චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල් (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 9 වන කොටස) Featured

Monday, 09 September 2024 21:27

මේ රට සිංගප්පුරුවට, දකුණු කොරියාවට, මලයාසියාවට වගේ මේ කලාපයේ සියළු රාජ්‍යයන් වලට වඩා එහා ගිය සංවර්ධනයක් අත්පත් කරගැනීමේ හැකියාවන් සහිතව තිබුණු රටක්. ඒ හැකියාව නියමාකාරයෙන් පාවිච්චි කිරීමට ගත් උත්සාහයන් විටින් විට කඩාකප්පල් කරන වාම ජාතිකවාදී දේශපාලනික මැදහත් වීම් නිසා අවස්ථාවන් රැසක් අහිමි කර ගැනීම සිදු වුණා.

1953 හර්තාලය එහි පළමු සංධිස්ථානය. 1956 බණ්ඩාරනායක යුගය, 1960-65 සහ 1970 සිරිමාවෝ යුගය මේ තත්වයන්ගේ උග්‍ර අවස්ථා. මේ පැරණි වාම ජාතිකවාදී බලවේල වල බලපෑම හැරුණ විට විශේෂයෙන් 71 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචණ්ඩ වාමාංශික දේශපාලනය රටේ සංවර්ධන ගමනට තිබුණු විශාලම බාධකයක් බවට පත් වුණා. නිදහස ලබලා ගෙවුණු 75 වසර එක්ක බැලූවාම එයින් තුනෙන් දෙකක කාලයක් ජවිපෙ විනාශ කරලා තියෙන්නේ.cbk ranil mr jvp

2022 වසරේදී රට බංකොලොත් වෙන තැනට පත් කළෙත් වාම-ජාතිකවාදී මතවාද වල යටත්ව එහි බලපෑම වලක්වා ගන්න පාලකයන් අසමත් වීම නිසයි. ඒ අනුව තීන්දු තීරණ ගත්ත නිසයි. ජනප‍්‍රිය දේශපාලනය තුළ වාම ජාතිකවාදයට තිබෙන තැන, බලය අත්පත් කරගන්න, බලය රැකගැනීමට පහසු මාර්ගයක් බවට පත්වෙලා තිබෙන එක තමයි මේකට හේතු වුණේ.

එහෙම වුණේ ජනතා විමුක්ති පෙරමුණ සහ වෙනත් වාම-ජාතිකවාදී කණ්ඩායම් තමන්ගේ ආණ්ඩු විරෝධී දේශපාලනය වෙනුවෙන් බොරු ජනතාවාදයක් පෙන්වන ජනප්‍රිය මතවාද වපුරා තිබීම. වාමාංශික ජාතිකවාදී ආණ්ඩු පාලනය ඉතිහාසය පුරාම අසාර්ථක බව ඔප්පුකර තිබුණත් දේශපාලනයේදී වාම ජාතිකවාදය තරම් ජනප‍්‍රිය වන වෙන කිසිවක් නැහැ. මේ නිසා බොහෝ දෙනෙක් මේකට රැවටුණා. ඒ රැවටීම් වල ප‍්‍රතිපලය වුණේ රටේ සංවර්ධනය අඩපණ වීම. අදත් මේ ජනප්‍රිය වාම ජාතිකවාදය මෙරට දේශපාලනයට තියුණු බලපෑමක් කරමින් සිටිනවා.

නිදහසෙන් පස්සේ රට සංවර්ධනය වුණේ නැහැ කියනවා නම්, ඇත්තටම කියන්න තියෙන්නෙ මෙන්න මේ වාම ජාතිකවාදයේ අවස්ථාවාදී දේශපාලනය නිසා වුණු අඩපණ වීම් නිසා කරගන්න බැරි වුණු දේවල් ගැන විතරයි.

ඉතිං මේකට වග කියන්නම ඕන ජවිපෙ සහ වාම ජාතිකවාදීන් මිසක් වෙන කවුරුවත් නොවෙයි. හැබැයි රට අඩපණ කරපු මේ අයමයි අද රට කෑවා කියන චෝදනාව අනිත් අයට කරන්නේ, 76 අවුරුද්දක් තිස්සේ මොනවත් කළේ නැහැ කියන්නේ..ඒකයි මෙතන තියෙන ලොකුම විහිළුව.JVPInsurgency Montage

1971 ජවිපෙ කැරැල්ල නිසා රටේ ආර්ථිකයට වුණු බලපෑමට වඩා බරපතල හානියක් 1987-89 කැරැල්ලෙන් සිදු වුණා.

