වැරැද්ද කළේ කවුද ? (අවුරුදු 76 මොනවද කළේ ? - 2 වන කොටස) Featured

Monday, 02 September 2024 13:40

අවුරුදු 76 ක තිස්සේ රට හැදුවා නම් තවමත් රටේ මෙහෙම අඩුපාඩු තියෙන්නේ කොහොමද? කියලා ඕන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. ලොක්යේ සංවර්ධිතම රාජ්‍යයක වුණත් බරපතල අඩුපාඩු තියෙනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම ලබාගන්න ඕන දේවල් ගැන අරගල කළා මිසක්, අපිට දේවල් ඇත්තටම නැති වුණේ කොහොමද කියන එක ගැන කවුරුවත් හෙව්වේ නෑ.

අපේ රටට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තිබුණ දේවල් තිබුණා. ඒත් එහෙම නොවුණේ කාගේ වැරැද්දකින් ද කියල කල්පනා කළේ නෑ. තමන් අතේත් වැරැද්දක් තියෙනවා ද කියලා කවුරුවත් දැක්කෙත් නෑ.

ඒත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට කියන්න පුළුවන් වුණා, මෙහෙම වුණේ අපි හැමෝගෙම වැරදි නිසා කියලා. හැමෝගෙන්ම කිව්වාම තමන් ඇතුළුව තමන්ගේ එක්සත් ජාතික පක්ෂයත් ඒකට වගකියනවා කියල කියන්න ජනාධිපතිට පුළුවන් වුණා. එච්චරටම ජනාධිපතිවරයා රටට, ජනතාවට අවංක වුණා. ඇත්ත කිව්වා. ඉතින් ඒ වරද්ද ගත්ත දේ, ඒකට වගකියන ඕන කවුරු වුණත්, දැන් ඒ කතා පැත්තකින් තියල රට ආපහු හදන්න අපි ඔක්කොම එකතු වෙමු කියලා ජනාධිපතිවරයා කිව්වා. හැමෝටම කතා කළා.

ජනාධිපතිවරයාව විශ්වාස කරලා එයා එක්ක එකතු වුණු රටේ බහුතර ජනතාවක් ඉන්නවා. ඒත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහය දුන්නේ නැහැ. ඒ නිසා අපිට මේ අවුරුදු 76 ක ඉතිහාසය පැත්තකට දාල, අමතක කරලා ඉදිරියේ දී රට හදන එක ගැන විතරක් කතා කරන්න බැහැ. මොකද වෙච්ච වැරදි අඩුපාඩුවල වගකීම හැමෝම භාරගන්නවා නම් ගැටලුවක් නෑ. ඒත් ජවිපෙවත් අනෙක් විපක්ෂයේ සමහර පක්ෂත් මේ වගකීම භාර ගන්නේ නැහැ. Ceylon Independence Act. copy

හැමෝම තමන්ව අත්ඇරලා, රට පාලනය කරපු අනෙක් අයට චෝදනාව දැම්මා. මෙතනදි ජවිපෙ බොහොම ශුද්ධ වන්තයෙක්ව පෙනී ඉන්න උත්සහ කළා. 'අපි නම් මේ එකකටවත් සම්බන්ධ නෑ. අපි තමයි හැමදාම හරි දේ වෙනුවෙන් පෙනී හිටියේ. අපිට විතරයි රට හදන්න පුළුවන්' වගේ කතා එයාල එක දිගට කියවනවා.

ඒත් මේ 76 වසරක ඉතිහාසයේ අවුරුදු 60 ක විතර ඉතිහාසයක් ජවිපෙටත් තියෙනවා. ඒ කාලයේ එයාලා අතපය බැඳගෙන හිටියේ නෑ. දේවල් නොදැක්කෙත් නෑ, කට පියන් හිටියෙත් නෑ. එයාලත් දේශපාලනය කළා. කැරළි ගැහුවා, මැතිවරණ වලටත් ආවා, ආණ්ඩු කරන්නත් සම්බන්ධ වුණා, ඇමැතිකමුත් ගත්තා. ඒක එහෙම වුණත් එයාල මේ කාලය තුළ කරපු කියපු    ප්‍රචණ්ඩ දේශපාලනය, රජයේ කටයුතු කඩාකප්පල් කරන්න කළ දේවල්,මේ රටේ මිනිස්සු නොමඟ  යවන්න කරපු දේවල් රටේ සංවර්ධනයට, පැවැත්මට කොයි තරම් නරක බලපෑමක් කළාද කියන එක, එයාල ඉතිහාසයෙන් මකලා දමන්න උත්සහ කරනවා. 

