අනික ජවිපෙ නමින් තවදුරටත් පෙනී සිටීමත් තමන් දිගින් දිගටම සමාජවාදී විප්ලවයක් ගැන දෙඩවීමෙත් කිසිදු තේරුමත් නැති බව මේ අයටම් අවබෝධ වෙලා තිබුණා.
කොහොම හරි ලොකු පක්ෂයකට එකතු වෙන එකත්, ඊට පස්සේ ඒකට විරුද්ධව අනෙක් පක්ෂයකට මුක්කු ගැසීමේ දේශපාලනයත් අත්ඇරලා 2019 දි ජනාධිපතිවරණයට තනියෙම ආවා. ඒත් ඒ ජවිපෙ නමින් නෙවෙයි, ජවිපෙ සමාජවාදී මතවාදය අරගෙනත් නොවෙයි. නානා ප‍්‍රකාර මත දරණ, දේශපාලන අනාතයන් කියන්න පුළුවන් පිරිසක් එකතු කරගත්ත ජාතික ජන බලවේගය කියලා එයාලම අමුණ ගත්ත අලුත් සන්ධාන වෙස් මූණකින්.
මොකද ජවිපෙට තවත් ගිහින් මුක්කු ගහන්න තැනක් තිබුණෙ නෑ. ඒ වගේම තමන්ගේ ඇත්ත ස්වරූපයෙන් තනි පක්ෂයක් විදිහට ජනතාව ඉදිරියට ආවට වැඩක් නැති නිසත්. ඒත් එහෙම වෙස් මාරු කරගෙන ආවත් විජේවීරට අත්වෙච්ච ඉරණමම තමා අනුරටත් අත් වුණේ. එදා 2019 මහා ජන රැල්ලක් තමන්ට තිබුණු බව මේ අය පෙන්නුවා. තමන්ගේ මැතිවරණ රැළි වලට හැකි සෑම විදිහකින්ම සෙනඟ ඇදලා විශාල සංදර්ශනාත්මක දේවල් මෙයාලා කළා. මේ සංදර්ශන වලටම මෙයාලම රැවටුනා කිව්වත් හරි. ඒ නිසා මේ අයම තමන් දිනනවාමයි කියලා හිතුවට ඡන්ද ප්‍රතිශතය සියයට 4 කින් නතර වෙලා තිබුණා. ජවිපෙ ඇත්ත ජන බලය තමයි ඒක. උපරිමය තමයි ඒක.
දැන් ආයෙත් ජාතික ජන බලවේගය කියලා අටවගත්ත සන්ධානයෙන් මේ ගමන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. සෑහෙන ජනප්‍රිය දේවල් කරමින් ඉන්නවා. දැවැන්ත පොරොන්දු කන්දරාවත් දෙමින් ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම හිස් කතා. දේශපාලනයෙදී වැදගත්ම දේ ප‍්‍රතිපත්තිය. තර්කානුකූල, විද්‍යාත්මක, රටේ ගැටළු හඳුනගෙන ඒවා විසඳීම වෙනුවෙන් නිශ්චිත ප‍්‍රතිපත්තියක් තිබීම. විශේෂයෙන්ම අර්බදය හඳුනාගෙන එයට නිශ්චිත විසඳුම් සහිත ආර්ථික සැලසුම් තියෙන්න, ඕන වැඩපිළිවෙල තියෙන්න ඕන. හැබැයි මේ ගමන ඒ මොකවත් ජවිපෙ සන්ධානයට නැහැ. 2019 ප‍්‍රතිපත්ති පට්ට බොරු ගොඩක් තියලා රට්ටු දැනගත්තට පස්සේ ඒවා එයාලම අත් ඇරියා. ලස්සන පිටකවරය විතරයි තියෙන්නේ. මේ ගමනත් ඒ වගේම වැඩක් කරලා තියෙනවා. හැබැයි මෙයාල බලයට ආවොත් ක්‍රියාත්මක කරන්නේ මොනවද කියන එක ගැන විශ්වාසයත් තියන්න බැහැ. මොකද මෙයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මොකක් තිබුණත් එක එක නායකයෝ කරනවා කියලා කියන්නේ වෙන වෙන් දේවල්.
