News Items (18842)
ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට මැදිහත් වෙන්නේ නෑ රුසියාව තහවුරු කරයි
ශ්‍රී ලංකාව සිය ජනාධිපතිවරණයට ළං වන විට, එරට තානාපති ලෙවන් ඩගාරියන් වෙනත් ජාතීන්ගේ දේශීය කටයුතුවලට මැදිහත් නොවන වග අවධාරණය කළේය.
අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ (අවුරුදු 76 මොනවද කළේ ? - 4 වන කොටස)
නිදහසෙන් පසුව තිබුණු අනෙක් විශාලම අභියෝගය වුණේ රටේ අධ්‍යාපනය ගොඩනැංවීම. රට තිබුණු තැනින් ඉදිරියට යන්න නම් අනාගතය ඉලක්ක කළ අධ්‍යාපන ප්‍රතිංස්කරණයන් වගේම යටිතල පහසුකම් වර්ධනය කළ යුතු වුණා. ඒ වන විටත් නිදහස් සහ නොමිලයේ අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබුණත් අද්‍යාපනයේ වටිනාකම සමාජයට තේරුම් ගිහිල්ලා තිබුණේ නැහැ. මේ නිසා සමාජ ආකල්ප වර්ධනය කිරීමේ වැඩ සටහන් පවා තෝරන්න සිදුව තිබුණා.
ලංකා බිස්නස් කවයේ ව්‍යාපාරිකයින්ට අලුත් සහතිකයක්
ලංකා බිස්නස් කවය (LANKA BUSINESS RING) සහ International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.
මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිමේ නීති ලිහිල් කිරීමට ජනපති සුදානම්
මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිමේ නීති ලිහිල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙරට ආනයනික පොල් තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.
මෑත කාලයේ කලාකාරයෙකුට අත්වුනු කණගාටුදායකම ඉරණම අත්වුනේ මේරියන්ස්ලාටයි. තමන් හිනාවෙවී වීඩියෝවක් දැමීමේ වරදට ප්‍රසිද්ධ සමාවක් ගන්න ඒ අයට සිද්ද වුනා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ දෙදෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