 

 war cost sri lankaකොටින්ම රට බංකොලොත් තැනට ඇදලා දාන්න ජවිපෙ ලොකු ප‍්‍රචණ්ඩ වගේම මතවාදී බලපෑමක් කළා. ඒක තමයි ඇත්ත. ජවිපෙ වගේම එල්ටීටීඊ සංවිධානයත් එක සමානව රටට වගකියන්න ඕන, ඒ අය කළ හානියට. ඉන්දියාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කළ ගනන් බැලීමක් අනුව මේ රටේ වෙච්ච සිවිල් කලකෝලහල නිසා රටට අහිමි වු දේවල් වල වටිනාකම ‘ඩොලර් බිලියන 200’ කට වැඩියි. රටේ සමස්ත ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 100 ් විතර. විනාශයේ තරම පැහැදිලියිනේ. මේ අයගේ ක‍්‍රියාකාරකම්, බලපෑම් නිසා රට යායුතු මාර්ගයෙන් එළියට වැටිලා පාර වරද්ද ගත්තා. මේ අය හිතා මතාම පාර වැරැද්දුවා කිව්වොත් තමයි හරි.

ඒ නිසා ඒක ගැන කතා නොකර ඉදිරි ගමන ගැන තීන්දුවක් ගන්න බැහැ. වැරදි තීන්දු අරගෙන රට පිස්සෙකුට භාරදෙන්න බැහැ, අඳබාල මෝඩයකුට භාරදෙන්න බැහැ, ප‍්‍රතිපත්තියක් නැති කයිවාරුකාරයෙක්ට භාර දෙන්නත් බැහැ.

අපි අවුරුදු 76 ක් තිස්සේ කරපුවා කියපුවා නිසා විඳෙව්වා හොඳටම ඇති. දැන් මේ රට බංකොලොත් වෙලා යන්තම් අමාරුවෙන් ඔළුව උස්සගත්ත විතරයි. පහුගිය අවුරුදු දෙක තුනේ අපි හැමෝම ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දීල, වේලක් හැර වේලක් හරි කාලා, සල්ලි ප‍්‍රශ්න වලින් නට්ටෙටම මිරිකිලා, දැන් යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් තැනකට ගොඩ ඇවිල්ල තියෙනව.

මිනිස්සුන්ගෙන් කුණු බැනුම් අවලාද අහගෙන, ඒවත් ඉවසගෙන, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මොනව හරි කරලා ඒ තැනට රට උස්සල තිබ්බා. ඒකට නම් හැමෝම රෙස්පෙක්ට් කරන්න ඕන. මොකද වෙන කවුරුවත් මේ අර්බුදය භාර අරගෙන, ආපහු ගොඩදාන අභියෝගය භාරගත්තේ නැහැනේ. තමන්ගේ දේශාපාලන ජීවිතයත් අවදානමට දාගෙන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ භාර ගත්තේ. එයාගේ නිවස ගිනි තියලා කළේ පෞද්ගලික ජීවිතයට එල්ල කරපු මාරාන්තික තර්ජනයක්.

ඒත් දැන් අපිට තියෙන ගැටලූව, මේ ඉස්සරහට එන ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පස්සේ ආයෙත් මොකක් වෙයිද කියලා..?

මේ මැතිවරණ දෙකම අවුරුදු 76 ක ඉතිහාසය තුළ වැඩිම අවදානමක් තියෙන මැතිවරණ දෙකක්. එකක් රට තවම තියෙන්නේ හොඳ තැනක නෙවෙයි. පොඞ්ඩ බැරි වුණොත් ආපහු කඩාගෙන වැටෙන තැනක. අනික රට මෙතනින් ඉස්සරහට අඩිය තියන්න ඕන. දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගමන දැනගෙන යන්න ඕන. ආයෙත් අතරමං වෙන්න බෑ. දුක් විඳින්න බෑ. රට බේරගන්න දියසෙන් කුමාරවරු එනකම් ඉන්න බැහැ.

1947 election

මේ නිසා මේ මැතිවරණ වලදි හරිම තීන්දුව ගන්න වෙනවා. ඒක අනිවාර්යයි. අපි කා එක්ක ද ඉස්සරහට අඩිය තියන්නේ ? කවුද අපිට හරි පාර පෙන්වන මඟ පෙන්වන්නා ? කවුද අපිව වැටෙන්න නොදී අල්ලන් ඉන්නේ කියලා ? අපිට තීරණය කරන්න වෙනවා.

