පොරොන්දු පරිදි ජවිපෙන් විශේෂ කොමිසමක්. 88/89 සිට ජවිපෙට එරෙහිවූවන්ට වැඩ වරදින ලකුණු Featured

Published in පුවත්
Wednesday, 18 September 2024 21:58

ජවිපෙට එරෙහිව පසුගිය දශක තුනක කාලයක් පුරා සිදු වූ ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වගකිව යුත්තන්, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් සෙවීම සඳහා විශේෂ කොමිසම් සභාවක් පත් කිරීමට ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් පසුගිය දා තීරණය කරන ලදී.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ග්‍රාමීය මට්ටමින් පිහිටුවනු ලබන ජවිපෙ කොට්ඨාශ සභා විසින් ග්‍රාමීයව පසුගිය දශක තුනක කාලයේ ජවිපෙට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ලද පුද්ගලයින් සහ සංවිධාන පිළිබඳව සෙවීම සිදුකරනු ලබන අතර, කොට්ඨාශ සභා මගින් යොමු කරන එම පැමිණිලි ජාතික මට්ටමින් විභාග කිරීම සඳහා මෙම විශේෂ කොමිසම කටයුතු කරනු ලබන බවය.

එයින් වැරදිකරුවන් වන අයට දඬුවම් පැමිණවීම සඳහා විශේෂ අධිකරණ බලයක් සහිතව පිහිටුවනු ලබන මෙම කොමිසම, අධිකරණ සංවිධාන පනතට ගෙන එන සංශෝධනයක් මගින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විගසම අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් රටට දැනුම් දීම කළ යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගියදා ඒකමතිකව තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජවිපෙ මෙම තීරණය හදිස්සියේ ගන්නා ලද තීරණයක් නොවන බවත් ජවිපෙ 1994 දී නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසුනු සමයේදීම සිය අසහාය විප්ලවවාදී නායක රෝහණ විජේවීර සහ දිවිපිදූ සියළු සටන් සගයන්ගේ ඝාතනය ගැන සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම සඳහා තමන්ගේ පාලනයකදී කොමිසමක් පත් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර ඇති බවත් මේ පිළිබඳව තොරතුරු අණාවරණය කළ ජවිපෙ තොරතුරු මාර්ග සඳහන් කරයි.

එවකට රෝහණ විජේවීර ඝාතනය ගැන සෙවීමට ජවිපෙ උනන්දුවක් නොදැක්වීම ගැන, ජවිපෙන් විවිධ පාර්ශ්ව කළ ප්‍රශ්න කිරීම වලට පිළිතුරු ලෙස ජවිපෙ පවසා සිටියේ දූෂිත මිනීිමරු ධනපති ආණ්ඩු පත් කරන කොමිසම් වලින් යුක්තිය සාධාරණය බලාපොරොත්තු විය නොහැකි බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us