ජනාධිපතිවරයා විහිළුකාරයෙක් නම් රාජ්‍ය පාලනයත් විහිළුවක් වෙනු ඇත. සජිත්ට වඩා අනුර හොඳට කරයි ද?   Featured

Monday, 02 September 2024 12:52

මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුකරණ ක්‍රමවේදය අනුව රටේ විධායක බලැති ජනාධිපතිවරයා වඩාත්ම තීරණාත්මක බල අධිකාරිය බවට පත්වේ. අවසන් තීන්දු තීරණ ගනු ලබන්නෙ ඔහු විසිනි. කැබිනට් මණ්ඩලය තුළ කවර මට්ටමේ විෂය ප්‍රවීණ ඇමැතිවරු සිටියත් එහි අවසන් තීන්දුව ගනු ලබන්නේ ඔහුය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණ ගත යුත්තෙ ඔහුගේ තීරණ අනුවය.


ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව ඔ්නෑම අමාතංශක හෝ රජයේ ආයතනයක තීන්දුවක් ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමට ජනාධිපතිවරයාට බලපෑම කළ හැකිය.

ජනාධිපති ධුරයේ බලය තමන් වෙත ආරෝපණය කර ගැනීමෙන් පසුව ජනාධිපතිවරු පිස්සු කෙලීම පටන් ගන්නා බවට උදාහරණ මෙරට ඔ්නෑ තරම් ඇත. මෑත කාලයේ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ එය මැනැවින් පෙන්වා දුන් ජනාධිපතිවරු දෙදෙනෙකි. පැවැති යහපාලන ආණ්ඩුව යම් අසමත් භාවයක් පෙන්වූවේ සහ අර්බුදයන්ට ගමන් කළේම ජනාධිපති සිරිසේන බලයෙන් උදම්ව ගත් තීන්දු තීරණ නිසාය. එදා අගමැති රනිල්ට සහ ආණ්ඩුවට බලාපොරොත්තු වූ ඉලක්කයන් වෙත යෑමට බාධා කරන ලද්දේ ජනාධිපතිවරයා විසින්ය. පාස්කු ප්‍රහාරය වැනි බිහිසුණු දෑ සිදු වූයේ ජනාධිපතිවරයාගේ නොසැලකිලිමත් කම් සහ මුග්ධ උද්දච්ඡ තීන්දු මත රටේ ආරක්ෂාව දුර්වල වීමේ විපාක ලෙසිනි.

එසේම එවකට අගමැතිව සිටි රනිල්ව ඉවත්කර මහින්ද රාජපක්ෂව එම ධුරයට පත් කරමින් කළ නීති විරෝධී විගඩම නිසා එයත් මෙරට රාජ්‍ය පාලනය අවුල් කරන්න හේතුවක් විය. කොටින්ම 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට අවැසි පරිසරය තනා දී ම සිරිසේනගේ කියුම් කෙරුම් විශාල දායකත්වයක් ලබා දී තිබිණි. එසේ නොවන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වන්නෙත් නැත. යහපාලන ආණ්ඩුව සාර්ථකව ක්‍රියාත්මක වීමේ අවස්ථාව වලක්වාලීම නොවුණා නම් එදා ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල්ම ඉදිරිපත්ව එය ජයග්‍රහණය කිරීමේ හැකියාවත් තිබුණා කීම වැරදි නොවේ.

කෙසේ නමුත් අවසානයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විය. ඔහු ද ජනාධිපති බලයෙන් උදම්ව කටයුතු කිරීමට පටන් ගත්තේය. ජනාධිපතිට වඩා කෙනෙකු නැති බවත් තමන් දෙන තීන්දු තීරණ වලට සියළු දෙනා යටත් විය යුතු බවත් ඔහුගේ විශ්වාසය විය.

