මිනිස් පාරිභෝනයට නුසුදුසු ආහාර විකුණු වෙළෙන්ඳන් අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 29 August 2024 13:01

මඩකලපුව කාත්තාන්කුඩි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් හෝටල්, ආපනශාලා සහ කෙටි කෑම කඩ සිදු කළ දැවැන්ත සෝදිසි කිරීම් වලදී ආපනශාලා හතරකට මුද්‍රා තබා පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස් මුරලීෂ්වරන් මහතාගේ මඟපෙන්වීම යටතේ කකාත්තාන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.එල්.නසීර්දීන් මහතාගේ මඟපෙන්වීම යටතේ මඩකලපුව කාත්තාන්කුඩි වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොට්ඨාස පහකට බෙදා එම සෝදිසි කිරීම් සහ වටලෑමේ මෙහෙයුම් සිදු කළහ. .

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස අලෙවි කිරීම, කැඩුණු, කල් ඉකුත් වූ, ප්ලාස්ටික් බහාලුම්වල ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් වාණිජ වෙළෙඳසල්වල වෙළෙඳුන් 9 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර ආපනශාලා හතරකට මුද්‍රා තබා ඇත.

ඒ සමගම වෛද්‍ය සහතික නොමැතිව ආපනශාලා සහ සුලු කෑම බීමහල්වල සේවකයන් ලෙස සේවය කළ පුද්ගලයින් 45 දෙනෙකු සොයා ගත් අතර ඔවුන්ට එරෙහිව ද නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළහ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us