සරළම සහ දැනට අත්විදිමින් සිටින උදාහරණයක් කිව්වොත් හිටපු ජනපති ගෝඨාභයගේ ක්‍රියාකලාපය පෙන්වල දෙන්න පුළුවන්. ඒ පාලනය බිහි වූ හැටියෙම ගත්ත ක්‍රියාමාර්ග නිසා අවුරුදු 5 කට පස්සේ අදත් රට දුක් විඳිනවා. 2022 දී මේවා නිවැරදි කරගෙන දැන් හරි පාරෙම ගියත් තවත් අවුරුදු 5 කටවත් මුළුමනින්ම මේ දුකෙක් මීඳීමක් නැහැ. රටක නායකයා කවුද කියන එක අතිශය වැදගත් වෙන්නේ ඒ නිසා.
ගෝඨාභය පොරොන්දු තොගයක් දුන්නා..සිහින රාජ්‍යයක් මැව්වා.. මේ රටේ මිනිස්සු 69 ලක්ෂයක් දෙනා ඔහුව ඡන්දය දීලා පත්කර ගත්තේ මහ විශාල බලාපොරොත්තු තොගයක් එක්ක.. මිනිස්සු අවංකවම හදවතින්ම එදා ඡන්දය පාවිච්චි කළේ.. මේ රට ගැන, තමන් ගැන, තමන්ගේ පවුල ගැන අහිංසක බලාපොරොත්තු ගොඩක් පොදි ගහ ගෙන.
ගොඩක් වෙලාවට ජනාධිපති ගෝඨාභයත් මේ රට ගොඩනැගීම ගැන අවංකව බලාපොරොත්තු තියාගෙන හිටියාට සැකයක් නැහැ. ඒත් ඔහු ගත් තීන්දු තීරණ නිසා රට ඉතාම කෙටි කාලයක් තුළ කඩා වැටුණා. රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කළා. පීඩනය දරුණු වෙන කොට මිනිස්සුන් ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහුව බලයට ගේන්න ඡන්දය දීපු බහුතරයකුත් ඒ අතර හිටියා. ඔහු වගකීම් අත්හැරලා පලා ගියා..මිනිසුන්ට ඕන වුණා අලුත් පාලකයෙක් ගේන්න. රට පැවැති තත්වයෙන් මුදව ගන්න, මිනිස්සු මුහුණ දුන්න ආර්ථික සමාජීය පීඩා වලින් ගලව ගන්න පාලකයෙක් ඔ්න වුණා.
තිබුණු දේශපාලනික හැලහැප්පිලි වල අවසානයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර ගන්න සිදු වුණා. ඒත් රට වැටී තිබුණු තැන අනුව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවා කිව්වේ රට ආපහු ස්ථාවර කරගන්න අවුරුදු දහයකට පහළොවකටවත් බැහැ කියලා..ඒක තමයි වෙන්න තිබුණු ඇත්ත. පාලකයා මාරු කළා කියල රට වැටෙන කලින් තිබුණ තැනට ආපහු උස්සලා ගන්න එක, එකපාරට වෙන්නේ නැහැ. වෙද හෙදකම් ගොඩක් තියෙනවා කලින් කරන්න..විනාශ කරන එක ලේසියි, ගොඩනගන එක ගොඩක් අමාරුයි.
ජනාධිපති රනිල් මේ අවුරුදු දෙකේ දී රට යන්තම් කෙලින් කළා විතරයි.. ඒ ඔහු අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඒකට ඔහුට තිබුණු ශක්තිය නිසා. ඒත් අඩුම තරමින් 2018 අවුරුද්දේ දී තිබුණු ස්ථාවර තත්වයටවත් රට ගේන්න ඔ්න.. 2027, 2029, 2032 ආදී වගේ අදියරෙන් අදියරට ඉලක්ක තියාගෙන, ඉලක්කම් තියාගෙන මේ ගමන යන්න සැලසුම් කරල තියෙන්නේ ඒ වෙනුවෙන්. කවුරු බලයට ආවත් රට ආපහු ස්ථාවරත්වයට පත්කර ගන්න, මේ ඉලක්කයන් ඉලක්කම් මඟ ඇරලැ වෙන යන්න පාරක් නැහැ.
ආර්ථික පරිවර්තන පනත, ගෙනාවේ මේ ඉලක්ක සහ ඉලක්කම් නීති ගත කරලා ඒ ඉලක්ක සපුරා ගැනීම රජයේ පළමු වගකීම බවට පත් කරන්න. කාටවත් ඒකෙන් පැනලා යන්න බැරි වෙන්න.