කොහොම නමුත් 1989 දි ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීමෙන් පස්සේ යළි රටේ ආර්ථික සංවර්ධන සිදු වෙන්න ගත්තා. ඒත් ඒ වන විටත් ඇවිලෙමින් පැවැති උතුරු නැගෙනහිර එල්ටීටීඊ යුද්ධය විශාල බාධාවක් වෙලා තිබුණා. රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් යුද්ධය වෙනුවෙන් වැය කරන්න සිදු තිබුණා. ඒ වගේම යුද්ධයේ බලපෑම නිසා රටේ ආර්ථිකයට නියම වේගයෙන් ඉදිරියට යන්න බැරි වුණා. මේ කාලයේ ජනාධිපති ආර් ප්‍රේමදාස ඇතුළු දේශපාලන නායකයන් ගනනාවක් ඝාතනයට ලක්වීම සිදු වුණා. මෙරට පුරවැසියන් ලක්ෂයකට වඩා ඝාතනයට ගක් වුණා.

බරපතල දේශපාලන අර්බුද සමයකට පස්සේ 1994 නොවැම්බරයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම ජනාධිපතිනිය ලෙසත් වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ හතරවන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නාය.dgp

1977 හඳුන්වා දුන් විවෘත්ත ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති ඇතැම් විවේචනයන් මත එයට වඩාත් මානුෂික මුහුණුවරක් ලබා දෙමින් ක‍්‍රියාත්මක වීම එම පාලනයේ ප‍්‍රතිපත්තිය විය.

කොහොම වුණත් පෞද්ගලිකකරණයේ දෙවන රැල්ල ලෙස හඳුන්වන මේ යුගයේදී තවත් රාජ්‍ය ව්‍යවසායන් ගනනාවක් පෞද්ගලික අංශය වෙත පැවැරීම සිදු කළා. ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බිහිවීම එහි සුවිශේෂි පියවරක් වුණා. මෙරට සංනිවේදන විප්ලවයක් ඇති කිරීමට එය සමත් වුණා. මේ කාලය තුළ කර්මාන්ත වර්ධනය සඳහා වැදගත් උපාය මාර්ගික පියවර ගත්තා. 2000 වසරේදී මෙරට කාර්මිකකරණය සඳහා ප‍්‍රධාන දස අවුරුදු සැලැස්මක් එළිදැක්වීමත් සිදු කළා. එයින් සියයයට 10 ක කාර්මාන්ත ත්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් අවාසනාවකට එය ක‍්‍රියාත්මකවීම සිදු වූයේ නැහැ.මේ කාලය තුළ (1997) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විශේෂ මැදහත් වීමක් කළත් පටු දේශපාලනික කාරණා මත ඒ මුළු මනින් සාර්ථක කර ගැනීමට නොහැකි විය.

ආර්ථිකය නිසි පරිදි කලමණාකරණය කරගැනීමේ යම් නොහැකියාවන් නිසා වූ අර්බුද, යුධගැටුම් උත්සන්න වීමක් සිදු වුණා. ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වයන් මත ජනතා විමුක්ති පෙරමුණ සමඟ හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම ද සිදු වුණා.

යළි පුබුදමු ශ්‍රී ලංකා

2001 වසරේදී රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු බලය හිමිකර ගන්නා විට රටේ ආර්ථික වර්ධනය සෘණ අගයක් දක්වා කඩා වැටීමකට ලක්ව තිබුණා. අගමැතිවරයා ලෙස ඔහුට යළි ආර්ථිකය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගැනීම සිදුවුණා. ඒ වන විට දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ ආර්ථික වර්ධනයට බාධා කළ උතුරේ යුධමය තත්වයන් අවසන්කර සාමකාමී විසඳුමකට ගෙන එමින් සමස්ත ශ‍්‍රී ලංකාවම සංවර්ධනය කිරීමේ කඩිනම් සැලැස්මක් අගමැති රනිල්ගේ ආණ්ඩුව ඉදිරිපත්කර තිබුණා. පුළුල් ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත්ත.

