට(31) දිනයේත් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දී තිබේ.

සජබයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාරත් සිය මැතිවරණ වේදිකා වලදිත් මැතිවරණ ප්‍රකාශන වලදීති ගොවි ජනතාවගේ වගා ණය කපා හරින බවට පොරොන්දු වෙමින් ඒ හරහා දේශපාලන වාසියක් අත් පත් කර ගැනීමේ උත්සාහයක නිරත්ව සිටී. තවද ගොවි ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට පොහොර හා කෘෂි උපකරණ ලබාදෙන බවත් පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Connet With Us