සංවර්ධනයේ ජවිපෙ සාධකය (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 11 වන කොටස) Featured

Wednesday, 11 September 2024 21:08

නිදහසෙන් පස්සේ බගයේ හිටපු හැම ආණ්ඩුවක්ම මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගත්ත පියවරයන්ගේ අතිශය සාධනීය පියවරයන්, අඩු පාඩු දෝශයන් මඟ හැරීම් සියල්ල මධ්‍යයේ අද යම් සංවර්ධන මට්ටමක් නියෝජනය කරනවා.

නමුත් ඇත්ත කතාව මේ මට්ටමෙන් තව ගොඩක් ඉදිරියට යන්න තිබුණා කියන එක. ඒක කරන්න බැරි වීමට හේතු අතර ප්‍රධානම ගැටලුව ඒ ඒ යුගයන් වල තෝරපු ආර්ථික උපාය උපක්‍රම වල වැරදිම් සහ දැන හෝ නොදැන කරපු බාධා කිරීම්. ඒත් ඒ අතර රටට හිතා මතාම කරපු විනාශ කාරී දේවල් තිබුණා. ඒ වෙනුවෙන්ම කටයුත් කරපු දේශපාලන බලවේග තිබුණා.

මේ අතරින් රටට හිතා මතාම විනාශයන් කරපු බලවේග වුණේ එල්ටීටීඊය ප‍්‍රමුඛ උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගත් ත‍්‍රස්ත සංවිධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් සහ ත‍්‍රාඩ ජාතිවාදී ආගම්වාදී කණ්ඩායම් කියන එක වැරදි නැහැ. එල්ටීටීඊය ගැන කතා කිරීමෙහි තේරුමක් නැහැ. සිදු කළේම විනාශයක්. මෙරට ‌‌ඉතිහාසය මුළුල්ලේ එන මහ ජාතියේ ජාතිවාදී මතවාදය මත දෙමළ ජනතාවට කළ තාඩන පීඩන තවදුරටත් ඉදිරියට ගෙන ගිය දේශපාලන පක්ෂ වල ජාතිවාදී ක්‍රියාකාරිත්වයට එරෙහිව දෙමළ ජන ප්‍රජාවගේ සාධාරණ දුක්ගැන්විල්ලක් තිබුණා. දෙමළ ජනයාටත් මේ රටෙන් සිදුවූ අසාධාරණය මත ක්‍රියාත්මක වුණු දේශපාලනයක් තිබුණා. එල්ටීටීඊ්ය කළේ ඒ දේශපාලනය දඩමීමා කරගෙන වෙනම රාජ්‍යයක් වෙනුවෙන් බෙදුම්වාදී ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැඟීම. ඒ අය කළේම මේ රාජ්‍යය විනාශ කර දමා ඒ අයගේ වුවමණාව ඉටු කර ගැනීමට උත්සහ කිරීම. ඒක මුළුමනින්ම ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වුණා. අන්තිමට දෙමළ ජනතාවටම විනාශය ගෙන දුන්නා.kalina l img9

ජවිපෙ ආයුධ අතට ගත්තේ සමාජ අසාධාරණයට එරෙහි සමාජවාදී විප්ලවයක් මඟින් බලය අත්පත් කරගැනීමට බව ප්‍රකටව ඇති කතන්දරය වුණත් ඒක එහෙම වුවමණාවක් අනුව සිදු කෙරුණක් නොවේ. ඒකට සැඟවුණු හේතු තිබෙනවා. එය කිසිවිටෙක පොදු ජනතාවගේ විමුක්තිය සඳහා සටන් කළේ නැහැ. තමන්ගේ පටු අපේක්ෂා වෙනුවෙන් පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න ඉතා ත්‍රාඩ උපක්‍රම තෝරපු සංවිධානයක්. ඊර්ශාව, කුහකකම, සමාජ වෛරය මත පදනම් වුණු සංවිධානයක්. මේ නිසා ජවිපෙ කටයුතු කළෙත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස. ජවිපෙ විනාශ කළේ සමස්ත රටම, මේ රටේ සමස්ත ජනතාවම.

