රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝවෙරි වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

අවුරුදු 76 ක තිස්සේ රට හැදුවා නම් තවමත් රටේ මෙහෙම අඩුපාඩු තියෙන්නේ කොහොමද? කියලා ඕන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. ලොක්යේ සංවර්ධිතම රාජ්‍යයක වුණත් බරපතල අඩුපාඩු තියෙනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම ලබාගන්න ඕන දේවල් ගැන අරගල කළා මිසක්, අපිට දේවල් ඇත්තටම නැති වුණේ කොහොමද කියන එක ගැන කවුරුවත් හෙව්වේ නෑ.

 

ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක,  දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසයි.

මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුකරණ ක්‍රමවේදය අනුව රටේ විධායක බලැති ජනාධිපතිවරයා වඩාත්ම තීරණාත්මක බල අධිකාරිය බවට පත්වේ. අවසන් තීන්දු තීරණ ගනු ලබන්නෙ ඔහු විසිනි. කැබිනට් මණ්ඩලය තුළ කවර මට්ටමේ විෂය ප්‍රවීණ ඇමැතිවරු සිටියත් එහි අවසන් තීන්දුව ගනු ලබන්නේ ඔහුය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණ ගත යුත්තෙ ඔහුගේ තීරණ අනුවය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළේය. 

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්  අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. 

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. 

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණි.

පෙත්සම්කරු කියා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

- ada derana 

වැටුණු රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර සහයත්, පලපුරුද්ද හා අද්දැකීම් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා  පැවසීය.

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ලබන වසරේ ජනවාරි මස පළමුදා සිට ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩිකර තිබෙනවා.

සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවත දී පවසා තිබේ.

බංග්ලාදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Connet With Us