කොහොම වුණත් ජවිපෙ කරන්නේ ජවිපෙට ඔ්න දේවල්. ඒකට අනිත් අය යටත් වෙන්න ඔ්න. ජවිපෙ සුපුරුදු විදිහ අනුව නම් මේ ජාතික ජන බලවේගයට වැරදීමකින් හරි එකතු වෙලා ඉන්න පිරිසටත් ජවිපෙ අනාගතයේදී විරුද්ධ වෙන්න බැරි නෑ. ඒ අය ද්‍රොහීන් වෙන්න බැරි නැහැ. දැනටමත් එහෙම ලකුණු තියෙනවා. මොකද ජාතික ජන බලවේගය වැඩ කරන්න ඕන ජවිපෙ සමාජවාදී ප‍්‍රතිපත්ති වලට අනුව විතරයි කියලා මතයක් ජවිපෙ දැනටම දාලා තියෙන නිසා. හැබැයි මේ ජාජබයට එකතුවෙලා ඉන්න ටික දෙනා ජවිපෙ සමාජවාදී ප‍්‍රතිපත්ති පිළිගන්නේ නෑ. එයාල ඉන්නේ දැන් ජනාධිපති රනිල් ගෙන යන ආකාරයේම ප‍්‍රතිපත්ති ගැන කතා කර කර. ඒ නිසා මේ අය ද්‍රෝහීන් වීමේ ඉඩ කඩ ගොඩක් වැඩියි. නායක අනුරත් දැන ජවිපෙ ප්‍රතිපත්තියට වඩා ජාජබයේ ප්‍රතිපත්ති වෙනුවෙන් මැතිවරණ වේදිකාවේ පෙනී හිටියත් බලය අතට ආවට පස්සේ වෙනස් වෙන්න බැරි නෑ. එයත් අද කියන එක නෙවෙයි හෙට කියන්නේ.
කොහොම වුණත් ජවිපෙ නායක සහෝදරයා, අනුර කුමාර ගිය වර වගේම මෙවරත් ඉන්නේ ජනාධිපති වීමේ සුදානමින්, සිහින ගොඩක් දකිමින්, ඒත් ජවිපෙ ඉතිහාසයෙ ඉඳලා අද වෙනම් වෙන දේවල් අනුව නම් වෙන අමුතු හාස්කමක් වෙන්න විදිහක් නැහැ.
මොකද ජවිපෙ කියන්නේ මොකක්ද කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු අත්දැකීමෙන්ම දන්නවා. ඒක වෙනස් කරන්න බැහැ. වෙන වෙන නම් වලින්, වෙන වෙන පාට වලින්, ජනප‍්‍රිය කතා කියාගෙන ආවට සතා මිනිස්සු අඳුනනවා.
ජවිපෙ රටට මොනවද නොකළේ ?
මේ ජවිපෙ ඉතිහාසය තුළ තෝරපු දේශපාලනය නිසා මේ රටට අහිමි වු සංවර්ධනය මෙපමණයි කියලා කියන්න බැහැ. ඒ තරමට ඒ විශාලයි.
