රනිල්ට ටික කාලයකුත්. අනුරට වැඩිම කාලයකුත් යන පොරොන්දු වුණ වැඩ Featured

Monday, 09 September 2024 15:00

ජනාධිපති අපේක්ෂකයන් වටා කැරකෙන ඡන්ද යනු මේ අරට තමන්ට අවශ්‍ය විදිහට හැදෙයි කියල හිතන පිරිසගේ අපේක්ෂාවන් ගොන්නක්. ඒක ආත්මාර්ථකාමි හෝ පරාර්ථකාමී හැඟීමක් වෙන්න පුළුවන්.

එක කොහොම වුණත් මේ අය තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉතා කෙටි කාලයකින් තමන්ගේ අපේක්ෂා මුදුන් පත් වීමක් අපේක්ෂා කරනවා. මෙවර ජයග්‍රහණය සඳහා ආසන්න සටනක් යෙදෙන අපේක්ෂකයන් 3 දෙනයි. ඒ රනිල් සජිත් අනුර. මේ අයගෙන් කවුරු ජනාධිපති වුණත් ජනතාව හමුවෙ පොරොන්දු වූ දේවල් හැකි ඉක්මනින් කිරීමට සිදු වෙනවා.

වෙන වෙනම සලකා බැලුවහොත් මේ පොරොන්දු පත්‍ර අනුව කඩිනමින් කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ කාටද?

සජිත්ගේ පොරොන්දු පත්‍රය බොහෝ විටම ජනාධිපති රනිල් මේවන විට සිදු කරමින් යන වැඩ පිළිවෙලෙහිම පොටෝ කොපියකට එකතු කළ ආලවට්ටම් සහිත එකක් මෙනි. එ් නිසා සජිත්ට අමුතු වෙන් පටන් ගන්න කියල දෙයක් නැහැ. ඒත් සජිත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කිරීම, බදු අඩු කිරීම් සහ දැනට ලබා දෙමින් පවතින ප්‍රමාණයන්ට වඩා විශාල සහනධාර ප්‍රමාණයක් පොරොන්දු වීම ආදිය නිසා ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මුල්‍ය අරමුදලෙ ගිවිසුම සජිත් කියන ලෙස වෙනස කර ගැනීමකින් තොරව ඔහු පොරොදු වෙන සහනාධාර, බදු අඩුකිරීම් ආදිය කරන්න බැහැ.. එහෙම වෙනසකට මුල්‍ය අරමුදල එතඟ වෙයිද නැද්ද යන්නත් අවිනිශ්චිතයි.. එකඟතාවයකට ආවත් එය මාස ගනනාවක් කල් ඇදෙන වැඩක්සේම ඒ අනුව නැවත රටේ ආර්ථිකය සංවිධානය කරගෙන තමයි සජිත්ගේ පොරොන්දු ඉ‍ටු වෙනවා නම් ඉ‍ටු වෙන්නේ. ඒ අතර පාර්ලිමේන්තුව විසිරුවා හරින බවත් ප්‍රකාශ කර ඇති නිසා. සජිත් පාලනයේ මූලික අවධානය මහ මැතිවරණය දිනා ගැනීම වෙනුවෙන් යොමු වෙනවා.. එ් අනුව තමන්ගේ බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම විය යුතුයි.. එය කළ නොහැකි වුණහොත් මේ කියන පොරොන්දු කිසිවක් ඉ‍ටු වෙන්නේ නැහැ.

අනුරගේ පොරොන්දු පත්‍රය වෙනස් නමුත් රනිල්ගේ වැඩ පිළිවෙල ල‍ඟින් යන එකක් වගේ කිව හැකි බොහෝ දේ අඩංගුයි. නමුත් නිශ්චිත අදහසක් ගැනීමේ හැකියාවක් නෑ. සමාජවාදී ආර්ථිකය ප්‍රතිපත්තිමය පදනමක පිහිටා කටයුතු කරන බවත් පෙන්වා තිබෙනවා. එ් අස්සෙ ලිබරල් ආර්ථික යෝජනා ගැනත් සඳහන් වෙනවා. පරස්පරතා ගහනයි.. එ් වගේම පොරොන්දු ප්‍රමාණයත් ඉතා ඉහළයි. මේ පොරොන්දු ඉටු කරන්න වන වැය බරත් ඉතා ඉහළයි නමුත් එ් වෙනුවෙන් රාජ්‍ය ආදායම් සොයා ගැනීම ගැන හෝ විකල්පයන් ගැන නිශ්චිත අදහසක් මේකේ නෑ. හිග බදු එකතු කරගැනීම වැනි.. අවිනිශ්චිත ආදායම් මාර්ග ගැන සඳහන් කරන්නේ. ඒ වගේම අනුරත් අනෙක් නායකයනුත් විටිව විට තමන්ගේ ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කරන කාරණා එකිනෙකට වෙනස්, මේ නිසා කිසිවකු සතුව නිශ්චිත අදහසක් නැහැ තමන්ගේ පාලනයක දී කරන්නනේ මොනවද කියලා.

