සුමන්තිරන්‌ එදා සජිත්ව අගමැති කරන්න යෝජනා කළා, ඒත් බයේ පැනලා ගියා. - ජනපති

Published in පුවත්
Monday, 02 September 2024 21:44

මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වීමෙන් පසුව එම්‌. ඒ. සුමන්තිරන්‌ මන්ත්‍රීතුමා, අගමැති ධුරයට යෝජනා කළේ විපක්ෂ නායකවරයාව නමුත් ඔහු එය භාර නොගෙන පලා ගිය බව ජනාධිපතිවරයා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්‌ දොම්පේ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැලියක දී මේ වන සඳහන් කර සිටියේය.

"ඔබ සියළු දෙනා මීට අවුරුදු දෙකට කලින්‌ සිටියේ ඉන්ධන , ගෑස්‌ , ඹෟෂධ , පෝලිම්‌ වලයි . එදා පෝලීමේ ඉඳලා එපා වුණා.ඇතැමුන්‌ පෝලීම්‌ වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සම්ප්‍රදායේ හැටියට ඊළඟට අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි . ඊට කලින්‌ සතියේ අපි අතර සාකච්ඡාවක්‌ තිබුණා . එහිදී එම්‌. ඒ. සුමන්තිරන්‌ මන්ත්‍රීතුමා කිව්වා අගමැති අයින්‌ වුණොත්‌ ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න ඉඩ දෙන්න ඕන කිව්වා අපට ප්‍රශ්නයක්‌ නැහැ. මම කොහොමද ආණ්ඩුවක්‌ හදන්නේ? ඒ කාළේ මට කවුරුත්‌ හිටියේ නෑ . මම විතරයි. සජබේ සමහර අය මා සමඟ කතා කරන්නත්‌ බයයි.

ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත්‌ හිතුවා සජිත්‌ අගමැති ධූරය භාරගනියි, ඊට උදව්‌ කරන්නම්‌ කියලා. නමුත්‌ එදින සවස්‌ වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධූරය භාර ගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා . ඊළඟ දවසේ ෆීල්ඩ්‌ සරත්‌ ෆොන්සේකා අගමැති ධූරය භාරගන්න ගියාත්‌ එතුමාත්‌ බැහැ කිව්වා. අනුර කුමාර කතා කළේවත්‌ නැහැ.

ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක්‌ ලැබුණා අගමැති ධූරය භාරගන්න කියලා . මා එක්ක යන්න මට අත්පොළසන්‌ දෙන්නවත්‌ කවුරුත්‌ නෑ . මම තනියම ගිහින්‌ දිවුරුම්‌ දීලා ආවා. එතකොට තමයි මෙතුමන්ලා සියලු දෙනා ආණ්ඩුවට එකතු වුණේ. ආපසු ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. මම ජනාපතිධූරයේ වැඩ බලන්න හිටියත්‌, සජිත්‌ කිව්වා ඔබතුමා වැඩබලන ජනාධිපති ධූරය භාරගන්න එපා කියලා. මම ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා? නැහැ කිව්වා. අනුරගෙන්‌ ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා. ඔහුත්‌ ගන්නේ නැහැ කිව්වා. කථානායකතුමාව යෝජනා කළා . එතුමා කිව්වා මම ගන්නේ නැහැ, මට මේක කරන්න බැහැ කියලා . ඒ අය වාද කරන අතරේ පාර්ලිමේන්තුව වටලන්න ආවා . ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි සියලු නායකයන්‌ පලා ගියා. මම හමුදාපතිට කිව්වා මේක නවත්වන්න. මම එදා පාර්ලිමේන්තුව වටලන එක නවැත්තුවේ නැත්නම්‌ අද ලංකාවත්‌ බංග්ලාදේශයක්‌ වෙනවා එහෙනම්‌ බංග්ලාදේශයේ වගේ මෙහෙත්‌ පාර්ලිමේන්තුවක්‌ නැහැ. එදා ඒ විදිහට ආණ්ඩුව අරගෙන තමයි අපි මේ රට දියුණු කළේ .

අපට මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි . අපි ඇති කළ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජීවන බර තවත්‌ සැහැල්ලු කළ යුතුයි . රුපියල ශක්තිමත්‌ වන විට ගතවූ අවුරුදු දෙක තුළ බඩු මිළ අඩුවුණා. මම ඉන්නේ රුපියල තවත්‌ ශක්තිමත්‌ කරන්නයි . දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතුයි. බදු බර, ජීවන බර සැහැල්ලු කරන්න එම කටයුතු සිදුකළ යුතුයි" යනුවෙන්‌ ද ජනාධිපතිවරයා කීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us