විශේෂයෙන්ම 80 දශකයේ සිට සෑම රජයක්ම ගත්ත ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ට, ක‍්‍රියා මාර්ග වලට, යෝජනා වලට ජවිපෙ දිගින් දිගටම විරුද්ධ වුණා. විවෘත්ත ආර්ථිකයට විරුද්ධ වුණා. නිදහස් වෙළ`දපොල ක‍්‍රමයට විරුද්ධ වුණා, පෞද්ගලික ව්‍යාපාරික අංශයට විරුද්ධ වුණා. නිදහස් වෙළ`ද කලාප කළාප ආරම්භ කිරීමට විරුද්ධ වුණා. ඇ`ගළුම් කම්හල් 200 ව්‍යාපෘතියට විරුද්ධ වුණා. විදේශ ආයෝජකයන්ට විරුද්ධ වුණා. රජයේ ඉඩම් විදේශ ආයෝජකයන්ට බදු දීමට විරුද්ධ වුණා. ආයෝජකයන්ට බදු සහන ආදි වරප‍්‍රසාද දෙන එකට විරුද්ධ වුණා. රාජ්‍ය ව්‍යවසායයන් විදේශ ආයෝජන ඒකාබද්ධ කර දියුණු කරනවාට විරුද්ධ වුණා. රජය සමග ඒකාබද්ධ ව්‍යාපාරයන්ට ආව දේශීය ව්‍යාපාරිකයන්ටත් විරුද්ධ වුණා. වෙනත් රාජ්‍යයන් සමග කළ ද්විපාර්වික බහුපාර්ශ්වික වෙළ`ද ගිවිසුම් වලට විරුද්ධ වුණා. ඉන්දියාව, බටහිර යුරෝපය, අමරිකාව වැන රටවලට අධිරාජ්‍යවාදී චෝදනා එල්ල කරමින් ඒ ගනුදෙනු වලට විරුද්ධ වුණා. රාජ්‍ය සේවයේ දූෂණ අකාර්යක්ෂමතා වලක්වන ප‍්‍රතිසංස්කරණයන්ට, සිස්ටම් හදනවාට විරුද්ධ වුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය වගේ ජාත්‍යන්තර ආයතන එක්ක ගනුදෙනු වලට විරුද්ධ වුණා. රාජ්‍ය නොවන සංවිධානව වල සමාජ සේවා කටයුතුවලට පවා විරුද්ධව වැඩ කළා.
මේ රටේ දැවැන්තම අධ්‍යාපන විප්ලවය විය හැකිව තිබුණු අධ්‍යාපන ධවල පත‍්‍රිකා යෝජනාවලියට මාරාන්තික විරෝධයක් දැක්වුවා. පාසල් සිසුන්ගේ අධ්‍යපනය පවා කඩාකප්පල් කර පාරට ඇද දමමින් විරෝධතා පැවැත්වුවා.
1987 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වෙලා රටම ගිනි තැබුවා, ඉන්දියන් හමුදාව මැදිහත් කර උතුරේ යුද්ධය අවසන් කරන්න ගත්ත උත්සාහයට විරුද්ධ වුණා. ඉන්දියන් හමුදාවට එල්ටීටීඊයත් එක්ක එකතුවෙලා පහර දුන්නා. එල්ටීටීඊය මර්දනයට ආපු ඉන්දියන් හමුදාව රටින් පිටමං කරවන තැනට රට තුළ ඉන්දියානු විරෝධයක් හැදුවා. ඉන්දීය භාණ්ඩ වර්ජනයක් බලහත්කාරයෙන් දියත් කළා. උතුර ප‍්‍රභාකරන්ට-දකුණ ජවිපෙට කියන නොනිල එකඟතාවයෙන් මේ දෙගොල්ලම වැඩ කළා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිව සිටි මේ කාලයේ, ඉන්දියාවේ මැදිහත් වීමෙන් උතුරේ යුද්ධයෙන් අවසන් කිරීමෙන් පසුව මෙරටට ආයෝජන ලබා දී සංවර්ධනය කිරීමේ ජාත්‍යන්තර එක`ගතාවය, ජවිපෙ කැරැලි ගහලා වැලැක්වුවා. ඒ සියළු ආයෝජන ලංකාව දාලා තායිලන්තයට ගියා. තායිලන්තය දියුණු වුණේ ඒ ආයෝජන නිසා.
