පිච්චෙනවා ද බලන්න ගින්දර අල්ලන්න යෑම හෙවත් විපක්ෂයට බලය දීම   Featured

Tuesday, 03 September 2024 10:36

සජිත්ලා අනුරලා පසුගියදා තමන්ගේ මැතිවරණ පොරොන්දු පත්‍රය පසුගිය දා ප්‍රකාශට පත් කරලා තිබුණා. නමුත් මේ වැඩසටහන් තොගය සකස්ව ඇත්තේ විය හැකි අවදානම් නොසලකා හැරලා. සාමාන්‍ය තත්වයන්ට වෙනස්ව කුමක් හෝ ගැටලුවකට ඔවුන්ගේ පාලන සමයේදී මුහුණ දීමට සිදු වුවහොත් මේ පොරොන්දු ඔක්කොම හබක්.

සාමාන්‍යයෙන් දෙයක් සැලසුම් කරන විට ඉලක්කයක් අරමුණක් තියෙනවා.. ඒ තැනට යන්න මුල් සැලසුම කරන්නේ පවතින තත්වයන් යටතේ සහ එ් තත්වයන් යටතේ අනාගතයේ දී ලබා ගත හැකි වර්ධනයන් එක්ක..රජයේ ආර්ථික ඉලක්ක සැලසුම් වන්නේ එහෙම. ඒවා නිසි පරිදි බලාපොරොත්තු වන විදිහට වෙනවා නම් ගැටලු ඇති වීම අවමයි. ඉලක්කයට යන්න පුළුවන්..

නමුත් යම් කිසි හේතුවක් මත රට තුළ හදිස්සි අවස්ථාවන් හෝ රටෙන් බාහිර ප්‍රශ්නයක් මත පවතින තත්වයන් වෙනස් වීම් වුවොත්, එ්වාට මුහුණ දෙන්න, දෙවන සැලසුමක් තෙවන සැලසුමක් ආදී වශයෙන් සැලසුම් කිහිපයක් තිබිය යුතුයි. ඉලක්කයන් ජය ගන්නේ එහෙමයි.

නියමාකාරයෙන් රාජ්‍යයේ කටයුතු කළමනාකරණයක් වෙනවා නම් එසේම විය යුතුයි. ඒ අනුව තමන්ගේ ඉලක්කය ජය ගැනීමේ ගමන අඛන්ඩව පවත්වා ගැනීම සිදු කළ හැකියි. නමුත් සජිත්ලාගේ අනුරලාගේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙල තුළ එහෙම දේවල් නැහැ.

ඒ තබා සජිත් අනුර දෙන පොරොන්දු පවා නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙලවත් පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ සැලසුම් ගැන කතාවක් නෑ.. වියදම් විතරයි.

මේ අය අරවා දෙනවා මේවා දෙනවා කියන්නේ පවතින ආර්ථික තත්වයන් යටතෙත් නෙවෙයි. වර්තමාන ආර්ථික තවයන් අනුව මේ කියන දේවල් කරන්න බැහැ. මේවා කරන්න රාජ්‍ය ආදායම් විශාල වශයෙන් වැඩි කර ගැනීම, විදේශ ආයෝජන විශාල ලෙස කැඳවා ගැනීම, රටේ නිශ්පාදනය විශේෂයෙන්ම අපනයන ඉලක්ක කර ගත් නිශ්පාදනයන් වැඩි කරන්න, සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්න, විදේශ ශ්‍රමික ප්‍රේෂන වැඩි කරගැනීම, ආදිය විය යුතුයි. ඒත් මේවා වැඩි කරගන්නවා කියනවා හැර ඒ කොහොමද, මොකක්ද වැඩ පිළිවෙල, ඉලක්කයන් ඉලක්කම් නැහැ. අඩු තරමින් දැනට රජය ඉලක්ක කරන තැනටවත් යන්න අදහසක් නෑ.

