2015 වසරේ මහ මැතිවරණයේදී නැවත රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වන අතර ඔහු ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් රැසකට මුල පිරුවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමත් සිදු කර තිබුණා.
රාජ්‍ය මුල්‍ය ආදායම් ශක්තිමත් කිරීම, මුල්‍ය කළමණාකරණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීම, වෙළඳපොළ සහ ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ කිරීම, විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම, පෞද්ගලික අංශයේ තරගකාරිත්වය වැඩි දියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවය සහිත ව්‍යාපාරකරණය, ආදි පියවරයන් ගෙන තිබුණා.
ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, නවෝත්පාදනය සහ නව ව්‍යවසායකත්වයන් ගොඩනැගීම, පුරවැසි ඉඩම් අයිතිය තහවුරු කිරීම, ශක්තිමත් මධ්‍යම පංතියක් බිහි කිරීම යනාදීද දිගුකාලීන වැඩපිළිවෙල ලෙස තිබුණා. ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් සහ බහුපාර්වික නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීම සඳහා පියවරයන් ගනනාවක් ගැනීමද සිදුවුණා.
නාගරික සංවර්ධනය, ඩිජිටල් ආර්ථික, සංචාරක කර්මාන්තය, වානිජ්‍ය කෘෂිකර්මාන්තය වර්ධනය කිරීමට පියවරයන් ගැනුනා. දේශගුණික ව්‍යපර්යාස වලින් විය හැකි හානිය අවම කර ගැනීම වෙනුවෙන්ද විශේෂ ක‍්‍රියාමාර්ග රැසකට මුල පිරීමත් මේ වකවානුවේ සිදු වුණා.
මෙරටට ඩොලර් මිලියන 2367 ක වැඩිම විදේශ ආයෝජන ප‍්‍රමාණයක් ලැබුණේ ද 2018 වසරේදීය. ඉදිකිරීම් සහ සංචාරක ක්ෂේත‍්‍රයේ විශාල වර්ධනයක් සිදුවිය. අපනයන විවිධාංගීකරණය නිසා ඇගළුම් තේ රබර් ප‍්‍රධාන ක්ෂේත‍්‍රවලට බාහිරව වෙනත් ක්ෂේත‍්‍රවල ආදායම් ඉහළ යෑමක් සිදු වුණා.
ඒ වන විට ලංකාව ගෝලීය වශයෙන් 6 වැනි විශාලතම ස්වභාවික රබර් නිශ්පාදකයාය. ලොව විශාලතම ඝන ටයර් නිශ්පාදකයාද වෙයි. ලෝක ඉල්ලූමෙන් වැඩිම ප‍්‍රමාණය එනම් සියයට 25 ක් සපයයි.
ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 4000 ඉක්මවා යමින් ඉහළ මැදි ආදායම් සහිත රටත් බවට පත්වීමත් මේ කාලය තුළ සිදු වුණා. එසේම රජයේ ආදායම් වියදම් පාලනය කරමින් දශක ගනනාවකට පසු ප්‍රාථමික ගිණුමේ ඉතිරියක් වාර්තා කිරීමත් සිදු වුණා.
මෙරටට විදේශ සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණීමද වාර්තා වුයේ 2018 වසරේදීය. ලංකාවේ වාර්තා වූ වැඩිම විදෙස් සංචිත ප්‍රමාණය 2019 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 9.9 ක් ලෙස වාර්තා කළා.
මෙලෙස රටේ ආර්ථිකය අර්බුදයක් කරා යෑමට තිබු අනතුරුදායක තත්වයන් නිවැරදිව කළමනාකරණය කරගනිමින් අනාගත සංවර්ධනය සඳහා පියවරයන් ගනිමින් තිබුණා. ඉතිහාසයේ මෙරටට ගෙවීමට තිබු විශාලම ණය වාරික කිහිපය මෙම කාල වකවානුවේදී ගෙවීමට සිදුව තිබීම අභියෝගයක්ව පැවැතුණා.
