ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ පඩි වැඩි වෙන හැටි Featured

Monday, 02 September 2024 10:51

ලබන වසරේ ජනවාරි මස පළමුදා සිට ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩිකර තිබෙනවා.

කාර්යාල කාර්ය සහායක/ තුන්වන ශ්‍රේණියේ වැටුප් වැඩිවන්නේ රුපියල් 5450කින්.

දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10950ක වැටුප් වැඩිවීමක් සිදුවනවා.

විශේෂ ශ්‍රේණියේ වැටුප් ඉහළ දමා තිබෙන්නේ රුපියල් 13980කින්.

රියදුරු තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6960කින් ඉහළ දමා තිබෙනවා.

දෙවන ශ්‍රේණියේ වැටුප 9990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13020ක්.

විශේෂ ශ්‍රේණිය සදහා රුපියල් 16340ක් වැටුප් වැඩිවීමක් හිමිවනවා.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් තුන්වන මට්ටම සදහා වැටුප වැඩි වන්නේ රුපියල් 8340කින්.

දෙවන ශ්‍රේණියට රුපියල් 11690ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15685ක වැටුපක් හිමිවනවා.

කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10140කින් වැඩිවන අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13490කින් ඉහළ නැංවීමටයි යෝජනා වී තිබෙන්නේ.

පළමු ශ්‍රේණියේ වැටුප වැඩිවන්නේ රුපියල් 17550කින්.

සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12710ක වැටුප් වැඩිවීමක් හිමිවනවා.

දෙවන ශ්‍රේණියට රුපියල් 17820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25150ක වැඩිවීමක් සිදුවනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණියට වැටුප් වැඩිවන්නේ රුපියල් 12885කින් එහි දෙවන ශ්‍රේණිය රුපියල් 17945ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 25275ක් හිමි වනවා.

විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට වැඩිවන වැටුප රුපියල් 13280ක්.

එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25720කින් වැටුප් ඉහළ දැමීමටයි යෝජනා වී තිබෙන්නේ.

හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13725කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18835ක් සහ පළමු ශ්‍රේණිය වෙනුවෙන් යෝජනා වී ඇති වැටුප් වැඩිවීම රුපියල් 26165ක්.

විදුහල්පති තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23425කින් වැටුප් ඉහළ නැංවීමටයි යෝජනා වී තිබෙන්නේ.

එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29935ක් හා තුන්වන ශ්‍රේනියට රුපියල් 39595කින් වැටුප් වැඩි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන්ට වැටුප් වැඩිවන්නේ රුපියල් 17480කින්.

උපාධි ගුරුවරුන් සදහා රුපියල් 19055ක වැටුප් වැඩිවීමක් යෝජනා වී තිබෙනවා.

දෙවන ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 20425ක්.

පළමු ශ්‍රේණිය සදහා වැටුප් වැඩි වන්නේ රුපියල් 38020කින්.

පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැටුප රුපියල් 10704කින් ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

පොලිස් සැරයන්වරයෙකුගේ එම මුදල වන්නේ රුපියල් 13210ක්.

උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14050කින් වැඩිවනවා.

පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18290කින් වැඩිවන අතර ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප වැඩිවන්නේ රුපියල් 23685කින්.

ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේනිය සඳහා රුපියල් 11340කින් වැටුප් වැඩි කිරීමටයි යෝජනාවී තිබෙන්නේ.

දෙවැනි ශ්‍රේණිය සදහා රුපියල් 14690ක් සහ පළමු ශ්‍රේනිය සදහා රුපියල් 18750කින් වැටුප් වැඩිවනවා.

පරිපාලන ග්‍රාම නිලදාරියෙකුගේ වැටුප් වැඩිවන්නේ රුපියල් 23575කින්.

සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී , සහකාර ප්‍රා දේශීය ලේකම් සහ සහකාර කොමසාරිස්වරුන්ගේ වැටුප වැඩිවන්නේ රුපියල් 28885කින්.

නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43865කින් ඉහළ නැංවීමටයි යෝජනා කර තිබෙන්නේ.

ප්‍රාදේශීය ලේකම් අධ්‍යක්ෂ , කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්ගේ වැටුප වැඩිවන්නේ රුපියල් 57545කින්.

ප්‍රාථමික වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35560කින් වැඩිවනවා.

දෙවන ශ්‍රේනියේ වෛද්‍යවරුන්ගේ වැටුප වැඩි කිරීම යෝජනා වී තිබෙන්නේ 39575කින්.

පළමු ශ්‍රේණිය වෙනුවෙන් වැටුප් වැඩිවීම රුපියල් 53075ක්.

අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 70200කින් ඉහළ නැංවීමටයි යෝජනාව.

මීට සමගාමීව සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

ඊට සමගාමීව රාජ්‍ය සංස්ථා/ මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා තිබෙනවා.

Last modified on Monday, 02 September 2024 11:01

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us