දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලවලට බය ඇති කරේ ජනතා විමුක්ති පෙරමුණ - චම්පික

Published in පුවත්
Monday, 02 September 2024 14:54

රජයේ විශ්ව විද්‍යාල වලට නවක වාදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට පැමිණීමට බයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා සිටියි.


ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමිනි.

එහිදී ඔහු කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වි ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බවටත් ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණක් බවය.


එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී පාඨලී චම්පික රණවක "නවක වදය කියලා ලිංගික වද හිංසා වලින් පටන් අරන් තිරස්වින වද ක්‍රියාවලියක් විශ්ව විද්‍යාල වලට ගෙනාවේ කවුද? අනුර දිසානායක මහත්තයාලගේ දේශපාලනය ලාල් කාන්ත මහත්තයලගේ දේශපාලනය තමයි ඒක කළේ. අද අවුරුදු තුනේ උපාධියට ගියහම අවුරුදු පහක් හයක් යනවා. මොකද උනේ? පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මහා ජාලයක් ඇති වුණා. රජයේ විශ්ව විද්‍යාලයට දරුවා යවන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ පුද්ගලික විශ්ව විද්‍යාල රැල්ල රටේ හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය අනුර දිසානායක මහත්තයලා. විශ්ව විද්‍යාල අරින්නෙ කවද්ද? වහන්නේ කවද්ද? ඉස්කෝල අරින්නේ කවද්ද? වහන්නේ කවද්ද? කියලා තීරණය කළේ ඒ ගොල්ලෝ. දරුවන්ට ලැබිව්ව එක ම දේ කදුළු ගෑස් පමණයි. මොකද ඒවයි වද වේදනාවට ලක්වෙච්ච පරපුරක් අපි. දැන් මොකද කිව්වේ? හැම පුද්ගලික විශ්ව විද් යාලයටම විරුද්ධ වුණා. මම කියනවා පුළුවන් නම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ, තමන්ගේ දරුවෝ ගිය විශ්ව විද්‍යාල ටික පෙන්නන්න කියලා රජයේ විශ්ව විද්‍යාලය. මේගොල්ලන්ගේ සමහර අයගේ දරුවෝ කෙලින්ම පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇරියේ. පුළුවන් නම් කියන්න මගේ දරුවෝ මෙතන, මගේ දරුවෝ දෙන්නම රජයේ ඉස්කෝලේ ගියේ. මගේ දරුවෝ දෙන්නම රජයේ විශ්ව විද්‍යාලයේ ගියේ A/L පාස් වෙලා. මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න. "

යැයි මන්ත්‍රී පාඨලී වම්පික රණවක වැඩි දුරටත් කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us