ජපානයේ රැකියා සිහිනය සැබෑ කරගන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

Published in පුවත්
Tuesday, 03 September 2024 10:33

ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍ර වලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවසා තිබේ.

පසු ගිය දා ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා (Hisayoshi Kimura) හා අධ්‍යක්ෂක මසනෝබී කොමියා (Masanoby Komiya) යන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන සභාපති ජෙෆ් ගුණවර්ධන හා සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් කාර්යාංශයේදී හමු වූ අතර, එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

IM Japan ආයතන මගින් ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිෂ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍ර වල රැකියා අවස්ථා ලබා දෙන අතර, ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් යන ක්ෂේත්‍ර වල වැඩි රැකියා අවස්ථා ලාංකික තරුණ ප්‍රජාව වෙත ලබාදීමට ජපාන නියෝජිතයින් එක ගතාවය පළකර ‌ තිබේ.

එසේම ඉහත ක්ෂේත්‍ර වල පුහුණුව ලැබූ තරුණයින්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට ඇති කිරීමට මෙහිදී සාකච්ඡා කර ඇති අතර IM Japan වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 500ට ආසන්න ප්‍රමාණයකට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව හිමි වී ඇත. තවත් පුහුණු ලාභීන් 100ට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us