එම ණය ගෙවීම් වෙනුවෙන් නැවත ණය ගැනීමට සිදු වීම පසු කාලීනව මෙරට ණය ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතුවක් වුවත් ඒ මොහොතේ දී වෙනත් විකල්පය තිබුණේ නැහැ. නමුත් නැවත ණය ගෙවීම් වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් අනුව රජය ක්‍රියාත්මක වුණා. ඒ අතරේදී රටේ දේශපාලනිකව පැන නැගුණු බල අරගල වැනි ගැටලු, පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි සාධක නිසා ඉලක්කයන් සපුරාගැනීම පහසු වූයේ නැහැ.
ආර්ථික සහ දේශපාලනික ක්ෂේතුය තුළ රජය ගත් සාධනීය පියවරයන් ගනනාවකට දිගින් දිගටම ජවිපෙ සහ විපක්ෂ කොටස්වල විශාල විරෝධයන් එල්ල වී තිබීම රට ඉලක්ක කළ ගමන යෑම වැලැකුණා. පදනම් විරහිත චෝදනා රැසක් එල්ල කළා. රටට අත්‍යාවශ්‍ය වූ බදු ප‍්‍රතිසංස්කරණය, විදේශ ආයෝජන කැඳවීම, ආදිය රජය සිදුකළ නමුත් එයට විරුද්ධව වැඩවර්ජන උද්ඝෝෂණ කරමින් රට අකර්මන්‍ය කරන තැනට වැඩ සිද්ධ වුණා. ද්වි පාර්ශ්වි ගිවිසුම් ගනනාවක්ට විරුද්ධ වුණා. අමරිකානු රජයෙන් ලැබීමට නියමිත වූ එම්සීසී ප‍්‍රදානය වැලැක්වීමට ජවිපෙ ප‍්‍රමුඛ වාම ජාතිකවාදීන් කටයුතු කළා. ඒ මෙරටට හිමි වූවා නම් මෙරට මහාමාර්ග ප‍්‍රවාහන පද්ධතියේ සංවර්ධනයක්, ඉඩම් ප‍්‍රතිසංස්කරණය, කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා බහු අංශික සංවර්ධනයක් සහිත විශේෂ ආර්ථික කොරිඩෝවක් බිහිවීම සිදු වෙන්න නියමිත වුණා. ජපන් රජයේ අනුග‍්‍රහයෙන් ලැබුණු සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අකුලා ගන්නා තෙක්ම ජවිපෙ සමඟ ජාතිකවාදීන් උද්ඝෝෂණය කළා.
2015 න් පසුව රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ගත් හොඳම පියවරයන් රැසක් කඩාකප්පල් කිරීමට මේ වකවානුව තුදී ජවිපෙ සහ වාම ජාතිකවාදී කොටස් කළ මැදහත් වීම නොවන්න, 2019 න් පසුව රට බංකොලොත් තැනට ඇද වැටෙන්නෙ නැහැ.
යළි ජාතිකවාදයට
2019 දී ගෝඨභය රාජපක්ෂ බලයට පැමිණෙන්න යොදාගත්තේ ජවිපෙ සහ වාම ජාතිකවාදීන් වැපිරූ ජනප‍්‍රිය පටු මතවාදයන්. මේ තත්වයන් තුළ ගෝඨාභය පාලනයටත් වැලැක්විය නොහැකි ලෙසම රාජ්‍යය පවත්වාගෙන යෑමට සිදු වුණේ මේ පටු වුවමණාවන් වලට සිර වෙලා. බදු ලිහිල් කිරීම්, දේශීය නිශ්පාදන ආර්ථිකයන් වෙනුවෙන් ආනයන සීමා කිරීම්, රසායනික පොහොර තහනම වැනි ක්‍රියා මාර්ග නිසා කෙටි කලකින්ම රාජ්‍යය කඩන් වැටෙන එක අනිවාර්ය තත්වයක් වුණා. ඒ අතර කොවිඩ් වසංගත තත්වයේ බලපෑම බරපතල වීම තවදුරටත් ආර්ථිකයට හානි දායක වුණා. රාජ්‍ය ආදායම් අවම වීම, විදේශ විනිමය ආදායම් අවම වීම මත රජයේ පැවැත්ම දුර්වල වුණා.
