රනිල්ගේ ජනාධිපතිවරණ ජය තීරණය කරන වැදගත් දත්තයක් Featured

Thursday, 12 September 2024 15:00

මෙවර ජනාධිපතිවරණයෙ වඩා තීරණාත්මක වන්නෙ පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ පොදු ජන පෙරමුණේ ගෝඨාබය රාජපක්ෂට ලැබුණු ඡන්ද 69 ලක්ෂය මෙවර බෙදී යන ආකාරයයි. ඔහු සමඟ තරග වැදුනු සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර මෙවරත් ඉදිරිපත්ව සිටින අතර අලුත් අපේක්ෂකයා වන්නෙ රනිල් වික්‍රමසිංහ ය.

ගොඨාබය කඳවුර නියෝජනය කරන නාමල් රාජපක්ෂ ඉදිරිපත්ව සිටියත් ඔහු ජයග්‍රහණයක් අපේක්ෂා නොකරන අතර එ් වෙනුවෙන් සක්‍රීය මැතිවරණ මෙහෙයුමක්ද කරන බවක් ද නොපෙනේ. එසේම මේ වන විට පොදු ජන පෙරමුණේ සාතිශය බහුතරයක් නායකයන් රනිල්ට සහය දීමට ඉදිරිපත්ව සිටින බැවින් නාමල්ට තරගයෙන් පැත්තකට වී සිටීමට සිදුව ඇත.

කොහොම නමුත් රනිල් සජිත් අනුර අතර තරගය දැන් තීරණාත්මකය. ඔවුන්ගේ ජයග්‍රහණය තීරණය වන්නේ ගොඨාබයගේ 69 ලක්ෂයේ ඡන්ද ගොඩ බෙදා ගන්න ප්‍රමාණය අනුවය.

සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ නවතම දත්ත අනුව මෙම 69 ලක්ෂයේ ඡන්ද බෙදීයාම ගැන වැදගත් තොරතුරක් ඉදිරිපත් කර ඇත.

WhatsApp Image 2024 09 12 at 14.55.53 bb9856e1

මේ අනුව මෙහි වැඩිම ප්‍රතිශතය සියයට 46 ක් අනුරටත් 35 ක් රනිල්ටත් බෙදී ගොස් ඇති අතර සජිත් සියයට 12 ක් ලබා ගන්නා අතර නාමල් වෙත ඉතිරිව ඇත්තේ සියයට 6 ක් පමණි.

මෙහි සියයට 35 ක් යනු ලක්ෂ 24 ක පමණ ඡන්ද ප්‍රමාණයක් වන අතර සියයට 46 ක් යනු 31 ලක්ෂයක් පමණවේ .

මේ මෙසේ වන විට අනෙක් වැදගත්ම දත්තය වන්නෙ සජිත් ප්‍රේමදාසගේ 2019 ඡන්ද පදනම ද වෙනස්ව ඇති බව පෙනී ගොස් තිබීමය. එ් අනුව සජිත් ලැබු ලක්ෂ 55 ක් ඡන්ද ප්‍රමාණයෙන් ඔහුට නැවත ලබා ගැනීමට හැකිව ඇත්තේ සියයට 61 කි. එමෙන්ම එයින් සියයට 26 ක් රනිල්ටද (ලක්ෂ් 14 ක පමණ) සියයට 12ක් අනුරටද වශයෙන්ද බෙදි ගොස් ඇත. සජිත් ගොඨාභයගෙන් සියයට 12 ක් (ලක්ෂ 8ක්) ලබා ගන්නා විට ලක්ෂ 14 ක් රනිල් කඩාගෙන ඇත. අනුරත් ලක්ෂ 6 කට වඩා ප්‍රමාණයක් කඩාගෙන ඇත. ඒ අනුව ඉතිරිව ඇත්තේ ලක්ෂ 35 ක් පමණි.

ඒ කෙසේ නමුත් මෙතැන දී සලකා බලා ඇත්තේ 2019 ජනපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ අයගේ වර්තමාන කැමැත්තය. නමුත් සජිත් 2020 මහ මැතිවරණයේ දී ලබා ගත්තේ ඡන්ද 27 ලක්ෂයක් පමණි. 28 ලක්ෂයක් ඔහුට නැවත ඡන්දය පාවිච්චි කර තිබුණේ නැත. එසේම එවර එක්සත් ජාතික පක්ෂය, සජිත් පාර්ශ්වයට සහය නොදක්වා තිබිණි. එජාපය තනිව ඡන්දයට ඉදිරිපත්ව ඡන්ද දෙලක්ෂ පනස්දාහක් පමණ ලබා ගැනීම සිදුව තිබුණත් සජිත්ට ඡන්දය පාවිච්චි නොකළ නමුත් වෙනත් කිසිවකුට ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස මෙම අහිමි වූ 28 ලක්ෂයේ අති බහුතරය වෙයි. මේ අනුව එම ඡන්ද ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂයට සමීප සහ පක්ෂය බෙදීම මත කලකිරීම ආදිය නිසා ඡන්දය පාවිච්චි නොකළ පිරිස වෙයි.