නමුත් වියදම් දෙතුන් ගුණනයකින් වැඩි වෙන යෝජනා තිබෙනවා. දැනටත් රාජ්‍ය ආදායම් වියදම් ‍තුලනය කර ගන්න රජය දැඩි දුෂ්කර ව්‍යායාමයක යෙදෙනවා.. ඒ අතර ණයත් වෙනවා. අඩුම තරමින් ණය නොවී සිටීමේ වැඩපිළිවෙලක්වත් මේ විපක්ෂයට තියෙන්න ඕන..එ්වා මොකුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල නැහැ. වත්මන් රජය මේ වන විට මේ සියල්ල මනාව කළමනාකරණය කර ගනිමින් තිබෙනවා. ආර්ථික පරිවර්තන පනත හරහා රජයේ ඉලක්ක නීතිගත කර තිබෙනවා. ජනාධිපති රනිල්ගේ මැතිවරණ ප්‍රකාශය සැකසෙන්නේ ඒ අනුව. අඩුම තරමින් තමන්ගේ ඉලක්කය, ඉලක්කම් එක්ක ප්‍රකාශ කරන්නේ රනිල් විතරයි. අවදානම් තත්වයක් යටතේත් රජය නිසියාකාරව පවත්වා ගෙන යෑමට ඇවැසි වැඩ පිළිවෙල අනුව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට සාපේක්ෂව වියදම් යෝජනා වෙනවා. අඩුම තරමින් සජිත්ගේ පොරොන්දු පත්‍රය රනිල්ගේ ප්‍රතිපත්තිවත් අනුගමනය කරනවා, ඒත් අනුර ඉන්නේ උතෝපියාවක. අනුරගේ ආර්ථික විශේෂඥයන් කියන වියත්තුන්ට පොතේ දැනුමවත් නැහැ. අන්තර් ජාලයෙන් එහෙන් මෙහෙන් අල්ල ගත්ත කෑලි කියවනවා විතරයි. එකකට එකක් සම්බන්ධ නැහැ. විකාර ගොඩක්.

මේ නිසා සජිත්ලා අනුරලා බලය ගැනීමේ අවදානම ඉතා බරපතලයි. මැදපෙරදිග හරි යුක්‍රේන රුසියා යුද්ධ බරපතල වුණොත් ඉන්ධන, ගෑස්, ගල් අඟුරු, ආහාර, පොහොර ආදි ආනයනයන් වල මිල ඉහළ යනවා. හිඟ වෙනවා. එහෙම තත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් වන ලෙස රටේ ආර්ථිකය ස්ථාවර පත්වාගෙන යෑමට නිවැරදි සැලසුම් තියෙන්න ඔ්න. ඒත් මේ අය ඒවා හිතල නැහැ. ගෝලීය භූ- දේශපාලනික සාධක ගැන දන්නෙවත් නැහැ. මේ නිසා ලෝක අර්බුදයකදී මුලින්ම කඩා වැටෙන රටවල් අතරට ලංකාවත් පත් වෙනවා..මේ අය බලයේ හිටියොත්.

හදිස්සියේ මේ රට තුළ ආපදා තත්වයක් ආවොත් එ්කට මුහුණ දෙන්න පුළුවන් කමක්වත් නොමැතිව වෙන්න පුළුවන්.. මොක ද මෙයාලගේ සැලසුම් ඇතුලේ එ්වා නැහැ. මෙයාගේ සීතීමේ සීමාව සෑහෙන්න පටුයි. හිතන් ඉන්නේ දැන් රනිල් ගොඩදාපු රට, රනිල් නැතුවට මේ විදිහට දිගටම දියුණු වෙවී යයි කියලා. ඒත් රට තියෙන්නේ තවම ලොකු අවදානමක. ඒ තත්ත්වයන් යටතේ කුමක් හෝ සුළු වරදක් හරි වුණොත්, මේ අය කරනවා කියලා පොරොන්දු දුන් දේවල් මුලින්ම අත්හරිනවා. රජයේ තියෙන සල්ලියක් වියදම් කරගෙන පුළුවන් තරම් කාලයක් ඇදගෙන යන්න උත්සහ කරනවා.

ඊට පස්සේ ලොකු අර්බුදයක්. රජයේ සාමාන්‍ය කටයුතු කර ගෙන යාමටවත් ආදායමක් නැති වුණාම මේ අය කියන්න ගන්නවා...'ලෝක තෙල් මිල, ගෑස් මිල පාලනය කරන්න අපිට බැහැ.. ස්වභාවික ආපදාවක් පාලනය කරන්න ආණ්ඩුවකට බැහැ..මේවා කලින් ආණ්ඩුවේ වැරදි, මහින්දලාගේ රනිල්ලගේ වැරදි.. 76 අවුරුද්දක සාපේ, හොරකම් කරපු සල්ලි තවම හොයනවා..බදු හොරු නඩු දාලා ඒ නිසා ඒවා දැන්ම අය කරගන්න බැහැ..බදු වැඩිකරන්න වෙනවා..පටි තද කරගන්න වෙනවා.. ' වගේ දාහක් අඳෝනා දෙන්න ගන්නවා.