ඒත් මේ සියල්ල පදනම් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය එකඟ වුණු ගිවිසුමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙලත් සමඟයි. මේ නිසා මේවා හිතුමතේ වෙනස් කරන්න බැහැ. රටවල් 18 ක් එක්ක අවුරුද්දකටත් වඩා කාලයක් මේ ගිවිසුම් එකඟතාවලට එන්න අමාරු කතාබහක් කරන්න සිදු වුණා. අපි ගත්තු ණයක් ගෙවන් නැතුව ඉඳලා..පස්සේ , ඒ ණය අඩු කරගන්න, පොලිය අඩු කරගන්න ගෙවන්න වෙන කාලය වැඩි කරගන්න, ණය දුන්න අයව කැමැති කරගන්නවා කියන එක ලේසි වැඩක් නොවෙයිනේ.. ඒත් ඒක කර ගත්තා.
අපි බලයට ආවොත් මේ ගිවිසුම් කොන්දේසි වෙනස් කරනවාය, බදු සහන දෙනවාය, අරවා දෙනවාය, මේවා දෙනවා කිව්වට මේ ගිවිසුම් වලින් අංශු මාත්‍රයක්වත් පිට පනින්න බැහැ. එහෙම සෙල්ලම් කරන්න තරම් මේ රටේ ආර්ථික ස්ථාවරත්වයකුත් නැහැ.
ආර්ථිකය ගැන යමක් කමක් දන්න සියලු දෙනා මේ ඇත්ත දන්නවා. වෙනස් කළොත් නැවත හිටපු තැනට වඩා බරපතල අර්බුදයකට රට කඩා වැටීම සිදු වෙන බව පැහැදිලි දෙයක්.
ඒ කොහොම වුණත් දැන් ජනාධිපතිවරණයක් තියෙනවා.. සැප්තැම්බර් 21 වෙනිදා අපි අලුත් පාලකයෙක් තෝර ගන්නවා. අපේ කැමැත්ත, අපේ ආසාව වුවමණාව අනුව ඒක වෙනවා..
අපේ පක්ෂය, අපේ පක්ෂ නායකයා, අපි දන්න කියන අපේ හිතවතා.. එයා රට හදයි.. එයා පොරොන්දු ගොඩක් දීලා තියෙන්නේ.. එයාට තමයි වැඩි දෙනාගේ ආකර්ෂණයක් තියෙන්නේ... ඒ නිසා ඡන්දය දෙනවා.. එයා තමයි දිනන්නේ කියලා ගොඩක් අය කියන නිසා අපි දිනන කෙනාට දෙනවා. මොකක් හරි වෙනසක් රටට ඕන, එ් අලුත් කෙනාට දෙනවා.. එයාල මිට කලින් කරල නෑනේ ඒ නිසා දීලා බලනවා... මේ වගේ විවිධ හේතු මත ජනාධිපතිවරයා තෝරා ගැනීම අපි කරනවා.
හැමදාම වුණේ මෙහෙම දේවල්. ඒ තීන්දු තීරණ වල හොඳ නරක අපි අත් විඳලා තියෙනවා. යහපත් අයහපත් දේවල් වුණා. එ් වගේ මේ ගමනත් මොන මොනවා හෝ වෙයි.. එ්ක කියන්න දන්නෙ නැහැ.
ගෝඨාභය එන කොට විරුද්ධ පාක්ෂිකයන් පවා හිතුවා මිනිහා මොකක් හරි වෙනසක් කරයි කියලා.. හැබැයි ඒ මොකක් හරි දේ අන්තිමට රට බංකොලොත් කිරීමක් වුණා..අන්තිමට මිනිහත් නෑ.. වගකියන්න කෙනෙකුත් නැහැ...ඒත් දුක් වින්දේ අපි හැමෝම.
ඒ මොකවත් නොදැන ගෝඨා වැඩ කරපු නිසා නෙවෙයි.. තමන්ගේ කණ්ඩායමේ මතය තමයි හරියි කියලා හිතපු නිසා. රට ගැන, රටේ ආර්ථිකය ගැන දන්න මිනිස්සු කියපු දේවල් කණකට නොගෙන තමන් වටේ හිටපු දේශපාලන මුග්ධයන්ගේ උපදෙස් පිළිගත්ත නිසා.