මේ ගෝඨා පාලන කාලය තුළ ක්‍රියාවට නැඟුනු ජනතා විමුක්ති පෙරමුණේ සහ අනෙක් වාමාංශික සහ ජාතිකවාදී මතවාදයන්ට රටකට කළ හැකි හානියේ තරම කෙතරම්ද යන්න මේ කාලය තුළ පැහැදිලිව පෙන්නුවා. තවත් ඒවා ගැන අත්හදා බලන්න දේවල් ඉතුරු කරලා නැහැ.
2015 -19 පැවැති පාලන කාලය තුළ ක‍්‍රීයාත්මක කරමින් පැමිණි ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් සහ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම තවදුරටත් සිදු වූවා නම්, ගෝඨාභය පාලන සමයේ රට කිසිසේත්ම අර්බුදයකට මුහුණ දෙන්නේ නැහැ.
කොහොම නමුත් නිදහසෙන් පසුව බාධක පීඩාවන් රැසක් සමග සංවර්ධනය වෙමින් පැවැති රටට 2022 වසරේදී බංකොලොත් බව ප‍්‍රකාශයට පත්කරන්නට වීම, මෙතුවක් පැමිණි සංවර්ධන ගමනට ඉතිහාසයේ එල්ල වූ විශාලම හානියයි. රට වසර ගනනාවකින් පසුපසට ඇද දැමීම සිදු වුණා. යළි අඩුම තරමින් 2018 වසරේ පැවැති තත්වයන්ට පැමිණීමටත් තව වසර ගනනාවක් නිවැරදි ප්‍රතිපත්ති සමඟ දැඩි අධිෂ්ඨානයකින් යන්න වෙනවා.
ගෝඨා පාලන යුගය ජනතා අරගල මධ්‍යයේ අවසන්ව යළි රනිල් වික්‍රමසිංහ වෙත බලය හුවමාරු වීම රට තවදුරටත් කඩා වැටීම අවසන් කරන්න සමත් වුණා. නව ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සමඟ ජනප්‍රිය නොවන තීන්දු තීරණ සමඟ දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟමින් ජනාධිපති රනිල්ට රට යළි ස්ථාවර කිරීමට හැකි වුණා. මෙහිදී ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලැබීම ලැබීමත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමටත් හැකිවීම රටේ සථාවරත්වයට තීරණාත්මක සාධකයක් වුණා.
යළි රට ගොඩගැනීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගත් දුෂ්කර ව්‍යායාමයේ යහපත් ප‍්‍රතිපළ අද දකින්නට තියෙනවා. රට බංකොලොත්භාවයෙන් ගොඩට අරන් අවසන්. දැන් ඉදිරි සංවර්ධන ගමනට සූදානම් වීමක් තියෙන්නේ.
අලුත් යුගයකට මුලපිරීම
කොහොම වුණත් 1948 අවුරුද්දේ රට තිබුණ දේශපාලනික ආර්ථික සහ සාමාජීය තත්වය එක්ක බලන විට අද තියෙන රට එදාට වඩා කෙතරම් විශාල සංවර්ධන තත්වයකද කියන එක පැහැදිලි දෙයක්. මේවා නිකම් වුණේ නැහැ. නිදහසෙන් පසුව රාජ්‍ය බලය ගත්ත හැම ආණ්ඩුවක්ම කවර මට්ටමකින් හෝ මේ තැනට රට ගෙන ඒම වෙනුවෙන් දායක වෙලා තියෙනවා. එදා ඉදන් මේ රටේ ජීවත් වුණු මිනිස්සුත් මේවාට පුළුපුළුවන් විදිහට දායක වුණා.