අද මේ ජනතා විමුක්ති පෙරමුණ තවත් අලුත් වේශයකින් මතුවෙලා. ජවිපෙ ඉතිහාසය දන්නා මිනිස්සු ජවිපෙ වෙස් මාරුවේ රඟ හොඳට දන්නවා. ජවිපෙ රටට කරපු විනාශයේ තරම හොඳටම දන්නවා. මොන විදිහට වෙස් මාරු කරගෙන මොන සළුපිළි ඇඳගෙන ආවත් මේ ඉතිහාසය පුරාම ජවිපෙ පරණ ත‍්‍රාඩ ජවිපෙම තමයි.

71 කැරැල්ලෙන් පස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය කරනවා කියලා ජවිපෙ පොරොන්දුවක් දුන්නා වුණත් ආයෙත් කැළෑ පැනලා 87 දිත් ආයුධ අතට අරන් මහා විනාශයක් කළා. ඒත් ඕනෑම සමාජයක ත‍්‍රාඩ කඩප්පුලි වැඩ වලට ආකර්ෂණය වෙන මිනිස්සු හැම කාලයකම ඉන්නවා වගේ ජවිපෙටත් එහෙම පිරිසක් හැමදාම එකතු වුණා. කුඩා කණ්ඩායමක් වුණත් ඔවුන් කරන විනාශය බරපතලයි. දේවල් ගොඩනඟනවා වගේ නෙවෙයි, දේවල් විනාශ කරන එක ලේසියි. ජවිපෙ හැමදාම කළේ ඒ ලේසිම දේ.old may day

රටක් ගොඩනගන්න දරණ වෙහෙස දන්නේ ඒකට දායක වුණු මිනිස්සු. රටක පාලන බලය ගත්ත කවුරු වුණත් උත්සහ කරන්නේ රට ගොඩනඟන්න මිසක් විනාශ කරන්න නෙවෙයි. මොකද එහෙම වුණොත් රට විනාශ වෙන්නේ තමනුත් සමඟ කියලා දන්නවා. පාලකයන් අතින් වැරදීම් වෙලා තියෙනවා. අඩුපාඩු වෙලා තියෙනවා. හොරකම් දුෂණ වංචා වෙලා තියෙනවා. ඒත් ඒවා නිවැරදි කරගෙන යළි නොවෙන්න ක්‍රම විධි හදාගෙන ඉදිරියටයි යන්න ඕන. ඒත් ඒ ඉදිරි ගමනත් කඩාකප්පල් කරන්න කවුරු හරි වැඩ කරනවා නම්, මෙච්චර කාලයකට ඒ අය කළේම ඒක නම්, ඒ අයට රටේ පාලනය බාරදුන්නත් වෙන්නේ ඒකමයි. වෙන කරන්න දෙයක් එයාල දන්නේ නැහැ. ඒ ගැන වගවීමකුත් නැහැ. ජවිපෙ කියන්නේ එහෙම කණ්ඩායමක්. අදත් ජවිපෙ ජාතික ජන බලවේගය නමින් රට හදන්න ඉල්ලුවට රට හදන විදිහ ගැන සුරංගනා කතා මිස පිළිගත හැකි නිශ්චිත කිසිම දෙයක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙන්නේ ඒක නිසා. ඒක ඒ අයගේ වැඩක් නෙවෙයි. ඒක කරන්නත් බැහැ.jvp may day

ජවිපෙ බිහි වෙන්නේ 1965 දී. දැන් අවුරුදු 60 කට ආසන්න දේශපාලන ඉතිහාසයක් එයාලට තියෙනවා. මේ ඉතිහාසය තුළ මේ රට වෙනුවෙන් මොනවද එයාලා කරලා තියෙන්නේ ? මේ රටේ ජනතාව වෙනුවෙන් මොනවද එයාලා කරලා තියෙන්නේ? එයාලා යෝජනා කරපු දෙයකින්, බලපෑම් කරලා කරවගත්ත දෙයකින් මේ රටට මොකක්ද වෙලා තියෙන සෙතේ. එයාලගේ වාම ජාතිකවාදී මතවාදයන් නිසා රටට වෙච්ච සුබවාදී කිසිදු දෙයක් තිබෙනවාද? නැහැ. රට බංකොලොත් වෙන්නෙම මේ වාම ජාතිකවාදය අනුව රට කරවන්න ගිය නිසා. එයාලා ඇමැතිකම් 8 ක්ම අරගෙන රටේ සංවර්ධනයට කියලා කරපු දෙයකුත් නැහැනේ. සංදර්ශන තමයි පෙන්නුවේ. බැරි කම නිසා ඇමැතිකමුත් දාලා ගියා.