2019 ජනාධිපතිවරණයටත් කලින්ම ගොඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැකලා ගොඩක් අය කිව්වා, මේවා කරන්න ගියොත් රට ලොකු අර්බුදයකට යනවා කියලා.. හිටපු ඇමැති මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලකයන් වගේම හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී වැනි ආර්ථික විශේෂඥයන් ගනනාවක්ම මේ අනතුර ගැන කියලා තිබුණා.. නමුත් ගානකට ගත්තේ නැහැ.. අපි කරලා පෙන්වන්නම් කිව්වා..
මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ප්‍රායෝගික නොවන, ජනප්‍රිය පොරොන්දු ඔ්න තරම් දෙන්න පුළුවන්.. ඒත් බලය ලැබුණා කියා වග විභාගයක් නැතිව, ඒ පොරොන්දු ඉටු කරන්න යෑමේ විපාක ගෝඨාභය පාලනය පෙන්වලා තියෙනවා. ඒ නිසා මැතිවරණ වලදී ජනතාවට දෙන පොරොන්දු යථාර්ථවාදී විය යුතුයි.
ඒත් මේ වන විට ජනාධිපතිවරණ වේදිකාවේ සජිත්-අනුර දෙපාර්ශ්වයෙන් ලබා දෙන පොරොන්දු ගොඩක්ම යථාර්ථයෙන් දුරස්, ජනප්‍රිය වීමේ වුවමණාව මතම ලබා දෙන ඒවා බව පැහැදිලියි. ඒ වගේම අනතුරු දායකයි.
එදා ගෝඨාට අනතුරු හැඟෙව්වාට වඩා වැඩි බරකින් අද මේ විපක්ෂයේ නායකයන්ට අනතුරු හැඟවීම් සිදු වෙනවා.. ඒවා ජාත්‍යන්තර මට්ටමින්ම දැනු වෙනවා. මොකද අද අපිට තියෙන අවදානම ගොඩක් වැඩියි.
රට ඇත්තටම මුහුණ දීලා තියෙන බරපතල අවදානමක් තියෙද්දී මේ සිල්ලර ජනප්‍රිය පොරොන්දු ඉටු කරන්න වුණොත් මොනවැයින් මොනවා සිදු වෙයිද? මේ පොරොන්දු දැකලා අහලා, ඇස් නිලංකාර කරගෙන, කන අඟුල්දාගෙන ඡන්දය පාවිච්චි කරන එක, තමන් විතරක් නෙවෙයි රටම අති දැවැන්ත අර්බුදයකට තල්ලු කරන තීරණයක් වෙන එක වලක්වන්න බැහැ.
මේ නිසා ඡන්දය පාවිච්චියේ දී තමන්ගේ නායකයා, තමන්ගේ පක්ෂේ එකා, තමන් ආස කෙනා, දිනන කෙනා වගේ සරළ කල්පනාවන් එක්ක නැතිව.. මේ වෙලාවේ රටට අවශ්‍ය නායකත්වය මොකක්ද? රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? වැඩපිළිවෙල මොකක්ද? අඩුම අවදානමක් ඇති තීරණය මොකක්ද? වගේ හැම දෙයක් ගැනම හිතලා බලල ඡන්දය පාවිච්චි කිරීම වෙන්න ඔ්න..
මේක තමන්ගේ සිහි බුද්ධියේ මොළයේ තරම පරික්ෂා කිරීමක් විදිහට හිතන්න.. ඒකට ඉස්සෙල්ලාම 'අපිට ඕන, අපි කැමති එකා දිනන්න.. එච්චරයි' කියන පුටු ආකල්පයෙන් මිදෙන්න..ධෛර්ය සම්පන්න වෙන්න ඔ්න.
ඒ වුණත් අපි දන්නවා තමන්ගේ පාක්ෂික භාවයට, කැමැත්තට, ආසාවට විරුද්ධව තීන්දුවක් ගැනීම පහසු දෙයක් නෙවෙයි. ඒක දුෂ්කර බව ඇත්තක්. ඒත් එහෙම වුණා කියලා ලැජ්ජාවට හෝ බයට පත් වීමට ඒක හේතුවක් නෙවෙයි. හරි දේ කරන්න බය වෙන්නවත් ලැජ්ජා වෙන්නවත් ඕන නැහැ. .
මේ වෙලාවේ අපිත් රටත් අර්බුදයකට ලක් වෙන්න පුළුවන්.. බරපතල අවදානමක් තියෙනවා කියලත් දැනගෙන..වඩා නිවැරදි තීන්දුව මඟ හැරීම ජීවිතයේ කරන බරපතලම වරද්දා ගැනීම වෙන්න පුළුවන්..ගිය පාර ගෝඨාට දුන්න වගේ... ලැජ්ජා වෙන්න, බය වෙන්න සිද්ධ වෙන්නේ එහෙම වුණොත්.
