රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ? (අවුරුදු 76 මොනවද කළේ? 1 කොටස) Featured

Sunday, 01 September 2024 14:05

මේ රට බ්‍රිතාන්‍ය යටත් විජිත භාවයෙන් නිදහස් වෙලා දැන් අවුරුදු 76 ත් පැනලා තියෙන්නේ. මේ 76 ඇතුළේ රටේ දේවල් හැම දෙයක්ම සිදු වුණේ, පුරවැසියන් වුණ, අපි පත්කරගත්ත පාලකයන්ගෙත් සහ ඡන්ද දායකයන් වුණු අපෙත් දේශපාලනික කැමැත්ත උඩ. ගොඩක් දේවල් මේ කාලය තුළ සිදුවුණා. නිවැරදි දේවල් වගේම වැරදි දේවල් වුණා. ජයග‍්‍රහණයන් වගේම පරාජයන් තිබුණා.

ඒත් අවුරුදු 76 කට කලින් තිබ්බ රට නෙවෙයි දැන් තියෙන්නේ, ඊට වඩා හැම අතින්ම දියුණු වුණු රටක්. ඒත් අඩුපාඩු ගොඩක් තියෙනවා. හොඳම රට නෙවෙයි අපි තවමත් හදාගෙන තියෙන්නේ. ඒක ඇත්තනේ.

ඉතිං මේ අඩුපාඩු හදාගෙන යන ගමනක් ඉස්සරහට තියෙන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වගේ අය කියන දෙයක් තමයි, මේ රෙට් හිටපු පාලකයෝ නිදහසෙන් පස්සේ ගෙවුණු අවුරුදු 76 තුළ රටේ සංවර්ධනයට මොනවත් කළේ නැහැ.. වංචාව, දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාවය විතරයි තිබුණේ කියන එක. ඒ අස්සේ එයාල ආවොත් විතරයි මේ රට හදන්න පුළුවන් කියලත් කියනවා.

Independence 1948

පසුගිය අවුරුදු දෙක තුන ඇතුළේ රට මුහුණ දුන්න ආර්ථික දුෂ්කරතා නිසා මිනිස්සු ගොඩක් පීඩාවට ලක් වුණා.. තෙල්, ගෑස්, විදුලිය, නැතිව දුක් වින්දා, ආහාර, බෙහෙත් හිඟ වුණා. බඩු මිල වැඩි වුණා. ගොවියාට පොහොර ටික නැති වුණා, රැකියා නැති වුණා, දරුවන්ට අධ්‍යාපනය නැති වුණා.. මේවත් එක්ක ආපු විශාල පීඩනය නිසා මිනිස්සු හිටියේ පාලකයන් එක්ක වෛරයෙන්. මේ නිසා ජවිපෙට ගොඩක් ලේසි වුණා, මේ රටේ පාලකයෝ රට හදන්න මොනවත් කළේ නැති නිසා තමයි මෙහෙම වුණේ කියලා මිනිස්සුන් හිත් වල තුළ පැලපදියම් කරන්න. මිනිස්සු, 225 ම එපා කියන තැනට පත් වුණා. දේශපාලන පක්ෂ ප‍්‍රතික්ෂේප කරන තැනට පත් වුණා. දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තියන තැනට පත් වුණා.

ඇත්ත තමයි රට බංකොළොත් වෙන තැන දක්වාම ඇද වැටුණාම, අවුරුදු 76 ක තිස්සේ රට සංවර්ධනය කළා නම් මෙහෙම වෙන්නේ කොහොමද? කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්.

 

අපි නොදන්න සංවර්ධනය

නිදහසෙන් පසුව රට සංවර්ධනය වුණේ නැහැය, පාලකයෝ ඒක කළේ නැහැය. ඒ නිසා රට හදන්න, සංවර්ධනය කරන්න රට තමන්ට භාරදෙන්න කියන විපක්ෂ කණ්ඩායම් ඉස්සෙල්ලාම මේ රට සංවර්ධනය කරනවා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕන. මොකද මේ අපි නොදන්න සංවර්ධනය මොකක්ද කියන එක දැනගන්න ඕන නිසා.