1971 කැරැල්ලට ඇත්ත හේතුව

ජවිපෙ බිහි වෙන්නෙම ආයුධ සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍ය බලය අත්පත් කරගැනීම විය යුතුය, සමාජවාදී ආඥාදායකත්වයකින් රාජ්‍යය පාලනය කළ යුතුය කියන උපාය මාර්ගික තීන්දුවත් එක්ක. මාක්ස් ලෙනින්වාදය කියන සමාජවාදී දේශපාලන න්‍යාය තමන්ට ඕන විදිහට වෙනස් කරගෙන, සිංහල ජාතිවාදයත් එකතුකර ගත්ත, ත‍්‍රාඩ මතවාදයක් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ගොඩනැගුවා. ආයුධ සන්නද්ධ සමාජවාදී විප්ලවය ගැන දේශන පවත්වමින්, රහසිගත කැළෑ කඳවුරුවල ඉඳන් සැලසුම් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත්වුණු ආණ්ඩුව පෙරළලා දමන්න. ආණ්ඩුවේ දේශපාලනඥයන් ඝාතනය කරන්න. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කරන්න. මේ වෙනුවෙන් ආයුධ එකතු කළා, බෝම්බ හැදුවා. මේකට විවිධ හේතු නිසා ග‍්‍රාමීයව පීඩාවට පත්ව සිටි තරුණ තරුණියන් පිරිසක් ආකර්ෂණය කරගැනීමේ කතික හැකියාව රෝහණ විජේවීරට තිබුණා. ආණ්ඩුව පෙරළා කියුබානු පන්නයේ විප්ලවවාදී රජයක් ගොඩනගන්න පුළුවන් කියලා ඔහු අනුගාමිකයන්ට දේශනා කළා.sirimawo

ඒත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් ආණ්ඩුවක් පෙරළන්න, ආයුධ සන්නද්ධ කැරැල්ලකට අර අදින බව අනාවරණය වීම නිසා 1970 මහමැතිවරණයට පෙර රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදු වුණා. ඒ අතරෙදි ශ්‍රීලනිපය, වාමාංශික පක්ෂ වුණු ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකතුව සමගි පෙරමුණු සන්ධානය හදාගෙන 1970 මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. සමාජවාදී ආණ්ඩුවක් ගොඩ නඟන බවට පෙරොන්දුව මත මේ පෙරමුණට ජවිපෙ සහය පලකරන බව ප්‍රකාශ වුණා. ඒ වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක වැඩත් ජවිපෙ කළා. ඒත් කෙටි කලකින්ම ජවිපෙ තමන්ගේ සහයෙන් බිහිකරගත් සමාජවාදී ආණ්ඩුව පෙරළා දමන්න සන්නද්ධ කැරැල්ල දියත් කළේ, පොරොන්දු වූ පරිදි සමාජවාදී ආණ්ඩුව බිහි නොකිරීම හෝ වෙනත් දේශපාලනික ආර්ථික හෝ වෙනයම් මතවාදී හේතු තිබුණු නිසා නෙවෙයි.

විජේවීරගේ අහිමි මන්ත්‍රීධුරය

ඇත්තම කතාව රෝහණ විජේවීරට ලැබෙන්න තිබුණු පෞද්ගලික වරප‍්‍රසාදයක් අහිමි වීම මුල් කරගෙනයි. විජේවීර, සිරිමාවෝට උදව් කළේ රහසිගත එකඟතාවයක් මතයි. ඒ සමගි පෙරමුණු ආණ්ඩුවේ පත් කළ සෙනට් මන්ත‍්‍රීධුරයක් විජේවීරට ලැබිය යුතුය කියන එක.wijeweera

