ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පැවසීය. 

නිදහසෙන් පස්සේ ගෙවුණ අවුරුදු 76 තුල කෙරුවේ මොනවද එ්වායෙ ප්‍රතිපල මොනවද කියන එක පැහැදිලියි. මේක අවුරුදු 76 ක සාපයක් කියල ජනතා විමුක්ති පෙරමුණ කරන චෝදනාවේ පදනමක් නැහැ.

වෙනත් යල කන්නවල දී මෙන් නොව, 2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කරයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

''ජනපති අපේක්ෂකයන් හත් දෙනෙකුට 'දෙරණ විශේෂ 360' වැඩසටහන බැගින් ලබාදෙනු ලැබුවේ අප අනුගමනය කරන සමබිම ප්‍රතිපත්තියට අනුකූලවය.

Connet With Us