ජනපති රනිල්ගෙන් අනුරට අභියෝගයක්

Published in පුවත්
Tuesday, 10 September 2024 09:33

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන් විසින් "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දී ඇති බවය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

"අපි ඇති කරලා තියෙන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. නැත්නම් ආපහු පහළට යනවා. ඒක කරන්න තමයි මගේ වැඩසටහන 'පුළුවන් ශ්‍රී ලංකා' ඔබට දෙන්නේ ඒ වරම ලබාගන්න. සජිත් ගැන කියලා වැඩක් නෑ. හැම එකම දැන් නොමිලේ දෙනවලු. තව ටික කාලයකින් නොමිලේ නෙමෙයි ඒක ගන්න කියලා මුදල් දෙයි. මොකද්ද මාලිමාව කියන්නේ, 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' කියලා. මම ජනාධිපති වුණාට පස්සේ එහෙම කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මේ මගේ මිත්‍ර අනුරට...ආ... දැන් මිත්‍රයා කියන්න එපානේ...හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් මම අහන්න කැමතියි. මම බැලුවා ඒ අයගේ අයවැය. මෙහෙම අයවැයක් හැදුවේ අර බැනියමේ හිල් තියෙන එක්කෙනාද? මේක කරන්න බෑ."

මේ අතර අනුර කුමාර දිසානායකට තමා මූලික ප්‍රශ්න දෙකක්‌ යොමු කරන අතර එම ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනතුරු තමා හැම වේදිකාවකම
එම ප්‍රශ්න දෙක විමසන බව ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මහතා වැලිමඩ දී පැවසීය.

අනුර කුමාර අනුමත කරන්නේ ආනයන ආර්ථිකයද? අපනයන ආර්ථිකයද?යන ප්‍රශ්නයට මුලින්‌ පැහැදිලි පිළිතුරක්‌ දෙන්නැයි කී
ජනාධිපතිවරයා දෙවැනිව තම රජය ඉදිරිපත්‌ කළ දුෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවාද? නැද්ද? එසේ නැතිනම්‌ දූෂණ
මර්දනය කිරීමේ වැඩසටහන එක නීතියකට ලඝු කරනවාද? කියා වහා පිළිතුරු දෙන්නැයි කීය.

ආනයන -අපනයන ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය තමා මොරවකදී විමසූ දිනට පසු දින අනුර කුමාර අසනීප වී ඇතැයි තමාට ආරංචි වූ බව
කී ජනාධිපතිවරයා තම ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ඉක්මනින්‌ සුවපත්‌ වී එන්නැයි ප්‍රාර්ථනා කරන බවද කීය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියද ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ
පැවති ජනරැළියට සහභාගී වූවාය

මේ අතර ඊයේ ගම්පොළ පැවති ජනරැලියට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

"ඔබ සියලුදෙනාම දන්නවා අපේ මාතෘ භූමිය අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදෙන හැම අවස්ථාවකදීම මේක ගොඩගන්න පක්ෂයක්, පාටක්, භේදයක් නැතුව අතදික් කළ මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි බලන් හිටියා මම විපක්ෂයේ මන්ත්‍රීවරියක් විදියට සමහර දාට, මෙතුමා පාර්ලිමේන්තු ඇවිල්ලා රට ගොඩගන්න කියලා ඉල්ලීම් කරද්දි, අද ඔය හංදියක් හංදියක් ගානේ දිනවන්න කියන සමහර අය උපහාසයට හිනා වුණා. ඒ වෙලාවේ ඔයාලගේ බඩගින්න එයාලට දැනුනේ නෑ. මමත් මේක බොහෝම අමාරුවෙන් බලාගෙන හිටියා 2022 ඉඳලා. මේ කතා කරන්නේ රට ගොඩගන්න නේ කියන එක එදා කාටවත් වගේ වගක් තිබුණේ නෑ."

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us