එදා පාර්ලිමේන්තුව නැතිනම් ජාතික රාජ්‍ය සභාව ද්විත්ව බලයක් සහිතව ක‍්‍රියාත්මක වුණේ. මහජන නියෝජිතයන්ට ඉහළින් සෙනෙට් සභාවක් තිබුණා. ඒකට මහජන නියෝජිතයන් අතරින් කොටසක් සහ අග‍්‍රාණ්ඩුකාරයා විසින් පත්කරන බාහිර පිරිසක් ඇතුළත් වුණා. ඒ පිරිසෙන් කෝටාවක් විදිහට මැතිවරණයේ ජයග්‍රහණයේ ප්‍රතිශතය අනුව මන්ත්‍රීධුර 6 ක් ලබා දීමේ හැකියාව අගමැති සිරිමාවෝට ලැබී තිබුණා. නමුත් විජේවීරට පොරොන්දු වූ පරිදි සිරිමාවෝට එය ලබා දෙන්න හැකි වුණේ නැහැ. මොකද ඊට වඩා වැදගත් පිරිසකට ඒ අවස්ථාව දෙන්න සිදු වුණා. ජාතිකත්ව නියෝජනයක් සහ පක්ෂයේ වැදගත් නියෝජනයක් සෙනෙට් සභාවට ඇතුළත් කළ යුතුව තිබුණු නිසා. මෙයින් සිරිමාවෝ සමඟ වෛර බැඳගත් විජේවීර කළේ හංගගෙන හිටපු ආයුධ එළියට අරගෙන ඒ ආණ්ඩුවට විරුද්ධව ත‍්‍රස්ත කැරැල්ලක් ගහන්න සුදානම් වීම. මේ ආරංචිය සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළත් ගෝල බාලයන් පිරිස කැරැලිල ගැහුවා. 71 කැරැල්ල කිව්වේ ඒකට.

අගමැති සිරිමාවෝ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමටත් උත්සහ කළා. එදා විපක්ෂයේ සිටි ජේ ආර් ජයවර්ධන තමන්ට ලැබුණු ඔත්තුවක් අනුව ක්‍රියාත්මක වීම නිසා සිරිමාවොගේ ජීවිතය බේරුණා. නමුත් අවසානයේ ජීවිත එක්දහස් පන්සියයක් විතර විනාශ කරගෙන ඒක අසාර්ථකව අවසන් වුණා. 14,000 ක් පමණ අත් අඩංගුවට පත් වුණා. විජේවීර ඇතුළු අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළා. විශාල පිරිසක් පුනරුත්තාපනයට යොමු කර රටට ගමට වැඩදායක පුරවැසියන් කරලා මුදා හැරියා.

මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න මුල් වෙච්ච කැප වෙච්ච රටක් කියන එක කලිනුත් සඳහන් කළා. එහෙම රටක ත‍්‍රස්තවාදයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව ඕන දෙයක් බාරගන්න රටක්.jvp first rally

විජේවීරලා රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගතව සිටියදිත් ජවිපෙ සාමාජිකයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය පිළිගනිමින් පිළිගත්ත දේශපාලන පක්ෂයක් විදිහට ජවිපෙ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න ඉඩ දීමත් සිරිමාවෝගේම කාලයේ සිදු වුණා. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහසෙන් පස්සේ සංවර්ධනය වුණේ එවැනි ඉහළම ප‍්‍රමිතියකින්.

ඊට පස්සේ 1977 මැතිවරණයේදී ජවිපෙ, ශ්‍රී ලනිපය සහ වමේ අනෙක් පක්ෂ වලට විරුද්ධ දේශපාලනයක යෙදෙමින් එජාපයේ ජේ.ආර්.ජයවර්ධනට උදව් කළා. 78 දි විශේෂ ජනාධිපති සමාවක් යටතේ විජේවීර ඇතුළු පිරිස නිදහස් කරන්න ජනාධිපති ජයවර්ධන කටයුතු කළා.image bcbdfa4a26

ජවිපෙ නිදහසේ මේ රට තුළ දේශපාලනය කළා. ත්‍රස්තවාදීන් කියලා හංවඩු ගහන්න කවුරුවත් කටයුතු කළේ නැහැ. ඒ අතර ජේ.ආර්ගේ විවෘත්ත ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව දිගින් දිගටම නටයුතු කළ ජවිපෙ 1982 දී සිය නායකයා විජේවීර ජනාධිපතිවරණයට කැඳවාගෙන ආවේ අති විශාල ජනප‍්‍රිය රැල්ලක් හදාගෙන. එයින් තමන් දිනයිම කියලා තමයි ජවිපෙ ගනන් හදාගෙන හිටියේ. නමුත් සියයට 4.2 ක විතර ඡන්ද ප‍්‍රතිශතයකට සීමා වෙලා පැරදුනා.

සමාජ වෛරයේ 87-89 කැරැල්ල

මේ පරාජයෙන් පස්සේ තමන්ට බහුතර මහජන කැමැත්තක් දිනාගන්න, මැතිවරණයක් දිනන්න, බැහැ කියලා තහවුරු වුණාම කළේ ආපහු කැළෑ වැදීම. මේ අතර 1983 ජුලි දෙමළ විරෝධී කළඹල වලට සම්බන්ධයි කියලා සැක පිට ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් රජය තහනම් කළා. තහනම් කෙරුණ අනෙක් දේශපාලන පක්ෂ නීතිය ඉදිරියට ගිහින් තහනම ඉවත් කරගත්තත් ජවිපෙ මේ තහනම තමන්ගේ ප‍්‍රචණ්ඩ දේශපාලනය වෙනුවෙන් ආශිර්වාදයක් කරගත්තා. රජය ජවිපෙ තහනම ඉවත් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එන්න අවස්ථාව උදාකරලා දුන්නත් ජවිපෙ කෑළෑවෙන් එළියට ආවේ නැහැ. මොකද ජවිපෙ අරමුණ පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ කිරීම නොවන නිසා.

සන්නද්ධ කැරැල්ලක් ගහන්න ආපහු ආයුධ එකතු කළා. 87-89 වසර වල දිග්ගැහුණු කැරැල්ලකට ජවිපෙ ගියා. ඉතිහාසය තුළ මේ රටට, ත‍්‍රස්ත කණ්ඩායමක් කළ ලොකුම විනාශයට ජවිපෙ දායක වුණා. හැට දහසක ගනනක ජීවිත විනාශ කළ යුද්ධයක් බවට ඒක පත් කළා. තමන්ට විරුද්ධ දේශපාලන මත දැරුවන් දහස්ගනනක් ජවිපෙ විසින් ඝාතනය කළා. රාජ්‍ය දේපොළ, පෞද්ගලික දොපොළ නොගිනිය හැකි ප‍්‍රමාණයක් විනාශ කළා. රටේ ආර්ථිකයට රුපියල් බිලියන සිය ගනනක් අහිමි කළා. අවසානයේ විජේවීරත් විනාශ වෙලා මේ කැරැල්ල නැවැතුණා.

ජවිපෙට තිබුණේ බරපතල සමාජ වෛරයක්. ඔවුන් විසින් සිදුකරන ලද අපරාධ ප්‍රමාණය සහ එහි ස්වභාවය මඟින් පෙන්වා දෙන්නේ ඒක.

1994 සිට පීලී පැනීම

ඒත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කියා පාමින් ජවිපෙ ඉතුරු වුණු සාමාජිකයන්ට ආයුධ අත් හැරලා නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එන්න අවස්ථාව රජය උදා කරලා දුන්නා. රටට මහා විනාශයක් අපරාධයක් ජවිපෙ කළත් ජවිපෙ දරණ දේශපාලන මතයන්ට තවත් ඉඩ දෙන්න, රාජ්‍ය පාලකයන් නම්‍යශීලි වුණා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන භාවිතය ගරු කරන නිසා.jvp new

1994 දි ජවිපෙ නැවත මැතිවරණ දේශපාලනයට ආවා. ඒ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සමඟ සන්ධානයකට යමින් , ජාතිය ගලවාගැනීමේ පෙරමුණ නමින්. මන්ත්‍රී ධුරයකුත් දිනාගත්තා. ඒත් 1994 ජනාධිපතිවරණයෙදී සිය අපේක්ෂකත්වය ඉවත් කර ගෙන ශ්‍රී ලනිප ප‍්‍රමුඛව ගොඩනැගුණ පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ආව චන්ද්‍රිකා බණ්ඩාරනායකට දිනන්න උදව් කළා.

පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය හදන්න මූලික වෙලා වැඩ කරලා 2004 මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 39 ක දිනා ගෙන ජනාධිපති චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් කැබිනම් ඇමැතිකම් 4ක් සහ නියෝජ්‍ය ඇමැතිකම් 4 ගත්තා. තවත් වරප‍්‍රසාද ගනනාවක් ගත්තා. ඒත් තමන්ට ඕන විදිහට තමන්ගේ වාම-ජාතිකවාදී වුවමණාවන් අනුව ආණ්ඩුව නටවන්න ගත්ත උත්සාහයෙන් පැරදුනා. ඇමැතිධුරයේ වගකීම් සාර්ථකව කරගන්න බැරිව අසාර්ථකත් වුණා. පසුව ආණ්ඩුවෙන් ඉවත් වුණා.

ඊට පස්සේ චන්ද්‍රිකාට විරුද්ධව 2005 දී මහින්ද රාජපක්ෂ එක්ක ගියා. මහින්ද රාජපක්ෂව වාම-ජාතිකවාදයේ පරමාදර්ශය කරන තැනට වෙනකම්ම, ජවිපෙ ඔහුව ඔසවා තැබුවා. ඒත් රාජපක්ෂලාගෙන් බලාපොරොත්තු වෙච්ච තැන ජවිපෙට ලැබුණේ නැහැ. ජවිපෙ කියන විදිහට නටන්න රාජපක්ෂලා සූදානම් වුණේ නැහැ. ඊට පස්සේ ජවිපෙ පරමාදර්ශයක් කරගත්ත මහින්ද රාජපක්ෂ චරිතය, ජවිපෙ විසින් හොරෙක් බවට කළා. රාජපක්ෂව පරද්දන්න 2010 දී සරත් ෆොන්සේකාව දිනවන්න ගියා. 2015 දී මෛත‍්‍රීපාල සිරිසේනට සහය දෙන තැනට ගියා. හොරු අල්ලන්න කියලා රනිල් වික‍්‍රමසිංහ එක්ක එකතු වුණා. ඒ වැඬේ රනිල්, ජවිපෙට බාර දුන්නා. කයිවාරු වල හැටියට වැඩ තියෙයිද බලන්න. ඒත් ඒක කළෙත් නෑ. අන්තිමට රනිල්ටත් විරුද්ධ වුණා.

මේ අතර ජවිපෙට මැතිවරණ දේශපාලනය තුළ ගොඩනඟගත් ජනතා ආකර්ශනයත් ක්‍රමයෙන් දියාරු වෙන්න ගත්තා. මොකද කයිවාරු තරමට වැඩ නොවීමත් ඔවුන් කෙරෙන් නිරන්තරයෙන් ප්‍රකාශයට පත් වුණු වෛරී සහ කුහකභාවය ජනතාවගෙන් ප්‍රතික්ශේප වීම නිසා. එමෙන්ම තමන් කර තබාගෙන පැමිණි පැරණි සමාජවාදී න්‍යායන් පදනම් කරගත් වාම ජාතිකවාදී මතවාදය තමන්ගෙන් ගිලිහී එය මහින්ද රාජපක්ෂගේ උරුමය බවට පත් වීම නිසා ජවිපෙට එම කඳවුරේ තැන නැති වුණා. මේ අනුව ඔවුන් තම ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමේ උත්සාහයක් ගත්තා. ඒ අනුව 2019 දී වෙනස් මුහුණුවරකින් දේශපාලනයට ඇතුල් වීම සිදු වුණා.

- සුභාෂ් ජයවර්ධන

( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 05 හෙට සිට)

 

1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?

2 කොටස - වැරැද්ද කළේ කවුද ?

3 කොටස - අලුත් රටක පදනම

4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ

5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම

6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය

7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම

8 කොටස - 1977 මහා යුග පෙරළිය

9 කොටස - චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල්

10 කොටස - 2015 යහපාලන ගමන අවසන් වීම

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us