ඒක කොහොම වුණත් මේ තීරණය ගන්න කලින් අපි 76 අවුරුද්දක් තිස්සේ, ජවිපෙ කියන විදිහට පාලකයෝ මොකුත්ම රටට කරලම නැද්ද? කෙරුවානම් නම් කවුද කළේ? කරන්න තිබ්බ වැඩ නොකළේ කවුද? ඇයි එහෙම වුණේ ? ඒවා කරන්න නොදී කඩාකප්පල් කළේ කවුද? කියන එක හරියට දැනගෙන ඉන්න ඕන. නැතිනම් අපි ආයෙත් වරද්ද ගන්නවා ෂුවර්.

 

පාලකයෝ මොනවද කළේ ?

බ්‍රිතාන්‍යයන් මේ රට යටත් විජිතයක් කරගෙන ඉඳලා රටේ පාලනය, රටේ පුරවැසියන්ට භාර දෙන්න, මහජන පාලනයක් පිහිටුවන්න, ජනතාවට ඒ අයිතිය දෙන්න මුලින්ම තීරණය ගත්තේ 1931 දී. ඒ කිව්වේ සර්ව ජන ඡන්ද අයිතිය ලැබුණු 1931 දී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට පාලකයන් තෝර ගැනීමේ අයිතිය මේ ආසියානු කලාපයෙන්ම මුලින්ම ලැබුණේ මේ පුංචි ශ‍්‍රී ලංකාවට. බ්‍රිතාන්‍යයට තිබුණා විශ්වාසයක් මේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුල් අදියි කියලා. මිනිස්සු එකතු වෙලා රට ගොඩ දාගනියි කියලා. ඒ විදියට එදා ඉඳලා මේ වෙනකම් මේ රටේ මහ මැතිවරණ, ජනාධිපතිවරණ, ප‍්‍රාදේශීය මැතිවරණ, ජනමත විචාරණ අඛන්ඩව පවත්වමින් රටේ මහජන පාලනයන් පිහිටුවා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආදර්ශය මේ කලාපය තුළ ඉහළින්ම අපි රැකගෙන තියෙනවා. දේශපාලනයේ දී විරුද්ධවාදී මත ඉවසුවා. බලහත්කාරයෙන්, කුමන්ත‍්‍රණ වලින් රාජ්‍ය බලය පැහැර ගැනීම් වෙන්න ඉඩ තැබුවේ නැහැ. විපක්ෂ දේශපාලකයන් හිරගෙවල් වල දාලා, මරලා දාලා, විනාශ නොකරපු ආසියාවේ එකම රට. හැබැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කළ ත‍්‍රස්ත කොටස් වලට, කුමන්ත‍්‍රණ කරුවන්ට එරෙහිව නම් රටේ නීතිය හරියට ක‍්‍රියාත්මක කළා. නීතියේ ආධිපත්‍යය රැක්ක. ස්වාධීන අධිකරණය රැක්කා.

independence ceylon

හැබැයි ඒ විතරක් නෙවෙයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධව ත‍්‍රස්තවාදී දේශපාලන වැඩ කරපු අයටත් සමාව දීලා ආපහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එන්න දොරටුව හැම වෙලාවෙම විවෘත්ත කරලා දුන්නා. ජවිපෙ අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඒකයි. එල්ටීටීඊයට සම්බන්ධ වෙලා හිටපු අය අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එකයි. අවුරුදු 76 ක කාලය තුළ තමා මේවාත් සිදු වුණේ. පාලකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය රැකපු නිසා තමයි මේවා මෙහෙම සිදු වුණේ. ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඉහළ සංවර්ධන මට්ටමක්.

සර්ව ජන ඡන්දය යටතේ වැදගත්ම මහ මැතිවරණය වුණේ 1947 මැතිවරණයයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එක්ක, රටට නිදහස ලැබිලා, බිහිවෙන අලුත් රටේ, අලුත් ආණ්ඩුව කරගෙන යෑමේ වගකීම මේ මැතිවරණ ජයග‍්‍රාහකයාට හිමිවුණා. මේ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂය ලබාගත්තා. අගමැති විදිහට මාහාමාන්‍ය ඞී. එස්. සේනානායක පත්වුණා. විපක්ෂ බලය ලංකා සමසමාජ පක්ෂය ලබාගෙන තිබුණා.

අවුරුදු 76 ක් පාලකයන් මොනවද කළේ කියන කතාව පටන් ගන්නේ මෙතැනින් පස්සේ.

 

- සුභාෂ් ජයවර්ධන

( 'අවුරුදු 76 මොනවද කළේ? ' ඉතිරි කොටස් 13 හෙට සිට)

1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?

Leave a comment

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us