බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
News Items (18842)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත්කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුව සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥ ඇඩ්වොකාටා AdvocataPlus ආයතනයෙහි සභාපති මුර්තසා ජෙෆර්ජී විසින් සිදු කරන එම විවරණයෙහි සිංහල පරිවර්තනය. 'ලිබරල් තරුණ ව්‍යාපාරය' සිය වෙබ් අඩවියෙහි පලකර ඇත. ඒ අනුව එහි සාධනීය ලක්ෂණ මෙන්ම ඇතැම් කරුණු කෙරෙහි විවේචනයක්ද ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය සංචිත බැංකුව වෙත මේ වසරේ (2024) පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ගෙවා ඇති බව මහ බැංකුවේ නිල දත්ත වාර්තා පෙන්වා දෙයි.
වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ගලවන්න. මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
වාහනවල අලවා ඇති සියලුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසැල් සැප්තැම්බර් 20 වනදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි
විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් බිලියන 4.2 ක් මෙරටට එවලා
2024 අගෝස්තු මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 577.5 ක් ලෙසින් වාර්තා වේ.
කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය.
රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පිළිතුරු දෙන්න සූදානම්, අනුරගෙන් රනිල්ට ඇරයුම් !
රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
