සා/ පෙළ ප්‍රතිඵල තව සති දෙකකින්

Published in පුවත්
Tuesday, 10 September 2024 12:11

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවය.

"සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. ඒ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ. මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතාම කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහායි. මේ අවස්ථාවේදී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා තව දින කිහිපයක්... තව සති දෙකක වගේ කාලයක් තුළ අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ මේ ප්‍රතිඵල ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."

Last modified on Tuesday, 10 September 2024 12:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us