ඒ වගේම මුල්‍ය අරමුදලෙ ගිවිසුමෙන් ඉවත් වෙන බවට වගන්තියක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙ අඩංගුයි..නමුත් මැතිවරණ වේදිකාවේ දී මුල්‍ය අරමුදල සමඟ වැඩ කරන බවට පොරොන්දු දෙනවා. මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ඉවත්ව අලුත් ගිවිසුමකට යනවා නම් හෝ එ් සඳහා සැලකිය යුතු කාලයක් යනවා සාකච්ඡා වලටම. එ් වගේම අනුර යෝජනා කරන බදු සහන, සහනාධාර සහ අනෙක් බොහෝ යෝජන ක්‍රියාත්මක කිරීම සත්‍ය ලෙසම සිදු වෙනවා නම් මුල්‍ය අරමුදල සමග වන සාකච්ඡාවන්ද ඊට අනුව සිදු විය යුතුයි.. නමුත් මේ කියන පොරොන්දු යෝජනා සහ මුල්‍ය අරමුදලේ කොන්දේසී සමපාත කර ගැනීම කිසිදා සිදු වෙනු ඇතැයි කල්පනා කළ නොහැකියි.. මේ අනුව අනුරගේ පාලනයක දී ආර්ථිකයට කුමකින් කුමක් වේදැයි කියන්න බැහැ.

මේ අනුව අනුර ලබා දී ඇති පොරොන්දු කඩිනමින් තබා කිසිදා ඉ‍ටු වේ දැයි බලාපොරොත්තු තැබීමේ හැකියාවක් නැහැ. එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම ගැනත් අනුර සපත කරන නිසා සජිත් මුහුණ දෙන ගැටලුවටම අනුරටත් මුහුණ දෙන්න වෙනවා.. බහුතර ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට අසමත් වුවහොත් විශාල අර්බුදයකට ලොකු පාරක් කැපෙනවා. අනුරට ඇති අනෙක් අවාසිය නම් අනෙක් පක්ෂයකට විරුද්ධ පක්ෂ කොටස් එකතු කරගෙන සභාග ආණ්ඩුවක් හෝ පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබුණත් අනුරට එ් වැඩේ කරන්න බැරි වීමයි..

ජනාධිපති රනිල්ගේ මැතිවරණ ප්‍රකාශය කෙටිය. එහි වැඩි පොරොන්දු නැත. නමුත් අනෙක් අපේක්ෂකයන් දෙදෙනාගේ පොරොන්දු පත්‍ර අනුව සැලකීමේදී කඩිනමින් කටයුතු කිරීමෙ හැකියාව ඇත්තේ ජනාධිපති රනිල්ටය. මොකද දැනටමත් ඔහුගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා සහ ඔහු පොරොන්දු ලෙස ලබා දී ඇති බොහොමයක් දේ මෙම වැඩ පිළිවෙලේම ප්‍රතිපලයන් වන නිසා. අලුත් පොරොන්දු ලෙස ඇත්තේත් මේ වැඩපිළිවෙලහි ම මීළඟ අදියරයන්. ඒ නිසා වඩා පහසුවෙන් හා කඩිනමින් ජනතාවට පොරොන්දු වූ දේවල් ඉ‍ටු කිරීමේ හැකියාවත් ජනපති රනිල්ට ඇත.

මේ අනුව ඡන්ද දායකයා කවර හෝ ජනාධිපති අපේක්ෂ්කයකුට ඡන්ද ප්‍රකාශ කළත් තමන්ගේ අපේක්ෂාවන් කඩිනමින් සහ නිශ්චිතව ඉටු කර ගත හැකි අපේක්ෂකයාව තෝරනවා නම් එ් රනිල් පමණයි.. එය නිශ්චිතයි..

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us