සෘණ 1.5 කට ඇද වැටී තිබු ආර්ථික වර්ධනය සියයට 4 දක්වා 2002 වසරෙදී ඉහළ දමා ගැනීමට හැකි වුණා. යුධමය තත්වයන් තාවකාලිකව හෝ අවසන් වීම පැහැදිලිවම රටේ ආර්ථිකය විවිධ ක්ෂේත‍්‍රවලින් සංවර්ධනය වීමට බලපා තිබුණා.regaining srilanka 2002

මෙම යුගයේ වූ තවත් වැදගත් පියවරක් ගෙන තිබුණා. මෙරට ඛනිජ තෙල් වෙළඳපොලට පිවිසීමට ඉන්දියානු තෙල් සමාගමට අවස්ථාව ලබා දීම, ශ‍්‍රී ලංකා ටෙලිකාම් සතුව තිබු රාජ්‍ය ඒකාධිකාරය අවසන් කිරීමද 2002 වසරේදී සිදු වුණා. මේ පියවර මේ ක්ෂේත‍්‍ර දෙකෙහිම විශාල සංවර්ධනයකට හේතු වුණා. 2002 වන විට මෙරට දුරකතන ඝනත්වය වුණේ පුද්ගලයන් 100 කට 9.5 ක්. අන්තර්ජාල පහසුකම් තිබුණේ පුද්ගලයන් 1000 කට 3.7 කටය. ඒ තත්වයන් වේගයෙන් වෙනස් වීම ඇරඹීමත් මේ යුගයේ සිට සිදු වුණා.

2002 වසර අවසානයේදී සම්මත කරගත් ‘රාජ්‍ය මුල්‍ය වගකීම් කලමණාකරණ පනත’ රාජ්‍ය මුල්‍ය විනය, විනිවිදභාවය, වගකීම ගැන ගත්ත අතිශය වැදගත්ම නෛතික පියවරක් ලෙස සැලකෙනවා.

ඒ වගේම මෙම කාලය තුළදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පිහිටුවීමෙන් පසුව මුල් වරට එහි මුලික අරමුණ ‘ආර්ථික හා මිළ ස්ථායිකරණය’ ලෙස වෙනස් කිරීම ද මේ කාලය තුළ සිදු කළා. රට ආර්ථික අර්බුදයන්ට ගොදුරුවීම වලක්වාගන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලතල ලබා දීමක් මෙයින් සිදු වුණා. මෙවැනි තවත් නෛතික පියවරයන් රැසක් මෙරට සංවර්ධනය වෙනුවෙන් මේ කාලය තුළ සිදු වුණා.investments

ඒ අතර 1977 පෙරළියෙන් පසුව මෙරට ආර්ථිකයේ මීළඟ පිම්ම ලෙස සැලකිය හැකිව තිබු ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා - කඩිනම් සංවර්ධනය සඳහා වන දර්ශනය සහ උපායමාර්ග’ නම් වැඩ සටහන අගමැති රනිල් 2003 වසරේදී ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මුල්‍ය ආයතන වල සහ මෙරටට ආධාර දෙන රටවල සහය ලබන දිළිඳුකම පිටු දැකීම සඳහා වන වැඩපිළිවෙලක් ලෙස ආර්ථික ක්ෂේත‍්‍රයේ ගැඹුරු ප‍්‍රතිසංස්කරණ රැසක් මෙමඟින් ඉදිරිපත් කළා.

මෙය මෙරට ආර්ථික දර්ශනය පැහැදිලිව ඉදිරිපත් කළ ලේඛනයක් වූ අතර ආර්ථික වර්ධනයට බාධා කළ සාධක සියල්ල ඉවත් කිරීමේ පුළුල් වැඩසටහනක් වුණා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරටට වැඩිම ආධාරයන් සිදු කළ ජපානය ඇතුළු අනෙක් රටවල් ඩොලර් බිලයන ගනනක ආධාරයන් ලබා දීම ගැන එකඟතාවයන්ද ඇතිව තිබු නමුත් මෙම වැඩසටහන එරෙහිව දැවැන්ත විරෝධයක් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාම ජාතිකවාදීන්ගෙන් එල්ල වුණා.

මේ තත්වයන් මත මෙම වැඩපිළිවෙල යථාර්ථයක් කරගැනීම ප‍්‍රමාද වූවා සේම, සාම ප‍්‍රයත්නයද බිඳ වැටුණා. ජනාධිපති චන්ද්‍රිකා පාර්ශ්වයේ දේශපාලනික වුවමණාවන් සහ ජවිපෙ ඇතුළු වාම ජාතිකවාදීන් ගේ බලපෑම් මත අගමැති රනිල්ගේ පාලනය බිඳ දැමීමත් සමඟ රටේ දේශපාලන වියවුල් කාරිත්වයක් ඇති වුණා. කොහොම නමුත් අගමැති රනිල්ට බලය අහිමි වීමද, මෙරට ආර්ථිකය විප්ලවයක් විය හැකිව තිබු අවස්ථාව රටට අහිමි වුණා. 