ජවිපෙ භිෂණය තුළ ආරක්ෂ අංශ සාමාජිකයන්, පොලීසියේ සාමාජිකයන් ගනනාවක් ඝාතනය කළා. ඒ පවුල් වල දරුවන්ගේ ඉඳලා ඝාතනය කළා. එජාප දේශපාලනඥයන්, එජාප පාක්ෂිකයන් හිතවතුන් විශාල පිරිසක් ඝාතනය කළා, ජවිපෙ නියෝගවලට විරුද්ධ වුණා යැයි කියමින් රාජ්‍ය සේවකයන්, භික්ෂුන් වහන්සේලා, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සාමාන්‍ය පුරවැසියන් සිය ගනනක් ඝාතනය කරලා දැම්මා. බැංකු කොල්ල කෑවා. සමූපාකාර කොල්ල කෑවා. රාජ්‍ය දේපොළ විනාශ කළා, විදුලි බලාගාර විනාශ කළා. එල්ටීටීඊයට කලින් මහනුවර දළදා මාලිගාවට, සපුගස්කන්ද පිරිපහදුවට බෝම්බ ගැහුවේ ජවිපෙ. ඒ අතර විජේවීර වගේම නිර්ප‍්‍රභූ පවුලකින් දේශපාලනයට ආපු පොදුජන හිතවතා ලෙස ජනප‍්‍රියව සිටි ආර්.පේරමදාස ජනාධිපතිව ඝාතනය කරන්නත් උත්සහ කළා.
පළාත් සභා ක‍්‍රමය හරහා බලය බෙදා හැරලා ජනවාර්ගික ගැටළුව විසඳන්න ගත් සියළු උත්සාහයන්ට විරුද්ධ වුණා. බලය බෙදා හැරීමට පක්ෂව සිටි විජය කුමාරණතුංග ඇතුළු වාමාංශික දේශපාලනඥයන් සෑහෙන පිරිසක් ඝාතනය කළා.
රටේ ආර්ථික සංවර්ධනයේ විශාල පෙරළියක් විය හැකිව තිබුණු 2003 දී අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩ සටහනට විරුද්ධ වුණා. ඒ යටතේ ජපානය ප‍්‍රමුඛව රටේ සංවර්ධනයට ඩොලර් බිලියන ගනනක ජාත්‍යන්තර ආයෝජන එකගව තිබුණා. ජවිපෙ විරෝධය නිසා ඒ වැඩපිළිවෙලත් අහෝසි වුණා. සුනාමි ව්‍යවසනයෙන් පස්සේ රට නැවත ගොඩනගන්න තිබුණු අවස්ථාවන් පවා ගිලිහිලා ගියේ ජවිපෙ කරපු වැඩ නිසා. සුනාමි සහන මණ්ඩලය අහෝසි කරන්න පෙරමුණ ගත්තේ ජවිපෙ. උතුරේ යුද්ධයට සාමතාමී දේශපාලන විසඳුමක් ගේන්න හදපු හැම මොහොතෙම ඒකට විරුද්ධව රටේ කළඹල ඇති කළා. ඒ වගේම යුද්ධයට යුධ විසඳුමක් ක‍්‍රියාවට නැගීම සිදු වන විටත් ජවිපෙ අවසන් මොහොතේ ඒකත් කඩාකප්පල් කරන්න හැදුවා.
දකුණු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, කොළඹ වරාය නගරය, සාම්පූර් විදුලි බලාගාරය ඇතුළු නව සංවර්ධන වැඩසටහන් සියල්ලටම පාහේ විරුද්ධව වැඩ කළා.
මේ වගේ ජවිපෙ විනාශකාරිත්වයේ තරම තව දිග ලැයිස්තුවකින් පෙන්වන්න පුළුවන්. පාලකයෝ රට සංවර්ධනය කළාට වඩා වැඩි විනාශයක් ජවිපෙ රටට කරලා තියෙනවා. ජවිපෙ ඇතිකළ ම්ලේච්ඡ ප‍්‍රචණ්ඩත්වය වලක්වන්න රජයත් වෙනත් දේශපාලන කණ්ඩායම් විසිනුත් ගත්ත ක‍්‍රියා මාර්ග නිසා රට මහා ඛේදනීය තත්වයකට ඇද වැටුණා. අවසානයේ හැට දහසක පමණ ජීවිත, බිලියන සිය ගනනක දේපොළ විනාශ වෙලා, රටේ ආර්ථිකයටත් මරු පහරක් එල්ල වුණා. 87-89 ආර්ථික දත්ත පරික්ෂා කරනකොට මේ කඩා වැටීම හොඳටම පෙනෙන්න තියෙනවා. 1977 සිට සියයට 5 ක පමණ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වාගෙන ආවා. 87 දී ඒක 88 දී 2.7 ට, 89 දී 2.3ට සීමා වුණා. කැරැල්ල මර්දනයෙන් පස්සේ නැවත 6.2 ට වර්ධනය වීමෙන් ජවිපෙ භීෂණය ආර්ථිකය කළ බලපෑමේ තරම තේරුම් ගනන් පුළුවන්. 2001 දී හැර උතුරේ යුද්ධය තිබුණත් මෙහෙම රටේ ආර්ථිකය ඒ කාලය තුළ කඩා වැටුණේ නෑ.
