රුසියාවට යුක්‍රේනයෙන් ප්‍රහාර

Published in විදෙස්
Monday, 02 September 2024 09:31

යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ විදුලි බලාගාර දෙකක ගිනි ගෙන ඇතැයි වාර්තා වෙයි.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ, මොස්කව් අගනගරය සහ වෙනත් ස්ථාන 15ක් පමණ ඉලක්ක කරමින් යුක්‍රේනය විසින් ඩ්‍රෝන යානා 158කට වැඩි ගණනක් එවා තිබූ බවයි.

මෙම ඩ්‍රෝන සියල්ල විනාශකළ බවට රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුව ද මොස්කව් නුවර නගරාධිපතිවරයා පවසා ඇත්තේ එල්ලවූ ප්‍රහාර හේතුවෙන් නගරයේ පිහිටි තෙල් පිරිපහදුවක “තාක්ෂණික කාමරයක” ගින්නක් හට ගෙන ඇති බවයි.

ඔහු පවසා ඇත්තේ මොස්කව් අගනගරය සහ ඒ අවට ස්ථාන ඉලක්ක කරමින් අවම වශයෙන් ඩ්‍රෝන යානා 11ක් පමණ එවා තිබූ බවයි.

මේ අතර, රුසියානු අගනුවර සිට කිලෝමීටර් 120 ක් පමණ දුරින් පිහිටි විදුලි බලාගාරයක් ආසන්නයෙන් ද විශාල පිපිරීම් ඇසුණු බව වාර්තා වී තිබේ.

එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ද ප්‍රහාරයක් හේතුවෙන් ඇති වූ ගින්නක් මැඩපැවැත්වූ බවට පිළිගෙන ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු හෙළි නොකළ බව මාධ්‍ය වාර්තා පවසයි.

මොස්කව් කලාපයේ පිහිටි බලාගාරයකට ද ප්‍රහාර එල්ල වී ඇති නමුත් එයින් කිසිදු හානියක් සිදු වී නොමැති බව සඳහන් වේ.

නමුත් මෙම ස්ථාන තුනේම පිපිරීම් සහ ගිනි ගැනීම් සිදු වී ඇති බවට සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන පළ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් යුක්‍රේනය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

 

-ada derana 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us