රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිදහසෙන් පස්සේ බගයේ හිටපු හැම ආණ්ඩුවක්ම මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගත්ත පියවරයන්ගේ අතිශය සාධනීය පියවරයන්, අඩු පාඩු දෝශයන් මඟ හැරීම් සියල්ල මධ්‍යයේ අද යම් සංවර්ධන මට්ටමක් නියෝජනය කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP ක්‍රියාව' නම් කෘතිය පසුගිය 4 වන දින බෙංගමුවේ නාලක හිමියන් වෙත එය පිළිගැන්වීමින් ජනගත කිරීම සඳහා සියළු කටයුතු සූදානම්ව තිබියදී මැතිවරණ කොමිසම විසින් එය වැලැක්වීමට කටයුතු කළ බවට දිවයින පුවත් පතෙහිම පුවතක් පළ කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ. ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය 

ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය භාවිතා කිරීම සඳහා ළමුන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට අදහස් කරයි. මේ වන විට ළමයින් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිව තිබෙන මානසික සහ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ තත්වයන් නිසා මෙම පියවර ගැනීමට නියමිතය.

Connet With Us