සංවර්ධනයේ ප්‍රතිලාබ ජවිපෙටත්
නිදහසෙන් පස්සේ පාලකයන් රට සංවර්ධනය කළේ නෑ කියන ජවිපෙ නායක අනුර කුමාරගේ උපන් ගම වෙන තඹුත්තේගම මිනිස්සුන්ට ඉඩම් අයිතිය දීලා දෙපයින් නැගී සිටින්න උදව් කළේ ජේ.ආර්.ජයවර්ධන පාලන කාලයේදී. ජයගඟ සංවර්ධනය කළේ ඒ කාලයේය. තඹුත්තේගමට හරියට මහා මාර්ග, පාලම් ටික හැදුනේ මීට අවුරුදු දහයකටත් පෙර මහින්ද රාජපක්ෂ පාලන කාලයේය. හැබැයි මේවා ජවිපෙ කියන්නෙ නෑ. අනුරට නොමිලයේ පාසල් අධ්‍යාපනය ලබන්න, විශ්ව විද්‍යාලයට ගිහින් උපාධිය ගන්න, නිදහසේ දේශපාලනය කරන්න, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙක්, කැබිනට් ඇමැති කෙනෙක් වෙන්න, ජනතා බදු මුදලින් වරප‍්‍රසාද බුක්ති විඳින්න අවස්ථාව ලැබුණෙත් මේ රටේ පාලකයන් ඒ තරමට රට දියුණු කරලා තිබුණු නිසා. ඒකවත් පිළිනොගන්නේ කුහකකම නිසාද, සමාජය ගැන තියෙන වෛරයක් නිසාද අපි දන්නේ නැහැ.
ජවිපෙ 76 වසරක් මුළුල්ලේ පාලකයන් මේ රට සංවර්ධනය කළේ නැතැයි චෝදනා කළද ජවිපෙ පක්ෂයක් විදිහටත් එම පක්ෂ නායකයන් සහ සාමාජික හිතවතුනුත් මෙරට සංවර්ධනයෙන් නෙලා ගත් අති විශාල අස්වැන්නක් තියෙනවා. මේවා උදාහරණ සහිතව දිගුවට කතා කරන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් අද ජවිපෙ නායකත්වය බුක්ති විඳින සුඛෝපභෝගී ජීවිතය ඔවුන්ට ලැබෙන්නේ මේ රටේ මෙතෙක් සිදුව ඇති සංවර්ධනය නිසාය. තමන්ගේ දූ පුතුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන්න මෙරට ඉහළ වැටුප් සහිත රැකියා කරන්න, දේපොළ හිමියන් වෙන්න, ව්‍යාපාරිකයන් වෙන්න හැකි වන්නේ රටේ සංවර්ධනයට පින් සිදු වන්නය. මන්ත්‍රීවරු ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් හා වාහන සහ තවත් වරප්‍රසාද ලබමින් ජවිපෙ සාමාජිකයන් සිය ගනනක් අද හොඳ ජීවිත ගතකරන්නේ 76 වසරක් සංවර්ධනයේ ප්‍රතිලාබ ලෙසය.