සාමාන්‍යයෙන් රටේ සංවර්ධනය ගැන කතා කරන්න ගියාම, රට සංසන්දනය කරන්නේ වෙනත් දියුණු රටවල් එක්ක. මේ රට සිංගප්පූරුවක් කරනවා, දකුණු කොරියාවක් කරනවා, කියුබාවක් කරනවා වගේ කතා ඇහිලා තියෙනවා. ඇමරිකාවේ මෙහෙමය, ඕස්ට්‍රේලියාවේ අරමය, ජපානයේ එහෙමය, චීනයේ, යුරෝපයේ අර විදිහයි මේ විදිහයි වගේ මේ රට ඒ ගානට සංවර්ධනය කිරීම ගැන කියවනවා.

ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් විදිහට වර්ගීකරණය කරපු රටවල් කිහිපයක් තියෙනවා. ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ බටහිර යුරෝපා රවවල් ගනනාවක් ඒ අතර තියෙනවා. මේ වර්ගීකරණය සිදුකර තියෙන්නේ ඔවුන්ගේ දළ දේශීය නිශ්පාදනයේ වේගය, ඒක පුද්ගල ආදායම්, කාර්මික කරණය අත්පත් කරගෙන තියෙන ඉහළ වර්ධනය සහ එමඟින් ඔවුන් සමාජීය වශයෙන් බුක්ති විදින ප්‍රතිලාභ වගේ දේවල් පදනම් කරගෙනයි.

ඒත් අද රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ඒකේ අවසාන් ඉලක්කය මොකක්ද කියන එක ගැන නිශ්චිත අර්ථකතනයක් නැහැ. ආර්ථික වර්ධනය එක සාධකයක් විතරයි. ආර්ථිකය වර්ධනය වුණාට සමාජය පිරිහී ඇත්නම්, පරිසරය විනාශ වෙලා නම්, මානව හිමිකම් නොසැලකෙනවා නම් වගේ සමාජයක යහපත් පැවැත්මට අවශ්‍ය අනෙක් දේවල් නැතිනම් ඒක සංවර්ධිත රටක් විදිහට සලකන්න බැහැ. අද චීනය, ඇමරිකාවට පමණ දෙවැනි ආර්ථිකයක් සහිතව අභියෝගාත්මකව ඉදිරියෙන් සිටියත් චීනය සංවර්ධිත රාජ්‍යයක් නෙවෙයි. ඉන්දියාව ලෝකයේ පස් වෙනියටම බලවත් ආර්ථිකය තියෙන රාජ්‍යය වූණාට සංවර්ධිත රාජ්‍යයක් නෙවෙයි. ඒ වගේ රටවල් සැලකෙන්නේ කාර්මිකකරණයේ නව වර්ධනයන් අත්පත් කරගත් රාජ්‍යයන් විදිහට. සිංගප්පුරුව, සෞදි අරාබිය වගේ ඒක පුද්ගල ආදායම් ඉහළම තැනක තිබුණත් අනෙක් අඩුපාඩු නිසා ඒවාත් සංවර්ධිත රාජ්‍යයන් වෙන්නේ නැහැ.

GDP per capita development in Sri Lanka

සංවර්ධනය ගැන අලූත් නිර්වචනයකින් කියවෙන්නේ සංවර්ධනය, ජලය වගේ කියලා. ජලය පවතින භාජනයේ හැඩය ගන්නවා සේම සංවර්ධනයත් ඒ ඒ රාජ්‍යයන් වල තත්වයන් වුවමණාවන් අනුව වෙනස් වෙනවා කියලා.

මේ රටේ ජනප‍්‍රිය කතාවක් තියෙනවා, අපේ ආතලා මුත්තලාගේ කාලයෙත් ‘රට සංවර්ධනය වෙමින් පවතින රටක්’, අදත් එහෙමයි, හෙටත් එහෙම වෙයි කියලා. ඕනම රටක සංවර්ධන කියන්නේ මේකයි කියලා හරි අර්ථකතනයක්, ඉලක්කයක් නැති වුණාම ලෝකයේ සෑම රටක්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා කිව්වට වැරදි නැහැ.

