නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද ජාතියට මහා වැදගත් දවසකි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සුබ මොහොතින් තමන්ගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන ලදී. මුද්‍රණයෙන් එළි දක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය අතිශය සරල විය.

ජවිපෙ සමඟ රටට අනාගතයක් නැති බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි දනිමු. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කොට තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොව ඇස්බැන්දුම් ප්‍රකාශයකි. වර්තමාන ජවිපෙ නායකයින්ගේ අදුරදර්ශී සහ අමනෝඥ ආකල්ප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය හමුවේ දැනටමත් විද්‍යාමාන වී තිබේ. ජවිපය මෙම ලියවිල්ල පවතින ක්‍රමවේදයේ වෙනසක් සදහා ඉදිරිපත් කළත් ඒ ක්‍රමයේ වෙනස සදහා කිසිදු පිලිතුරක් ඔවුනට නැත. දර්ශනයක් නැත.

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.

ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස තිබේ. 

මඩකලපුව කාත්තාන්කුඩි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් හෝටල්, ආපනශාලා සහ කෙටි කෑම කඩ සිදු කළ දැවැන්ත සෝදිසි කිරීම් වලදී ආපනශාලා හතරකට මුද්‍රා තබා පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වේ. 

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතව තිබේ.

Connet With Us