රුපියල් බිලයන ගනනක් වැය කරමින් දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් කරන්න තරම් පක්ෂයට අරමුදල් එකතු වන්නේ මේ රටේ ජවිපෙ පාක්ෂික හිතවතුන් එවැනි විශාල පරිත්‍යාග කරන්න තරම්, ධනවතුන් වී ඇති නිසාය. ඒ මේ රටේ සංවර්ධනයේ ප්‍රතිලාභයන් ඔවුන් බුක්ති විඳින නිසාය.
කොටින්ම අද ජවිපෙ දේශපාලනය මුළුමනින්ම රඳා පවතින්නේ මේ රටේ සංවර්ධනය මතය.
ඒවා කොහොම වුණත් ජවිපෙ රටට කළේම විනාශයම පමණයි. ඒ නිසා අද 76 අවුරුද්දක් පාලකයෝ මොනවද කළේ කියලා අහනකොට ජවිපෙ මොනවද කළේ ? කියලා අහන්න ජනතාවට අයිතියක් තියෙනවා. හැබැයි ඒවට ජවිපෙ අනුරලාට උත්තර නැහැ. තමන් කරපු තියපු දේවල් නිසා 60,000කගේ ජීවිත නැති වුණාම ජවිපෙ කියන්නේ ඒකට සොරි කියලා. වගකීමක් ගන් නෑ. ඒකට වන්දි ගෙවන්න සූදානම් නෑ. නැවත එවැනි වැරදි නොවෙන්න වැඩ කරන්නේ නැහැ.
ජවිපෙ ගාළු මුවදොර අරගල කාලයේදිත් රට ආරාජික කරලා විනාශ වෙන තැනට පත් කරන්න විශාල උත්සාහයක් ගත්තා. එදා අර්බුද මොහොතේ රට බාරගන්න සූදානම් වුණේ නැහැ. ඒ අභියෝගය බාර නොගෙන හැංගුණා. රට නැවත ගොඩදාන්න විසඳුමක් යෝජනා කළෙත් නැහැ. රට ගොඩදාන අභියෝගය බය නැතිව බාරගත්ත රනිල් වික‍්‍රමසිංහගේ පාලනයටත් විරුද්ධව දිගටම අන්චි ඇද්දා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගන්න එක වලක්වන්න වැඩ වර්ජන, උද්ඝෝෂණ, පෙළපාලි කළා. රජය ගත්ත ආර්ථික දේශපාලනික ප‍්‍රතිසංස්කරණ යෝජනා සියල්ලටම විරුද්ධ වුණා. ත‍්‍රස්ත විරෝධී පනත, දූෂණ විරෝධී පනත, සමාජමාධ්‍ය පනත වගේ රටෙත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ආපු අණ පනත් සියල්ලට විරුද්ධ වුණා. සංචාරක කර්මාන්තය අඩ පණ කරන්න රට තුළ භීෂණකාරී වාතාවරණයක් පෙන්වලා සංචාරක පැමිණීම වලක්වන්න හැදුවා. විදේශ ආයෝජන සියල්ලමට විරුද්ධ වුණා. රාජ්‍ය සේවයේ පාඩු ලැබීම වලක්වලා කාර්යක්ෂම කරන්න ගෙන ආපු ප‍්‍රතිසංස්කරණයන්ට විරුද්ධ වුණා. විදේශගත ශ‍්‍රමිකයන්ට රටට මුදල් එවන්න එපා කියලා කිව්වා. රටේ නැති බොරු කියමින් පුරවැසි ජනතාව නොමග යැව්වා.
හැබැයි දැන් රට හදන්න ජවිපෙ මාලිමාවට බාර දෙන්නලූ. නරියන්ට කුකුල්ලූ බාර දෙනවා වගේ වැඩක් මිසක් වෙන දෙයක් නෙවෙයි මේකෙන් වෙන්නේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැ. ජවිපෙ අතීතයත් වර්ථමානයත් අතර සිද්ද වුණු දේවල් වලින් මේ රටේ මිනිස්සු ඉගෙන ගත්ත පාඩම් දැන් අමතක වෙලා නැහැ. ජවිපෙ කියන්නෙම අලංකාර සළුපිළි වලින් සැරසිලා වෙස් වලාගෙන එන මහා අනතුරක් විනාශයක්. මේ ත‍්‍රාඩ මතවාදයන් කරපින්නාගෙන එක කවුරු වුණත් රටට කරලා තියෙන්නේ, නැවත කරන්නෙත් හානියක්. සමාජවාදය, ජාතිකවාදය වගේ මතවාද රටවල් දියුණු කරන්න තියෙන දේවල් නෙවෙයි. ඉතිහාසය පුරාම ඒවා ඔප්පු කළේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කිරීම විතරයි.