අද ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය විදිහට සැලකෙන ඇමරිකාවත් තවමත් තව තව සංවර්ධන ඉලක්ක හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒක නවතින්නේ නැහැ. නවත්තන්නත් බැහැ. නැවතුනොත් රට කඩා වැටෙනවා. ඒ නිසා රටක සංවර්ධනය ගැන කතා කරනවා නම් හැම ක්ෂේත‍්‍රයක් ගැනම අවම ඉලක්ක තියෙන්න ඕන. මෙන්න මේ දක්වා මේ කාලය තුළ සංවර්ධනය කරනවා කියලා. ඒ වගේම ඒ ඉලක්ක ජය ගන්න ප‍්‍රායෝගික සැලසුම් වැඩපිළිවෙල තියෙන්න ඕන. කයිවාරුවලින් සිහින මාළි`ගා හදලා විතරක් මදි.

කොහොම වුණත් ලෝක යථාර්ථය නම් අද සංවර්ධිත රාජ්‍යයන් විදිහට තියෙන රටවල් අත්පත් කරගෙන තිබෙන සංවර්ධනය තරමට අනෙක් රටවල සංවර්ධනය සිදු වෙන්න නම් මේ පෟථිවිය වගේ සම්පත් සහිත තවත් ග‍්‍රහලෝක හය හතකවත් සම්පත් ලෝකයට අවශ්‍ය වෙන බවයි. අධි සංවර්ධිත රටවල ඉතිහාසය ගත්තාම, ඒ බොහොමයක් අධිරාජ්‍ය ලෙස තිබුණ ඒවා. ඒ අයගේ ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමේ දි අනෙක් රටවල් යටපත් කරගෙන සම්පත් කොල්ලකෑම වැනි ලෝකයේම සාරය උරාගැනීමට කළ කී දේ අතිශය තීරණාත්මක වෙලා තියෙනවා. අද ඒ වගේ අවස්ථාවන් වෙන රටවලට නැහැ. ඒ නිසා අද අලුතෙන් සංවර්ධිත රටක් ගොඩනඟාගැනීම ලෙහෙසි දෙයක් නෙවෙයි. අලූත් උපාය උපක‍්‍රම තෝරන්න වෙනවා. සංවර්ධන මට්ටම් ගැන හිතන්න වෙනවා.

 

සංවර්ධන මට්ටම මොකක්ද?

අද යුගයේ පවතින තත්වයන්ට සාපෙක්ෂව ලෝක බැංකුව සංවර්ධිත රටවල් මොනවාද නැත්තේ මොනවද කියන එකට පහසු නිර්ණායකයක් හදලා තියෙනවා. මට්ටම් හතරක්.

ඩොලර් 995 ට අඩු ආදායම් තියෙන රටවල් අඩු ආදායම් ලබන රටවල්,
ඩොලර් 3,895 ට අඩු ආදායම තියෙන රටවල පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්,
ඩොලර් 12,055 ට අඩු ආදායම තියෙන රටවල ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල්,
ඩොලර් 12,056 ට වැඩි ආදායම තියෙන රටවල ඉහළ ආදායම් ලබන රටවල් විදිහට.

මේකට අනුව ලංකාව දැන් ඉන්නේ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයේ. ඒ කියන්නේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 3,895 ට වැඩි ආදාමක් ලබන කාණ්ඩයටය. ඒ තත්වයට පත්වූණේ පසුගිය යහපාලන යුගයේ දී. මේ වෙද්දි ඒක පුද්ගල ආදායම පසුගිය ආර්ථික අර්බුද නිසා තරමක පහළට ආවත් 2023 අවුරුද්දේ ඩොලර් 4,000 ඉක්මවා යන්න ආපසු සමත් වුණා. මේ ඉන්න මට්ටමෙන් උඩ කියන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත මට්ටම. ඒ මට්ටමට එන්න ඒක පුද්ගල ආදායම තව තුන් ගුණයකින් වැඩි කරගැනීම වෙන්න ඕන. නමුත් එහෙම වුණා කියලත් රටක සංවර්ධනය මනින්න බැහැ. තවත් මිනුම් තියෙනවා.