මේ මොකක් වුණත් රනිල්ට ඡන්දයක් දෙන්න කොහොමටත් හිත හදා ගන්න බැරි අය ඉන්නවා.. ඒ පරණ පුරුදු පක්ෂ දේශපාලනය ආකල්ප වලින් ගැලවීමට තරම් ප්‍රඥාවන්ත භාවයෙන් තොර මිනිසුන්ය. ඒ අයව වෙනස් කරන්න බැහැ. ඒකෙන් කමක් නැහැ..
ඒත් මේ වෙලාවේ රනිල් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි.. ආර්ථික ප්‍රතිපත්තියක සංඛේතාර්ථයක්... මේ පාර දිනන්නේ හරි පරදින්නේ හරි රනිල් නෙවෙයි. රට ගොඩනඟන්න තියෙන එකම ස්ථිරසාර වැඩ පිළිවෙල.
රනිල් ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙක් විතරයි. ඔහු පක්ෂ දේශපාලනය අත් ඇරලා ආවෙත් ඒකයි.
ඒක කොහොම වුණත් අපිට රනිල්ගෙන් වැඩක් නැහැ.
වැඩේ තියෙන්නේ ඔහු මොන අමාරුකම් මැද්දේ හරි ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලේ සාර්ථකත්වයක් දකින්න තියෙන එක. එ් වැඩපිළිවල නැතිව මේ වෙලාවේ වෙනත් විසඳුමක් රටට නැහැ කියන එක අපි දන්නවා.
ඒක අපිටත් වඩා සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් දන්නවා.. ඒකත් ඇත්ත.. දෙගොල්ලොම මෙම අයිඑම්එෆ් ගිවිසුම අහෝසි කරනවා කියන්නේ නැහැ. කිව්වොත් මිනිස්සු දැනගන්නවා මේ අයගේ මුග්ධ කම. ඒත් ඒක පිළිගන්නවා කියලා කෙලින් කියන්නෙත් නැහැ. ඒ එහෙම කිව්වොත් ඒ ළකුණු රනිල්ට යනවා කියලා පටු විදිහට හිතන නිසා. ඒ නිසා ගිවිසුම සංශෝධනය කරගෙන ඉස්සරහට යනවා කියලා තමා කියන්නේ. ඒත් මේක එහෙම කරන්න බැහැ. එක්කෝ ගිවිසුම ඉරන්න ඔ්න, නැතිනම් මේ යන විදිහටම යන්න ඔ්න. දෙකෙන් එකයි.
ඉතින් මේ නිවැරදිම සහ එකම වැඩපිළිවෙල යෝජනා කරපු, ඒ වෙනුවෙන්ම පෙනී ඉන්න, ඒක ක්‍රියාත්මක කරන, ඒක සාර්ථක කරගෙන රටට ජනතාවට මේ වන විටත් ඉහළ ප්‍රතිලාභ අරන් දෙන්න සමත් වුණු ජනාධිපති රනිල්ගේ පාලනය තවත් අවුරුදු කිහිපයක් රටට අවශ්‍ය බව තේරුම් ගන්න මහ ලොකු බුද්ධියක් ඔ්න වෙන්නේ නැහැ.
මේ ඇත්ත දිහා පටු දේශපාලනික ඇසකින් නොබැලිය යුතුයි. පාට කණ්නාඩි දමා ගෙන නොබැලිය යුතුයි. ඇත්ත ඇති සැටියෙන් පැහැදිලිව හිතන්න දකින්න අපට පුළුවන් විය යුතුයි.
තමන් නිවැරදි තීන්දුවක් ගත්තොත් ඒ තීන්දුව නිසා තමන්ට අත්පත් වෙන ප්‍රතිලාබ ගැන හෙට දවසේ දී සතුටු වෙන්න පුළුවන්. රට යම් සාර්ථකත්වයට පත් වුණැයින් පස්සේ තමන් කැමති දේශපාලනය කරන්න, කාටවත් බාධාවක් නැහැ. එහෙම කරන්නත් ඕන. ඒක අපේ අයිතිය..
ඒත් මේ වෙලාව.. රට වෙනුවෙන් කැප කරන්න. ඔබ වෙනුවෙන් කැප කරන්න... ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් කැප කරන්න... අපි අපි වෙනුවෙන් කැප වෙමු.
සැප්තැම්බර් 21 දායින් පසුව අපි කාටත් ඇත්තටම සතුටු වෙන්න පුළුවන් තීන්දුව ගමු..!
- සුජය