පිළිතුරු දෙන්න සූදානම්, අනුරගෙන් රනිල්ට ඇරයුම් !

Published in පුවත්
Tuesday, 10 September 2024 09:24

රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ  (09) දින ආණමඩුවේ පැවති ජන හමුවකදීය. 

එහි දී ඔහු පැවසුවේ ඒ සඳහා විවෘත සංවාදයක් පැවැත්වීමට තමන් යෝජනා කරන බවයි.

"රනිල් වික්‍රමසිංහ දැන් එක එක ඒවා කියන්න පටන් අරන් තියනවා. මම දැක්කා හැම තැනම කියනවා අනුර මගේ යාළුවා, මා මිත්‍ර අනුර. ඔය එන්නේ මොකටද දන්නවාද ෂේප් වෙන්න. ඒවාට අහු වෙන්නේ නෑ අපි. එයා ආපහු කියනවා එයා මොනවාද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා. 

හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු. අපි සූදානම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි ඔයාව ප්‍රශ්න කරන්නත්. 

එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා එහෙම වැඩක් තියනවාද? අපි එක තැන වාඩි වෙලා ඔයා අහන්න මම කියන්නම් මම අහන්නම් ඔයා කියන්න අන්න එහෙම විවාදයක් කරමු."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us