රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (28) සිට ආරම්භ කෙරිණි.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

සූර්යයා අද (28) සිට දිවයිනට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා..

කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි.

බොරතෙල් මිල ඉහළට

Published in පුවත්
Wednesday, 28 August 2024 11:58

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් ලබා දී තිබේ.

Connet With Us