පෞද්ගලික බස් රථ, ත්රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි
මේ සම්බන්ධයෙන් සෑම පොලිස් බල ප්රදේශයක්ම ආවරණයවන ආකාරයේ හදිසි පරික්ෂා කිරීම් සිදු කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයේ සදහන්.