රටේ සංවර්ධන ගමන අඩාල වුණේම මේ මතවාද කරගහගෙන ගිය දේශපාලන ආර්ථික ක‍්‍රමෝපායන් නිසා. රට හැම වෙලාවෙම ගොඩ ගත්තේ දක්ෂිණාංශක ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ආර්ථික ක‍්‍රමෝපාය තෝරගත්ත කණ්ඩායම්. මේ 76 වසරක ඉතිහාසය තුළ ඒක පෙන්වලා තියෙනවා.
76 වසරක කතාව පැහැදිලියි.
දැන් මේ රටට ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියන එක පැහැදිලියිනේ. කවුද රටේ සංවර්ධනය වෙනුවෙන් දෙයක් කළේ, කවුද රටට හානි කරමින් සංවර්ධනය වැළැක්වුවේ කියන එකත් පැහැදිලියි.
රටෙත් පුරවැසි අපෙත් අනාගත පරපුරෙත් වාසනාවකට අවුරුදු 76 ක් තිස්සේ මොන දුෂ්කරතා බාධක කඩාකප්පල් කිරීම් කොතෙකුත් තිබුණත් රට කොහොම හරි ඉදිරියට ආවා.. සංවර්ධනයේ පල නෙලාගෙන තියෙනවා. අපි ජනතාව විදිහට ඒවා අද බුක්ති විඳිනවා.
දැන් තියෙන්නේ තවත් වේගයෙන් ඉදිරියට යන්න ඕන ගමනක්. අතපසු වුණ මග හැරුණු, කරන්න ඉඩ නොලැබුණ සියල්ල සම්පුර්ණ කරගෙන යන්න ඕන,
හැබැයි එක වෙන්න ඕන මේ ගමන වලක්වන්න වැඩ කරපු අය එක්ක ද? කොහොම හරි රට ඉදිරියට ඇදගෙන යන්න උත්සහ කරපු අයත් එක්කද? කියන එක අපි තීරණය කරන්න ඕන. රටට අවශ්‍ය නිවැරදිම නායකත්වය දෙන්නේ කවුද කියන එක තීරණය කරන්න ඕන. ඒ වෙනුවෙන් නිවැරදිම අනාගත දැක්මක්, ප‍්‍රතිපත්තියක්, සැලසුමක්, වැඩපිළිවෙලක් තියෙන නායකත්වය තෝරගන්න ඕන. කයිවාරු නැතිව වැඩ කරලා පෙන්වලා තියෙන, රටට පුරවැසි අපිට වගකියන විශ්වාසනීය පළපුරුදු නායකයෙක් රටට ඉන්න ඕන. ජාත්‍යන්තරව පිළිගන්න, ජාත්‍යන්තරයත් එක්ක හරි හරියට රාජ්‍ය තාන්ත‍්‍රිකව මැදිහත් වීමක් කරන්න පුළුවවන් නායකයෙක් ඕන. අභියෝග බාරගන්න, බය නැති, දැඩි තීන්දු ගන්න නායකයෙක් ඉන්න ඕන.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 03 හෙට සිට)
1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2 කොටස - වැරැද්ද කළේ කවුද ?
3 කොටස - අලුත් රටක පදනම
4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම
6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය
7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම
8 කොටස - 1977 මහා යුග පෙරළිය
9 කොටස - චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල්
10 කොටස - 2015 යහපාලන ගමන අවසන් වීම
11 කොටස - සංවර්ධනයේ ජවිපෙ සාධකය