maxresdefault

ඒ වගේ සංවර්ධනය මනින තවත් මිම්මක් තමයි, ජාත්‍යන්තර මානව සංවර්ධන දර්ශකය. නමුත් ඒක අනුව ශ‍්‍රී ලංකාව සිටින්නේ සංවර්ධනයේ මධ්‍යම මට්ටමෙන් ඉදිරියට ගිහින්, සංවර්ධිත රටවල් කාණ්ඩයට සමීප රටක් විදිහට. ඒක පුද්ගල ආදායම අඩු වුණත්, කාර්මිකකරණයේ පුළුල් වර්ධනයක්, ජයග‍්‍රහණය මහලොකුවට නැතත් දශක ගනනාවක ඉදලා අපි මානව සංවර්ධනයේ ඉහළ තැනක ඉන්නවා. ඒ වගේ තවත් විවිධ ගෝලීය දර්ශකයන් අනුව ශ්‍රී ලංකාව බොහෝ ක්ෂේත‍්‍ර වල ඉහළ සංවර්ධනයක් සහිත රටවල් හා සමාන තත්වයන් අත්පත් කරගෙන තිබෙනවා.

කාලයකට කලින් ‘ආර්ථික හා සාමාජීය වර්ධනය’ සංවර්ධනය ලෙස පිළිගැනීම සිදුව තිබුණත් පස්සේ ‘මානව සම්පත් සංවර්ධනය’ නැතිනම් මානුෂ සංවර්ධනය සහ පාරිසරිය සංවර්ධනය යන සංකල්ප එක්වී සංවර්ධනය ගැන අලුත් කතා හැදිලා තියෙනවා. ඊටත් පස්සේ ‘තිරසර සංවර්ධනය’ විදිහට විශාල ක්ෂේත‍්‍ර ගනනාවක් ගැන කතා කරන සංකල්පයක් බිහිවුණා.

එක්සත් ජාතින්ගේ සංවිධානය මේ ‘තිරසර සංවර්ධනය’ අත්පත් කරගැනීම ගැන ඉලක්ක 17 ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒවා 2030 අවුරුද්ද වෙන කොට සපුරාගැනීම වෙනුවෙන් මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ ඉලක්ක වලින් ශ්‍රී ලංකාව මේ වන විට 12ක් සම්පුර්ණ කරලා, තවත් 5ක් සාර්ථකව ක‍්‍රියාත්මක කරමින් තියෙනවා. තවදුරටත් මුල් අවදියේ තියෙන්නේ ඉලක්ක 2ක් විතරයි. මේ සාධක අනුව සමහර විට සංවර්ධිත යනුවෙන් හඳුන්වන රටවල් කිහිපයකම ශ්‍රී ලංකාවට පහළින් තියෙන්නේ.

රටක සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක ගැන මේවගේ තව කතන්දර ගොඩක් තියෙනවා. මේ නිසා ජවිපෙ ප‍්‍රමුඛ කණ්ඩායම් තමන් රට සංවර්ධනය කරනවා කියලා කියන්නේ මොකක් ද? කියන එක ගැන පැහැදිලි කිරීමක්, ඒ ඉලක්ක මොනවාද ? ගැනත් කියන්න ඕන. ඒවගේම නිදහසෙන් පස්සේ රටේ කිසිම සංවර්ධනයක් වෙලා නෑ කියන එකත් හේතු සාදක ඇතිව පෙන්වලා දෙන්න ඕන.

රට මෙතෙක් අත්පත් කරගෙන තියෙන දේවල්, සංවර්ධනය නෙවෙයි නම් ඒ මොකක්ද? කියන එක ගැනත් පැහැදිලි කරන්න ඕන. තමන් ආවම රට හදනවා කියන්නේ මේ හදලා තියෙන තැන ඉඳන් ඉස්සරහට හදනවාද, නැතිනම් ආපහු 1948 ගිහින් එතන ඉඳලා කරන වැඩක්ද? කියන එකත් කියන්න ඕන.

ඒත් ඇත්තම කතාව, මේ රට නිදහසෙන් පස්සේ සංවර්ධනය වෙලා නෑ කියලා කියන එකම තනිකර මුග්ධ කතාවක් නැතිනම් අමු තක්කඩි කතාවක් කියන එක.

('අවුරුදු 76 මොනවද කළේ? '  ඉතිරි කොටස් 14 හෙට සිට)

 

 - සුභාෂ් ජයවර්ධන

Last modified on Tuesday, 03 September 2024 16:30

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us