ඉකුත් ජුනි මස වනවිට මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2001.43ක් ණය වී තිබුණි.
ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී එම දත්ත මුල්වරට අනාවරණය වනවිට ඉන්දියානු සංචිත බැංකුව වෙත ණය වී තිබුණු ප්රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2601.43ක් විය. මේ අනුව පෙන්නුම් කරන්නේ එතැන් පටන් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් පමණ ඉන්දීය සංචිත බැංකුව වෙත ගෙවා ඇති බවයි. ඉන්දියානු සංචිත බැංකුව ශ්රී ලංකාව වෙත විනිමය හුවමාරු පහසුකමක් ද ලබාදී ඇත.