මේ අතර 2004 වසරේ  සුනාමි ඛේදවාචකය නිසා රටට දැවැන්ත දේපොළ හා මිනිස්  ජීවිත ප්‍රමාණයක් අහිමි විමද සිදු විය. 

සංවර්ධනයේ මහින්ද ලකුණ

ජනතා විමුක්ති පෙරමුණේ සහ අනෙක් වාම ජාතිකවාදීන්ගේ සෘජු සහයෝගයෙන් 2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වුණා. පසුව උතුරේ යුද්ධය සඳහා යුධමය විසඳුමක් ක‍්‍රියාත්මක කරමින් 2009 වසර වන විට එම ගැටළුවෙන් රට මුදවා ගැනීමට සමත් වුණා. ආර්ථිකමය වශයෙන් යම් ගැටළු වලට මුහුණ දෙමින් තිබුණද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෙන් අර්බුදයන් වලකා ගෙන තිබුණා. ඒ වන විටත් ලංකාව විවෘත්ත ආර්ථික ප‍්‍රතිසංස්කරණ තුළින් කැපී පෙනෙන ආර්ථික ජයග‍්‍රහණයන් ලබා ගෙන තිබුණද මහින්ද පාලනයේ දෙවන යුගයේදී ජාතිකවාදී ප‍්‍රවේශය, එම ප‍්‍රතිසංස්කරණ වලින් ඈත්වීම සිදු වුණා. වෙළඳපොළ මෙහෙය වීම රජයේ කාර්යභාරයක් වන තැනට පත්කර ගත්තා.

කෙසේ නමුත් 2010 න් පසුව මහින්ද රාජපක්ෂ පාලනය නාවික ගුවන් වානිජ බලශක්ති සහ දැනුම සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටියා. එසේම මෙරට යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අති විශාල වැඩපිළිවෙලත් දියත් වුණා. මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, කොළඹ වරාය නගරය, ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් මේ කාලයේදී සිදු වුණා. එක් වසරක ආර්ථික වර්ධන වේගය සියයට 8 ක තරම් ඉහළ තැනකට ආවා. විදේශ ආයොජනයන්ගේ කැපී පෙනෙන වර්ධනයන් ඇති විය.

මෙම යුගයේ රටේ භෞතික සංවර්ධන සම්බන්ධයෙන් ප‍්‍රගතියක් පෙන්නුම් කළද රටේ විදේශ ණය ප‍්‍රශ්නය උග‍්‍රවෙමින් පැවතුණා. සංවර්ධන ව්‍යාපෘති විදේශ ණය මත ක්‍රියාත්මක වීමත් එම ව්‍යාපෘතිවල අපේක්ෂිත ප්‍රතිලාභ ප්‍රශ්නකාරී වීම මේ ණය ගැටළුව උග්‍ර කර තිබුණා. අපනයනයන් සීමා වීමේ ගැටළු පැන නැග්ගා. මේ නිසා 2000-2004 කාලයේ ගෝලීය අපනයන පංගුව 0.074 ක තිබුණු අතර 2010-14 කාලයේදී 0.057 දක්වා සියයට 24 කින් පමණ අඩුවීම ද සිදුව තිබුණා. රජයේ ආර්ථික කලමනාකාරිත්වය සම්බන්ධයෙන් දූෂණ වංචා පිළිබඳ විශාල විවේචන එල්ල වුණා. මෙම දූෂණ වංචා චෝදනා වලට අමතරව මානව හිමිකම් කඩකිරීම් ආදිය නිසා ජාත්‍යන්තර වශයෙන් පීඩාවන්ට ලක් වීම ද සිදු තිබු අතර එම තත්වයන් ආර්ථිකයට බලපෑම් කරමින් තිබුණා.

 

- සුභාෂ් ජයවර්ධන

( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 06 හෙට සිට)

1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?

2 කොටස - වැරැද්ද කළේ කවුද ?

3 කොටස - අලුත් රටක පදනම

4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ

5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම

6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය

7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම

8 කොටස - 1977 මහා යුග පෙරළිය

Last modified on Monday, 09 September 2024 21:30

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us