ආදායම් වර්ධනය සියයට සියය ඉක්මවයි

Published in ක්‍රීඩා
Wednesday, 28 August 2024 09:13

ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 දෙසැම්බර් 31 දා අවසන් වූ මුදල් වර්ශය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් බිලියන 12.1 ක ශුද්ධ ආදායමක් වාර්තා කර තිබේ.

එය පෙර වසරේ ආදායම සියයට එකසිය පහකින් වැඩීවීමක් ය.


කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අගෝස්තු මස පැවති අති විශේෂ මහා සභා රැස්වීමකදී මෙම විගනනය කරන ලද මූල්‍ය ප්‍රකාශ ඇතුළත් වාර්තාව ඒකමතිකව අනුමත කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම්, සහ අයිසීසී විසින් වාර්ෂිකව ලබා දෙන මුදල් ලබා දීම් ද මේ ශුද්ධ ආදායම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බල පෑ සාධක හතර ලෙස මෙහිදී අවධාරණය කෙරිණ.


ICC ය මඟින් දේශපාලන බලපෑම් හේතුවෙන් කරන ලද ක්‍රිකට් තහනම නොවන්නට,අවුරුදු 19 පහළ ලෝක කුසලානය ද ශ්‍රී ලංකාවේ සංවිධානය කරන්නට ඉඩ තිබුණු අතර ඇතැම් විට මේ ආදායම් තත්ත්වය එම තරගාවලියත් පැවත්වුවේ නම් තව දුරටත් ඉහළ යන්නට ඉඩ තිබිණ.

 

LNW

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us