වෛද්‍යවරු අද පැය 2ක් වර්ජනයේ

Published in පුවත්
Tuesday, 03 September 2024 09:26

ජනතාවට සත්‍ය හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දිවයින පුරා රෝහල් ඉදිරිපිට අද (03 වැනිදා) ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අද (03 වැනිදා) දහවල් දෙළහේ සිට පස්වරු දෙක දක්වා පැය දෙකක කාලයක් වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසීය.

සෞඛ්‍ය පද්ධතිය තුළ සහ ඉන් පරිබාහිර පාර්ශ්වයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යාය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත්වීම් නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව එම සංගමය පෙන්වා දෙයි.

වෘත්තීය සමිති නායකයන්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ආයතන සංග්‍රහය තුළ අඩංගු නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව, ඉතිහාසය පුරාම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සහ විෂමාචාර පිළිබඳව ජනතාව ඇතුළු පාර්ශ්ව දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කටයුතු කර තිබේ.

වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා, වංචා දුෂණ සහ වැරදි පිළිබඳ තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කර ගනිමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව අඩු වී නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

වෘත්තීය සමිති නායකයකු ලෙස, 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බදුල්ල රෝහලේ තිබුණු ඖෂධ හිඟයත්, ඒ හරහා සෞඛ්‍ය සේවාවන්ට සිදුවන බලපෑමත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම බරපතළ වැරැද්දක් සේ හුවා දක්වමින්, බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ද අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මෙහි මූලික විමර්ශනයේ සිටම මෙම පරීක්ෂණය පවත්වා ඇති ආකාරය පිළිබඳව ගැටලු ගණනාවක් ඇති අතර වෛද්‍ය පාලිත රාජපක්ෂට, වෘත්තිය සමිති නායකයකු ලෙස මාධ්‍ය ඉදිරියේ තම රාජකාරියට බාධා කරන ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට ඇති නීතිමය අයිතිය ද මෙම විමර්ශනය හරහා අහුරා දැමීමට උත්සාහ කර ඇති බව එම සංගමය පවසයි.

මෙම අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණය වහාම ඉවත් කර ගනිමින් වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉටු කිරීමට සහ වෘත්තීය සමිති නායකයන්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කිරීමට මැදිහත් වන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු සියලු වගකිවයුතු බලධාරීන්ට මෙන්ම දේශපාලන නායකත්වයට ද දිගින් දිගටම ඉල්ලීම් කළත්, තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදුකරන බවක් පෙනෙන්නට නොමැති නිසා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

- අරුණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us