ඒත් අපේ ජීවිත එදාට වඩා පහසු වුණාට, රටේ ආදායම් වැඩි වුණාට, පුද්ගල ආදායම් වැඩි වුණාට, රට සංවර්ධනය වුණාට, අද තත්වයන් එදාට වඩා සෑහෙන සංකීර්ණයි. ඒ නිසා රජයකට කරන්න සිදුවෙන වැඩ කන්දරාව නිදහස ලැබුණු කාලය දී තරම් පහසු නැහැ. එදාට වඩා පුළුල් වපසරියක වැඩ කරන්න වෙලා තියෙනවා. අනාගත සංවර්ධන ඉලක්ක තියාගෙන වැඩ කරන්න වෙන්වා. ඒ අතර ලෝකය මුහුණ දෙන ආර්ථික ගැටලු සහ භූ - දේශපාලනික බලපෑමත් දරාගැනීම ලෙහෙසි නැහැ.
ඒ නිසා අද රටක් පාලනය කරනවා කියන එක කයිවාරුගහල කරන්න බැහැ. ජනප‍්‍රිය කතා වලින් ඒක කරන්න බැහැ. මැතිවරණ වේදිකා වල අරවා කරනවා මේවා කරනවා කිව්වට කරන්න බැහැ. 76 අවුරුද්දක් තිස්සේ නොකෙරුවාය කියන ඒවා කරන්න පොරොන්දු වුණාට එහෙම ඒ දේවල් පහසුවෙන් කරන්න බැහැ. අඩුම තරමින් වැරදුනු දේ මොකක්ද කියන එක ගැනවත් දැනගෙන ඉන්න ඔ්න.
ඒකට දේශපාලන ආර්ථික විෂය ගැන පරිචයක්, ලෝකය ගැන පැතුරුණු දැනුමක් අවබෝධයක්, දේශපාලන අත්දැකීම්, ඉහළ රාජ්‍ය තාන්ත‍්‍රිකභාවයක්, දියුණු නායකත්ව හැකියාවක්, වගේ ගොඩක් දේවල් වලින් රාජ්‍ය නායකයා සහ ආණ්ඩුව සම්පූර්ණ වෙන්න ඕන. රටට ගැලපෙන ලෝකයට ගැලපෙන ප‍්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල තියෙන්න ඕන. විශේෂයෙන්ම අනාගතයේ වෙන්නේ මොකක්ද කියන දැනුම තියෙන්න ඕන. අනාගත අවදානම් කළමණාකරණය ගැන සූදානම තියෙන්න ඕන.
කොහොම වුණත් නිදහසෙන් පස්සේ හැම ආණ්ඩුවක්ම හරි හෝ වැරදි හෝ වේවා රට අර්බුදයන්ගෙන් මුදවාගෙන, සංවර්ධන දිශාවට ගමන් කරන්න පියවරයන් ගනනාවක් ගත්තා කියන එක කියන්න වෙනවා. කිසිම ආණ්ඩුවක් හිතා මතා රට විනාශ කරන්න කටයුතු කරල නැහැ. ඒත් දුර දිග නොබලා ගත්තු වැරදි ප‍්‍රතිපත්ති තීරණ නිසා කඩා වැටීම් සිදු වුණා. ඒත් වැදගත්ම දේ ඒ හැම මොහොතකම නැවත වැටුණු තැනින් නැගිටලා වැරදි නිවැරදි කරගෙන ආපහු ඉදිරියට ගමන් කරන්න රට සමත් වෙලා තියෙනවා. ඒත් ප‍්‍රමාද වීම් වුණා. පාඩු සිදු වුණා, වේදනා වින්ඳා, බොහෝ දේවල් මඟ හැරුණා. දැන් තියෙන්නේ ඒ අඩුපාඩුකම් නිවැරදි කරගෙන අලුත් යුගයකට පියවර තබන එක.
ඒත් මේ වැරදි අඩුපාඩුකම් මොනවද කියලා දැනගෙන යන්න ඔ්න. නැතිනම් නැවත වරද්දා ගැනීම් සිදු වීම වැලැක්විය නොහැකියි. ඒ එක්කම හිතා මතා රටට හානි කළ අය ගැනත් කතා කරන්න ඔ්න.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 05 හෙට සිට)
1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2 කොටස - වැරැද්ද කළේ කවුද ?
3 කොටස - අලුත් රටක පදනම
4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම
6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය
7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම
8 කොටස - 1977 මහා යුග පෙරළිය
9 කොටස - චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල්