ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන් Featured

Published in ක්‍රීඩා
Saturday, 24 August 2024 10:54

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ඊයේ (23) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 204ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් සිටියි.

කඩුල්ලේ රැඳී සිටින කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් රැස්කරගෙන සිටිති.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරිව සිටින අවසන් නම්දැරූ පිතිකරුවන් දෙපළයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම විශාල ලකුණු පුවරුවක් දක්වා ගොඩනැගීමේ සම්පූර්ණ වගකීම ඔවුන් සතුව ඇත.

කෙසේ නමුත් චන්දිමාල් පන්දුවට පහරදෙමින් සිටින්නේ පන්දුවක් ඇඟිල්ලේ වැදීම හේතුවෙන් පිටියෙන්ද ඉවත්ව ගොස් නැවත පැමිණි පිතිකරුවෙකු ලෙසිනි.

මාක් වුඩ් එවන ලද පැ.කි.මී. 150කට ආසන්න වේගයෙන් පැමිණි පන්දුවක් වැදීමෙන් චන්දිමාල්ගේ දකුණු අතෙහි මාපට ඇඟිල්ල ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුව රෝහලකට ගෙනගොස් ස්කෑන් පරික්ෂාවක්ද කළ බව වාර්තා විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය.

ඔහු හැරෙන්න දිමුත් කරුණාරත්න ලකුණු 27ක් රැස්කළ අතර, වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 11කට වැඩි ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

නායක ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 11කට සීමා වූ අතර, පළමු ඉනිමේදී වාර්තාගත අර්ධ ශතකයක් ක්‍රීඩාකළ මිලාන් රත්නායකට මෙවර රැස්කළ හැකිවූයේ ලකුණු 10ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ මේ වනවිට පන්දුවට පහරදීමට ඉතිරිව සිටින්නේ ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු පමණි.

එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් ලකුණු 34කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.

අද (24) තරගයේ සිවුවැනි දිනයයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 358ක් රැස්කළේය.

 

අද දෙරණ 

Last modified on Saturday, 24 August 2024 11:40

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us