ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය ලබන සතියේ, 2024 සැප්තැම්බර් 21 වන දින, පැවැත්වීමට නියමිතය. තරඟ වදින අපේක්ෂකයින් තිස් අට දෙනා අතරින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජාතික ජන බලවේගයේ) නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අපේක්ෂකයින් ලෙස සැලකේ

ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

වැලිගම හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර පොලිසිය විසින් තරුණයින් 25ක් අත්අඩංගුව ගෙන තිබේ.

2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගි විය.

ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.

තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්ථා වෙයි.

වර්තමානයේ පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Connet With Us