පෝට් සිටියේ Duty-Free ෂොපිං කරන්න පුළුවන් අය

Published in පුවත්
Tuesday, 10 September 2024 09:37

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය.

සාමාන්‍යයෙන් විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම සාප්පු සංකීර්ණය හරහා ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

ඒ අනුව මෙහි සාප්පු සවාරියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව ප්‍රධාන වශයයෙන් 4 කි.

1. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින්

2. සංචාරකයින්

3. ශ්‍රී ලංකාවෙන් පිටත් වන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින්

4. රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

එබැවින් ඉහත කාණ්ඩවලට අයත් නොවන පුද්ගලයින් හට මෙම සාප්පු සංකීර්ණයට ප්‍රවේශ වීමේ අවස්ථාව නොලැබෙනු ඇත.

යම් අයෙකු ශ්‍රී ලංකාවේ සිට පිටරටකට යන්නේ නම් ඊට පෙර මෙම සාප්පු සංකීර්ණයට පැමිණ භාණ්ඩ මිල දී ගත හැකි අතර අදාළ භාණ්ඩ ගුවන් තොටුපළේ දී ලබා ගත හැකිවනු ඇත.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන යම් අයෙක් වේ නම් ඔහු දිවයිනට පැමිණ දින 4 ක් තුළ තමා සුදුසුකම් ලබන තීරු බදු රහිත මිල දී ගැනීමේ වියදම් සීමාව තුළ, මෙම සාප්පු සංකීර්ණයෙන් මිල දී ගැනීම් සිදුකළ හැකි වේ.

 

- ada derana 

Last modified on Tuesday, 10 September 2024 09:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us