රාජ්‍ය සේවකයන් තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුයි -වජිර

Published in පුවත්
Wednesday, 04 September 2024 10:10

මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කළ කටයුත්තක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය ලැබූ සෑම අවස්ථාවකදීම රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනගිය බව සිහිපත් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය කුලයට හෝ ආගම්වාදයකට නායකයෙක් සොයන මැතිවරණයක් නොව, මේ රටට ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර දී ලෝකයේ බලගතු රටක් බිහිකරන නායකත්වය තෝරාගන්නා මැතිවරණයක් වන බැවින් රාජ්‍ය සේවක සැම තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇති බවයි .

‘උරුමය’ සහ ‘අස්වැසුම’ ද මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මිස විවිධ දේශපාලනඥයින් පවසන පරිදි ජන්දය අපේක්ෂාවෙන් ක්‍රියාවට නඟනු ලැබූ වැඩසටහන් නොවන බව පැවසූ වජිර අබේවර්ධන මහතා, මේ සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය හැසිරවීමෙන් ජනතාව ලබන ප්‍රතිලාභ බව පෙන්වා දුන්නා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවේදීයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us