වර්තමානයේ එජාප නායකයා ජනාධිපතිව සහ රට ගොඩනැගුම වෙනුවෙන් සාර්ථක මෙහෙවරක යෙදී සිටීම මත එම ඡන්ද ප්‍රමාණයෙන් අති බහුතරය රනිල් වෙනුවෙන් මෙවර පාවිච්චි වීම සිදු වීම වෙනු ඇත. එ් අනුව සජිත් වෙනුවෙන් 2019 දී ඡන්දය දුන් අයගෙන් ලක්ෂ 20 ක් අවමයක්වත් රනිල්ට දිනා ගැනීමේ හැකියාව ඇත. මේ වන විට සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් අඩාල වෙමින් ජනප්‍රියතාවයත් වේගයෙන් හීන වෙමින් යන බවත් නිරීක්ෂණය වේ.

එමෙන්ම අනුර කුමාර ගොඩකගාගෙන තිබු ජනප්‍රියත්වයත් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පැහැදිලිය. විශේෂයෙන්ම ඔවුන්ගේ පාලනයක් තුළ දී රට නැවත කඩා වැටීමට ලක් වෙනු ඇති බවට සහ භිෂණකාරීත්වක් ඇති වීම ගැන සැකය තිව්ර කරමින් දැඩි මතයක් තහවුරු වෙමින් පැවැතීමේ වාසිය රනිල්ට හිමි වෙමින් තිබේ.

මේ වර්ධනයන් අනුව රනිල් නියත වශයෙන්ම මේ වන විට ලක්ෂ 45 ඉක්මවන ස්ථිර පදනමක් සහිතව සිටින බව පැහැදිලිය. මෙම ඉදිරිපත් කළ දත්ත අගෝස්තු මාසය අවසානයේ තත්වය වන අතර රනිල්ගේ ජනප්‍රිය තාවය වේගයෙන් වර්ධනය වීමේ ලක්ෂණ අනුව ඔහු ලක්ෂ 60 ක සීමාව ඉක්මවා යෑම පහසුවෙන් විය හැකිය. ඔහුට අවශ්‍ය වන්නේ ගෝඨබයගේ සහ සජිත්ගේ ඡන්ද පදනම් වලින් තවත් ඉතා සුළු ප්‍රමාණයක් අතපත් කර ගැනීම පමණි.

ඒ අනුව ලක්ෂ 140 ක ප්‍රමාණයෙන් මෙවර රනිල්ට ලක්ෂ 60 ක අවමයක් හිමිව, ඉතිරිය 80 න් සජිත් අනුර අතර වන කරට කර සටන අනුව දෙකට බෙදී ලක්ෂ 25 -35 කට ආසන්නව ඒ එක් අයකුට ලැබෙනු ඇත. නාමල්ට සියයට 5 ක ප්‍රමාණයක්ද අනෙක් අපේක්ෂයන් සියලු දෙනාට ඉතිරි 5 ක් ද බෙදී යනු ඇත.

මෙහිදී බහුතරය රනිල් ලබන මුත් සියයට 50 ඉක්මවන බහුතරය ලබා ගැනීම අවිනිශ්චිතය. ඒ සඳහා ලක්ෂ 70 ක් පමණ ඉක්ම වීම විය යුතුව ඇත. මේ අනුව දෙවන මනාපය ගැනීම සිදුවෙනු ඇත. එහිදී බොහෝ විටම බහුතරයක් දෙනා රනිල් සඳහා දෙවන මනාපය සලකුනු කිරීමක් බලාපොරොත්තු විය හැකිය. එමෙන්ම රනිල් සහ දෙවැනියට වැඩිම ඡන්ද ලබා ගන්නා අය (අනුර හෝ සජිත්) අතර විශාල පරතරයක් තිබීමත් රනිල්ට වාසිදායක වනු ඇත.

මේ අනුව මෙවර ජනාධිපතිවරණයේ නියත ජයග්‍රාහකයා රනිල වෙනු ඇත.

WhatsApp Image 2024 09 12 at 14.56.18 8bd378a4

Last modified on Thursday, 12 September 2024 15:17

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us