වරක ජනාධිපතිවරයාගේ මුවින් පිට වන්නේ කුමක් ද, එය චක්‍ර ලේඛය වන බව පැවැසූවේ එ් නිසාය. ඒ තමන් නීතියටත් ඉහළින් සිටින බව කල්පනා කිරීම නිසාය. කාබනික පොහොර විගඩම ඔහුගේ තනිකරම ඔහු ගේ ව්‍යාපෘතියකි. රාජ්‍ය ආයතන වලට හදිස්සියේ කඩා පැන තමන්ට අවශ්‍ය ලෙස එම ආයතන ක්‍රියත්මක කළ යුතු බවට තර්ජනාත්මකව පැවැසීම ආදියද සිදු විය. කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමේ අනතුරු හැඟවීම් තිබියදී එය නොසලකා කටයුතු කිරීම සහ පසුව රට වසා දැමීම ගත් තීන්දුව රටේ ආර්ථිකය බරපතල කඩා වැටීමකට ලක් කළේය. රාජ්‍ය ආදායම් විශාල ලෙස අඩුවන බව දැන දැනම වැට් බදු ඇතුළු බදු අඩු කිරීමට ගත් තීරණය තවත් මුග්ධ තීරණයක් විය. ඩොලරයේ අගය පහළින් තබා ගැනීම වෙනුවෙන් විදේශ සංචිත වෙළඳපොලට නිකුත් කිරීමට ගත් තීරණය මෙන්ම මහ බැංකු නිලධාරීන්ට තර්ජනය කරමින් මහ බැංකුව ස්වාධීනව ගත යුතු තීරණ වලට බලපෑම් කිරීම සිදුවිය.

එසේම ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගසමින් රජයේ වියදම් පියවා ගැනීමට කටයුතු කිරීම නිසා රටේ උද්ධමනය සීග්‍රයෙන් ඉහළ යෑම සිදුවිය. දේශීය නිශ්පාදන නංවාලීමට කියා ආනයනික ආහාර තහනම් කිරීම ආදිය නිසා ආහාර හිඟයකට මෙන්ම මිළ වැඩිවීමකට හේතු විය. මෙම ක්‍රියා මාර්ග ගත්තේ අඩුම තරමින් එවකට අගමැති හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හෝ උපදෙසක් ගෙන නොවේ. එම ඇමැති මණ්ඩලය තුළ සිටි කිසිවකුගේ උපදෙසක් ගත්තේ නැත. එ් තබා ඇමැතිවරුන් සමඟ සකච්ඡාවන්ටවත් ඔහු වෙලාවක් වෙන් කළේ නැත. තමන්ගේ දැනුමේ පමණින් සහ තමන් වටේ තබාගෙන සිටි වියත් මග කේවට්ටයන් කිහිප දෙනෙකුගේ උපදෙස් මත නියෝග නිකුත් කිරීම පමණක සිදු කළේය. අවසන් ප්‍රතිපලය ලෙස රට බංකොලොත් වීම සිදු විය.

මේ අනුව තමන් සමඟ මොන විදිහක කණ්ඩායමක් සිටියත් රාජ්‍ය පාලනයේ දී වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ භුමිකාවට පත්වන තැනැත්තාගේ දැනුම් තේරුම් කමය.

මේ අනුව විධායක ජනාධිපති ධුරයට පිස්සෙක් මෝඩයෙක් පත්වුණහොත් රටම විනාශ බවට මෙරටට දැන් ඔ්නෑතරම් අත්දැකීම් ඇත.

දැන් මේ තනතුරට පත් විය යුත්තේ නායකයකු වශයෙන් පරිණත අත්දැකීම් ඇති, ආර්ථික සමාජ දේශපාලන ක්ෂේත්‍ර ගැන යාවත්කාලීන දැක්මක් ඇති ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණනතාවයන් ගැන සහ ජාත්‍යන්තරය සමඟ මනා ගනුදෙනුවක් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික පරිචයක් ඇති දක්ෂයෙකි. එ් ගැන විවාදයක් නැත.

දන් සජිත් ප්‍රේමදාස වැන්නකු ජනාධිපතිධුරයට පත් වුවහොත් විය හැකි දේ ගැන මේ අනුව වටහා ගත හැකිය. ඔහු ඇමැතිවරයකු ලෙස කටයුතු කාලයේ දි සිය අමාත්‍යංශ මෙහෙය වූ ආකාරට ගැන මදකට සිතා බැලුවොත් සිහි බුද්ධියක් ඇති කෙනෙකු ඔහු වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි කරන්නේ නැත. නිවාස ක්ෂේත්‍රයෙත් සංස්කෘතික ක්ෂේත්‍රයෙත් ඔහු ඇමතිවරයකු ලෙස සිදු කළේ මොනවා ද යන්න ගැන සොය බැලීම කළ යුතුය. ග්‍රාමීය නිවාස තනා දෙනවා කියා කළ බොරුව රැවටිල්ල සහ කුඩා පෙට්ටි ගෙවල් සකසමින් සිදු කළ ප්‍රෝඩාව ගැන සිතා බැලිය යුතුය. ටකරන් දහයක් ලබා දුන්නත් එය ගනන් තැබුවේ නව නිවසක් ඉදි කළ බවටය. ඊටත් වඩා මේ සියල්ල වෙන්වෙන් විශාල ප්‍රචාරක සංදර්ශන රැසක් සිදු කළේය. එ් දිනවල රජයේ මාධ්‍ය ආයතන වලට උදේ හවා කරදර කරමින් ඔහුගේ පුවත් දමන ලෙස බලපෑම් කර තිබිණි. සංස්කෘතික අමතයංශයේ ඔහුගේ කාර්ය සාධනය වාර්තා වූයේ බිලියන ගනනක මුදල් අවභාවිතාවන් ගැන චෝදනා ගොන්නකිනි.

ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සජිත් කිසි විටෙක සාර්ථක වූයෙක් නොවෙයි. ඔහු හරි හමන් දැක්මක් ප්‍රතිපත්තියක් නැති සහ අවංක වුවමණාවක් නැති අයකු ජනාධිපති ධුරයට පත් වීම වඩාත් අවදානම්කාරී වන්නේ ඒ නිසාය. එය මුළුමනින්ම දේශපාලනයට ආධුනිකයකු ධුරයට පත් කර ගැනීමටත් වඩා භයානකය. මන්ද රාජ්‍ය යන්ත්‍රයෙ ජිල්මාට් ගැන තියෙන අත්දැකීම් අනුව හිතෙන හිතෙන පිස්සු කෙලීමේ සහ ජාවාරම් වල යෙදීමේ හැකියාව වඩාත් වැඩි වෙන නිසාය.

ආධුනිකයකු අඩුම තරම් දේවල් ගැන තීන්දු ගැනීමට පෙර දෙවරක් කල්පනා කරයි. එමෙන්ම ඊට බියකින් පසුවේ. දන්න කියන අයගෙන් උපදෙස් අයදියි. එවැනි අයකුට හොඳ කණ්ඩායමක් සිටිමේ වැදගත් කමක් තිබේ. නමුත් එවැනි අවස්ථාවන් නිර්මාණය වෙන්නේ නැත.

අද අනුර කුමාර ජනාධිපතිවරයන්ට ඉදිරිපත් වන්නේ අලුත් නායකත්වයක් ලෙසට හුවා දැක් වීම සිදුවෙයි . නමූත් ඇත්ත කතාව, අලුත් පරම්පරාවෙ පිරිස් දන්නෙ නැත. අනුරත් සමඟ ජවිපෙ තවත් 7 දෙනෙකුත් මෙරට ඇමැතිධුර වල කටයුතු කළ සමයක් තිබිණි. නමුත් ඒ යුගය ගැන අද වැඩි හිටියන්ටවත් මතක නැත්තේ අනුරලා විසින් සිදුකළ වැදගත් කටයුත්තක් ඉතිරිව නොමැති බැවිනි. වැඩ කරන බවට බොරු සංදර්ශන පැවැත්වීම හැර කළ දෙයක් නැත. අනුර ආණ්ඩු කරණයේදී අසාර්ථක වූවෙකි. ඇමැතිධුර අතහැර දැමීමට තරම් ඒ අසාර්ථකත්වය බරපතල විය. අඩුම තරමින් දේවල් ඉගෙන ගනිමින් වැඩක් සාර්ථක කර ගැනීමේ හැකියාව හෝ පෞර්ෂයක් තිබුණෙු නැත.

තමන්ට බලය ලැබුණු තිස්සමහාරාම ප්‍රදේශීය සභාව හෝ ‍රැක ගැනීමට හැකි වූයේ නැත. ඒ ගමට හෝ වැඩකට ඇති දෙයක් සිදු කිරීමට අසමත් වීමේ විපාක ලෙසය.

කෙසේ නමුත් ජනාධිපතිධුරය ලැබුණහොත් අනුර මීලඟට සටන් කරන්නෙ පාර්ලිමේන්තු බහුතරය වෙනුවෙන් සහ කෙසේ හෝ තමන්ගෙ පාලනය යහපත් ලෙස පවත්වාගෙන යෑමටය. මන්ද ඔවුන්ගේ අසාර්ථක ඉතිහාසය තුළ තමන් දරා ගන්න බැරි තරම් බලයක් ලැබීම මත ඒ රැකගැනීමේ හැකි සෑම උත්සාහයක්ම දැරීම ඔවුන් සිදු කරන නිසා පාලනය කෙටි කලකට හෝ පවත්වා ගෙන යෑමට සමත් විය හැකිය. නමුත් ඔවුන් රට හමුවෙ ලබා දී තිබෙන ජනප්‍රිය ප්‍රතිපත්ති පොරොන්දු ආදිය කිසි වග විභාගයකින් තොරව කඩි මුඩියේ ක්‍රියාත්මක කිරීමට තීන්දු ගතහොත් එයත් අවසන් වෙනු ඇත්තේ මාස කිහිපයක් ඇතුළත රට බංකොලොත් කිරීමෙනි.

කොහොම නමුත් මෙහි දී වඩාත්ම අනතුරු දායක වන්නේ සජිත් බලයට පත් වීමය. ජනාධිපතිධුරයේ විධායක බලතල ක‍ටුස්සගේ කරේ රත්තරන් බැන්දා සේ උඩගුවෙන් ඔහු කටයුතු කරනවාට සැක නැත. ඔහුට සිය පියාගේ සහ මවගේ ගති ලක්ෂණ නොමදව ඔහුට පිහිටා ඇති බවත් අමතක නොකළ යුතුය. විපක්ෂ නායකයා ලෙස පෙන්වන උඩගුකම මෙහිදී ඔහුටවත් වෙනත් කිසිවකුටත් පාලනය කළ නොහැකි වේගයෙන් ඉහල යනු ඇත. ඇතැම් විට සිය බිරිඳගේ පාලනයට ඔහු යටත් නම්, ඒ අනුව තත්වය තවත් බරපතල වෙනු ඇත. හිතුවක්කාර උද්දච්ඡ විහිළු සහගත මුග්ධ තීන්දු තීරණ ගනු ඇත. තමන්ගේ කණ්ඩායමේ කිසිවකුගේ උපදෙසකට යටත් නොවනු ඇත. ඔහු දැනටමත් එ් බව ප්‍රසිද්ධියේ පවසා ද ඇත.

මේ තත්වයන් යටතේ සජිත්ගේ පාලනය තනිකර පිස්සුවක් වීම් නොවැලැක්විය හැකි බව කැට තබා පැවසිය හැකිය. අවසානයේ යළි පීඩාවන්ට ගොදුරුව දුක් විඳින්න වන්නේ මේ රටේ ජනතාවටය.

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us