ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා

Published in පුවත්
Tuesday, 03 September 2024 09:42

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාගයට අදාළ දෙවැනි ප්‍රශ්න පත්‍රය එදින උදෑසන 9.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වේ. රට පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වේ.

මෙම විභාගය සඳහා අයදුම් කළ අපේක්ෂකයන්ගේ පැමිණීමේ නාම ලේඛනය අදාළ පාසලේ විදුහල්පති වෙත තැපැල් මඟින් මේ වන විට යොමු කර තිබේ. එම ලේඛන මෙතෙක් ලැබී නැත්නම් විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් පැමිණීමේ ‍ලේඛනය බාගත කර ගත හැක. එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් මේ මස 09 වැනිදා දක්වා මාර්ගගතව සංශෝධනය කිරීමට පහසුකම් සලසා තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us