සජිත්ලා අනුරලා පසුගියදා තමන්ගේ මැතිවරණ පොරොන්දු පත්‍රය පසුගිය දා ප්‍රකාශට පත් කරලා තිබුණා. නමුත් මේ වැඩසටහන් තොගය සකස්ව ඇත්තේ විය හැකි අවදානම් නොසලකා හැරලා. සාමාන්‍ය තත්වයන්ට වෙනස්ව කුමක් හෝ ගැටලුවකට ඔවුන්ගේ පාලන සමයේදී මුහුණ දීමට සිදු වුවහොත් මේ පොරොන්දු ඔක්කොම හබක්.

ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍ර වලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවසා තිබේ.

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන 'one-chop' ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත.

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සහ රැකියා ප්‍රදර්ශනයක් වන EDEX Expo 2024 සැප්තැම්බර් 6, 7 සහ 8 යන දිනවල BMICH හිදී පැවැත්වෙන අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් සහභාගී වේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවට සත්‍ය හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දිවයින පුරා රෝහල් ඉදිරිපිට අද (03 වැනිදා) ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (03)සිට ආරම්භ වෙයි. ඊට යොදා ගැනෙන තැපැල්කරුවන් සංඛ්‍යාව 8,000 කි.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

Connet With Us