ඒත් එහෙම තමන්ගෙ වගකීම පැහැර හැරලා ආණ්ඩුවකට කටයුතු කරන්න බැහැ..මිනිස්සු පාලකයෙක් තෝර ගන්නේ එහෙම දේවල් වලින් ජනතාව ආරක්ෂා කර ගන්න.. එහෙම නැති ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නැහැ..

ජනාධිපති රනිල් මේ රට භාර ගත්තේ, පාලනයක් භාර ගන්න තරම් කිසිදු දෙයක් රාජ්‍යය තුළ නැතිව..කිසිදු වාසිදායක කොන්දේසියක් ඔහුට නැතිව.. එ් අස්සේ ලෝක ආර්ථික අර්බුද රැසකුත් තිබුණා.. ඒ සියල්ල කලමණාකරණය කරගෙන තමයි රනිල් මේ බංකොලොත් වෙලා යන එන මං නැතිව තිබ්බ රට අවුරුදු දෙකෙන් උස්සල ගත්තේ..කොච්චර මඩ අවලාද බාධා කිරීම් තිබුණත් රට ගොඩනැගීමේ අධිෂ්ඨානය අත් හැරියේ නැහැ.

රාජ්‍ය පාලකයෙක් කියන්නේ එහෙම නායකයකුට. රනිල් කාටවත් වැරදි කියන්න ගියේ නැහැ. බැරි කම් කියවන්න ගියේ නැහැ. අඳෝනා තියන්න ගියේ නැහැ. හැම විටම කිව්වේ කරන්න පුළුවන් කියලා..ඉතුරු වෙලා තිබුණේ මොනවද ඒ ටික පාවිච්චි කරලා රට ගොඩ දාලා පෙන්නුවා..

අර්බුදය වෙලාවේ සජිත්වත් අනුරවත් ඉදිරිපත් වුණේ නැහැ, රට භාරගෙන මේක ගොඩදාන්න.
බැහැයි කියල බයේ පැත්තකට වුණා.. රනිල්ට සහය දෙන තැනකට ගියෙත් නැහැ.. පුළුවන් තරම් බාධා කළා..

අද රට භාර දෙන්නය කියල ඉල්ලන විපක්ෂයට රට භාර දුන්නොත් වෙන්නේ කඩා වැටෙන එක.. ආයේ අමුතුවෙන් වැරදීම් වෙන්න දෙයකුත් නැහැ මේ අය රට භාරගන්න එකම රට කඩා වැටෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඇතිවෙන සියලු අර්බුද ජනතාවගේ කර පිට පටවලා බලා ඉන්න එකත් වෙනවා..වෙන මොකුත් වෙන්නේ නැහැ.

කොහොමත් සජිත්ට අනුරට කරන්න පුළුවන් බක්කක් නෑ. රටේ තියෙන සල්ලි ටික වියදම් කරගෙන මාස කීපයක් තුළ රට නැවත අර්බුදයකට යවනවා සිකුරුයි..අනික රාජ්‍ය පාලනයක් කරන්න තරම් පළපුරුද්දක් අත්දැකීමක් දැනුමක් නැති අය, අර්බුදයක දී පැනලා යනවා මිසක් වෙන දෙයක් කරන්න දන්නෙ නෑ.. ගෝඨාභය ඔප්පු කළේ එ්ක.. ඒ අත්දැකීම මතකයේ තිබේ නම් ආයේ සජිත්ට අනුරට, දීලා බලන්න වුවමණාවක් නැහැ. මේ තියෙන තැනෙනුත් පල්ලට වැටෙනවට වඩා මෙතැනින් එක අඩියක් හරි ඉස්සරට තියන්න පුළුවන් නායකත්වයක් තියෙන්නේ ජනාධිපති රනිල්ට විතරයි කියන එක තේරුම් ගන්න පහුගිය අවුරුදු දෙකේ මේ රටේ සිහි බුද්ධියෙන් ජීවත් වෙලා ලබපු අත් දැකීම් ටිකත් ඇති..

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us